ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවේ වැඩවලට එකඟ නොවන්නේ නම් ඉවත් වියයුතු බවත්, ඔවුන් සියලු දෙවල් ලබාගනිමින් රජය විවේචනය කරනවා නම්

බුද්ධිමත් ජවනතාවට හිතන්න දෙයක් තිබෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ඊයේ (29) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රජයේ සිටිනවා නම් සහයෝග දියයුතු බව කී නීතිඥා සාගර කාරියවසම්, විරුද්ධව කථා කරනවා නම් එය සන්ධානයක නොවිය යුතු දෙයක් බව ද සඳහන් කළේය.

මේ අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බොරදියේ මාළු බානවා වගේ දෙයක් කරගෙන යන බවත් කාබනික පොහොර ව්‍යාපෘතිය සාර්ථක වුණා නම් සිරිසේන ජනාධිපති මුලින්ම එළියට බැහැලා ඕක මුලින්ම පටන්ගත්තේ මම, මගේ කාළේ තමයි මූලික අඩිතාලම දැම්මේ ඒ නිසා ඕකෙ ගෞරවය එන්න ඕන මටයි කියන බවත් කාරියවසම් වැඩි දුරටත් කීය.


'ආණ්ඩුව දාල යන්නේ නැහැ' - දයාසිරි සහතිකවෙයි


මෙසේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ප්‍රධානින්, ඇමතිවරු සහ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂට ආණ්ඩුවෙන් ඉවත්ව යන ලෙස දිගින් දිගටම ප්‍රසිද්ධියේම අභියෝග කරද්දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර පවසන්නේ, තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව යාමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

යම් යම් විවේචන තිබුණද ආණ්ඩුව සමගම දිගටම කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

විවිධ පුද්ගලයන් නොයෙක් විදියේ ප්‍රචාර ගෙන ගියත් ඒවා ගැන කලබල නොවන බව පවසන මහලේකම් දයාසිරි ජයසේකර ආණ්ඩුව සමග දිගටම වැඩ කරගෙන යන බව සහතික කර සිටියි.


THE  LEADER  TV



කුස්සියක් ගානේ පුපුරණ දෙවර්ෂ පූර්ණ මල් වෙඩි ! | මොණරවිලගේ ලියමන 

 



ජනාධිපති උගුලක හිරවෙලා ! | Gossip

 

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්