'සිය පුතා අනීතිකව ඝාතනය කිරීම වළක්වන්න' - නීතිඥ සේනක පෙරේරා සහ පොඩි ලැසී ගේ මව දිල්හානි තනෝජා ඒක්සත් ජාතීන් වෙත ලිපි බාරදීමෙන් පසු.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි රඳවා සිටින ජනිත් මධුසංඛ නම් සිය පුත්‍රයාගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඔහුගේ මව වන ඒ.ඒච්. දිල්හානි තනෝජා කොළඹ එක්සත් ජාතීන් හමුවට ගොස් ඊයේ ඉල්ලා සිටියාය.


මෙම අවස්ථාවට ඇය සමඟ එක්ව සිටි 'සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව'ද එක්සත් ජාතීන් වෙත ලිපියක් බාර දී තිබේ.

'සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව' වෙනුවෙන් එහි සභාපති නීතිඥ සේනක පෙරේරා සහ ලේකම් සුදේශ් නන්දිමාල් ඇය සමග එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණ සිටියේය.


23


ජනිත් මධුසංඛ නොහොත් 'පොඩි ලැසී'

 

සිය පුතාට භයානක මරණ අනතුරක් ඇති බව තමන්ට දන්වා ඇතැයි එම ලිපිය මගින් කියා සිටින මධුසංකගේ මව, රජයේ පාර්ශවයන් විසින් පතාල අපරාධරකරුවන් ලෙස හදුන්වන ලද කිහිප දෙනෙකුම පසුගිය කාලයේ අත්අඩංඟුවෙහි දී ඝාතනය කර ඇති බව ද සඳහන් කරයි.

ජනිත් මධුසංඛ යනු 'පොඩි ලැසී' නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධයන්ට සම්බන්ධ යැයි පොලිසිය විසින් චෝදනා කර ඇති පුද්ගලයෙකි.

හික්කඩුව සංචාරක හෝටලයකදී රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා 2015 මාර්තු 23 වනදා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොඩි ලැසී චෝදනා ලබා තිබේ.

 

මෙරට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය වෙත ඉදිරිපත් කර ඇති ඇයගේ ලිපියෙන් කියා සිටින්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හෝ පොලීසියට මේ ගැන කියා සිටීමෙන් පලක් නොවන බව පසුගිය නොවැම්බර් 26 දා  'ටින්කරින් ලසන්ත' ඝාතනය කිරීමේ සිද්ධියෙන් පෙනී යන බවයි.

 

සිය පුතා වන මධුසංඛ වෙත පනවා ඇති රැඳවුම් නියෝගය මෙම මස 16වනදා අවසන් වන බව ඇය එම ලිපියෙහි සඳහන් කරයි.  

අනතුරුව ඔහු කොළඹ අපරාධ විමර්ශන ඒකකයකට මාරු කරන බව තමන්ට දැන ගන්නට ලැබී ඇති බවත් ඉන්පසු ආයුධ පෙන්වීමට ගෙන යන මුවාවෙන් සිය පුතු ඝාතනය කිරීමට ඉඩ ඇති බව තමන්ට දැන ගන්නට ලැබී ඇති බවත් ඇය තවදුරටත් එම ලිපියෙහි සඳහන් කරයි.

පොඩි ලැසී සමග එක්ව සංවිධානාත්මක අපරාධ කළ බවට කියැවෙන දැනට ඩුබායි හි ජීවත් වන කොස්ගොඩ සුජී විසින් පොඩි ලැසී ඝාතන කොන්ත්‍රත්තුවක් දී ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා පළ වී තිබේ. කොස්ගොඩ සුජීගේ සහෝදරියක් බලපිටිය ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණූ මංත්‍රීවරියක් ලෙස තේරී පත්ව සිටින බවද කියැවේ.

පොඩි ලැසී ගේ මව විසින් මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත බාරදුන් ලිපිය පහත දැක්වේ.





පොලිස් අත්අඩංගුවේ සිටියදී වෙඩිතැබීම් හේතුවෙන් පසුගිය වසරක කාලය තුළ මියගිය සැකකරුවන් මෙසේ ය:

 

# 20/10/2020 - මාලිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන 'මාකඳුරේ මධූෂ්' මරණයට පත්විය.

 

# 28/12/2020 - වේයන්ගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා රැගෙන ගිය අවස්ථාවේ නිශාන්ත කුමාරසිරි නැමති සැකකරු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්විය.

 

# 11/05/2021 - පාතාල කල්ලි නායක 'ඌරුජුවා' නවගමුව වඳුරන්මුල්ලේ දී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගියේ ය.

 

# 13/06/2021 - පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක මීරිගම, දිවුලපිටිය පාරේ දී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය.

 

# 18/07/2021 - සීදුවේ දී සැකකටයුතු වාහනයක් පරීක්ෂා කිරීමට යාමේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මියගියේ ය.

 

# 24/09/2021 - පාතාල අපරාධ හා හෙරොයින් ජාවාරමට අවශ්‍ය සැකකරුවෙකු වූ 'රත්මලානේ රොහා' කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ දී බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මරණයට පත්විය.

 

# 26/11/2021 - සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හේවා ලුණුවිලගේ ලසන්ත හෙවත් 'ටින්කර් ලසන්ත' පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් කළුතර දී මියගියේ ය.

 

 

(srilankabrief.org)

 

සබැඳි පුවත් :

 

 

THE  LEADER  TV
 
 


අවි ගත්තෝ අවියෙන්ම නසින ලකුණු ! | මොණරවිලගේ ලියමන
 

 
ජනාධිපති නියෝග පයිසෙට වැටෙයි! | The Leader TV
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්