ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීම දෙසැම්බර් 15 දක්වා දෙසතියකට කල්දැමීමට තීරණය තීරණය කර ඇතැයි වාර්තාවේ.


නව Omicron ප්‍රභේදයේ බලපෑම සමාලෝචනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අද ජාතික ආරක්ෂක කමිටු රැස්වීමක් පැවැත්වූ අතර ඉන් අනතුරුව ඉදිරි පැය 48 තුළ ජාතික කැබිනට් රැස්වීමක් ද පවත්වනු ලැබිය. එහිදී මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙසැම්බර් 01 සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ට, නිපුණතා සංක්‍රමණිකයින්ට මෙන්ම තාවකාලික වීසා හිමියන්ට ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීමට මිට ඉහතදී තීරණය කර තිබිණ.

දකුණු අප්‍රිකාවේ සිට සිඩ්නි නුවරට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු හට නව Omicron ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව, අප්‍රිකාව ආශ්‍රිත රටවල් නවයක ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන අයට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් තාවකාලිකව තහනම් කර තිබේ.

සංචාරක සීමා කිරීම් පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය පරිදි ක්‍රියා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.


දරුණු ප්‍රතිවිපාක අත්වීමේ අවදානමක් - WHO අනතුරු අඟවයි


දැඩි විකෘතිතාවයකින් යුත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොවපුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවත් ඇතැම් රටවලට ඉන් දරුණු ප්‍රතිවිපාක අත්වීමේ අවදානම ඉතා ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කර තිබේ.

ඇතිවිය හැකි අවදානම් සහිත තත්ත්වයට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ කමිටුව විසින් සිය සමාජික රටවල් 194 සඳහා තාක්ෂණික උපදෙස් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉහළ අවදානම් කාණ්ඩයේ පසුවන පුද්ගලයින්ට එන්නත් ලබාදීම වේගවත් කරන ලෙසත්, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සඳහා වූ සැලසුම් ක්‍රියාත්මක කරන ලෙසයි.

“ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සතුව පෙර නොවූ විරූ ආකාරයේ විකෘතිතා සංඛ්‍යාවක් පෙන්නුම් කරනු ලබන බවත් සමහර විකෘතිතා වසංගතයේ ගමන් පථයට ඇති විය හැකි බලපෑම ගැන සැලකිලිමත් වන බව” ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව සඳහන් කරයි.

ඔමික්‍රොන් නව ප්‍රභේදයත් සමග සමස්ත ගෝලීය අවදානම ඉතා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව සඳහන් කර සිටියි.

ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග එහි හැසිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කිරීමට ඉදිරියේදී අවබෝධ කර ගත හැක්කේ ඉදිරියේදී ලැබෙන දත්ත අනුව බවඑම සංවිධානය පවසයි.



Update on Omicron


THE  LEADER  TV



අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන

 

 

සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන

 



සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්