ලබන දෙසැම්බර් 03 වනදා සිට 05 වනදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05 වන ඉන්දීය සාගර සමුළුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ට ද සහභාගී වීමට නියමිතය.

එමෙන්ම එම සමුළුවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ සිංගප්පුරු  විදේශ කටයුතු අමාත්‍ය වී. බාලක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වනු ඇත.

'පරිසරය, ආර්ථිකය, වසංගතය' මෙවර සමුළුවේ තේමාවයි.

ඉන්දියන් සාගර කලාපයේ දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ තර්ජනයන්ට මුහුණ  දීම කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී වැඩිදුරටත් සාකච්ජා කෙරේ.

රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා, ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා කාලයේ එම ධුරය දරන ලදී. ඔහු ලබන දෙසැම්බර් 05 වනදා සමුළුව ඇමතීමට නියමිතය. 

 

 


 

THE  LEADER  TV


අවි ගත්තෝ අවියෙන්ම නසින ලකුණු ! | මොණරවිලගේ ලියමන
 

 
 
ජනාධිපති නියෝග පයිසෙට වැටෙයි! | The Leader TV
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්