ටේ රාළ ඊයේ කතා කළ රට Reset කරමුද ලිපියට ඉහළ ප්‍රතිචාරයක් හම්බ උනා. ඇත්තටම ඒකෙන් තේරෙනවා අයාලේ යන මේ දේශපාලන ගමන හරි තැනකට ගන්න තියෙන සමාජමය උවමනාව.


ඒක නිසාම රටේ රාළ හිතුවා ඒ ලිපිය තව ටිකක් ඉස්සරහට ගෙනියන්න. ඇත්තම මේ ඊයේ ලිපියේම දිගුවක්.

අපේ රට Reset කරද්දී ආරම්භ කළ යුතු ප්‍රධාන තැන් දෙකක් ගැන ඊයේ රටේ රාළ කතා කලා. අද කතා කරන්න යන්නේ ඊටත් වැඩිය වැදගත් තැනක් ගැන.

 අපේ රටේ දේශපාලනය මතවාද කීපයක් තියනවා. සරළව ගත්තොත් වම, දකුණ හා මැද මාවත කියලා. එහෙමත් නැත්තං ධනේශ්වර මතවාදයේ ඉදන් කොමියුනිස්ට් ක්‍රමය දක්වා උන දේශපාලන මතවාද අපේ රටේ තියනවා.



අපි එදා ඉදන් එක්සත් ජාතික පක්ෂය අදුන ගත්තේ දක්ෂිණාංශ විදිහට. එදා වම නියෝජනය කළේ පැරණි වමේ ව්‍යාපාරය. ඒ කියන්නේ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළේ මැද මාවත. ඔහොම තමයි අපේ රටේ දේශපාලන මතවාදයට අනුව කදවුරු බෙදිලා තිබුණේ. අද වෙනකොට තියෙන එජාපය, පොදුජන පෙරමුණ, සජබය අයිතිය වෙන්නෙත් ඔය කියන දක්ෂිනාංශයටම තමයි.

ශ්‍රීලනිපය නං තවමත් මැද මාවතක් ගැන කතා කරනවා. ඇත්තටම අද ශ්‍රීලනිපය ඉන්නේ බණ්ඩාරනායක කියපු මැද මාවතේද කියන ප්‍රශ්නය තියනවා. රටේ රාළගේ මතය නම් බණ්ඩාරනායක කියපු මැද මාවතෙන් නෂ්ටාවශේෂ ටිකක් තවමත් ශ්‍රීලනිපයේ ඉතිරිවෙලා තියනවා. හැබැයි දැන හෝ නොදැන ශ්‍රීලනිපය මේ යන්නේ දක්ෂිණාංශික මාවතේ.

ඇත්තටම අද සමාජයේ සමජ කොමියුනිස්ට් කියලා දෙයක් නෑ. ඒ වෙනුවට තියෙන්නේ ජවිපෙ. අද ජවිපෙ කියන්නෙත් සුළු ධනේශ්වර මතවාදය කර පින්නා ගත්ත, නාගරික මැද පන්තියේ පක්ෂයක් විතරයි. හැබැයි එයාලා ජවිපෙ පෙනුමෙන් විප්ලවවාදී කරගන්න මාර ට්‍රයි එකක් දෙනවා. විප්ලවය ගැන නොදන්න මිනිස්සු ඉන්න රටක ජවිපෙ කියන්නේ විප්ලවවාදී පක්ෂයක් කියලා තේරුම් ගැනීම ගැන රටේ රාළට නං ලොකු පුදුමයක් නෑ. ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියනවනේ.

රටේ රාළ කියන්නේ ඔය මොන දේශපාලන මතවාදය දැරුවත් මේ රටේ සංස්කෘතික තේරුම් ගන්න බැරි දේශපාලන ව්‍යාපාරයට පවතින්න බෑ. විජේවීර කිව්වේ විද්‍යාව හා පරිසරය එකටත් දේශපාලන හා සංස්කෘතිය එකටත් ගමන් කරන්න ඕනි කියලා. ඒක නිසා අපේ රටේ සංස්කෘතිකය අමතක කරලා දේශපාලනය කරන්න කාටවත් බෑ. කරන්න පුලුවන් හැබැයි පවතින්නේ බෑ. අද ජවිපෙට හා පෙරටුගාමීන්ට වෙලා තියෙන්නේ ඒක. තමන් අහෝසි වෙනවා කියලා එයාලට තේරුම් ගන්නත් බෑ.

ඇත්තටම මේ සංස්කෘතික දේශපාලනයට මාරාන්තික ප්‍රහාරය එල්ල කළේ ජේ.ආර්. ඒ තමයි 77 හදුන්වා දුන්න විවෘත ආර්ථිකයෙන්. ඒකත් එක්ක දැවැන්ත සංස්කෘතික ආක්‍රමණයක් මේ රටට ආවා.

අපි ලෝකයේ තියන දියුණු ලක්ෂණ උරා ගන්න ඕනි. ඒ ගැන රටේ රාළගේ විවාදයක් නෑ. හැබැයි අපිට ජේ.ආර් දුන්නේ කුණු ගද ගහන විවෘත ආර්ථිකයක්. අපට ආවේ කසිකබල් සංස්කෘතිකක්. තුප්පහි සංස්කෘතිකක්.


අපි බොලිව්ඩි කියලා, හොලිවුඩ් කියාලා ආක්‍රමණික සිනමාව බදාගෙන දඩුබස්නාමානයේ රණාව මරලා දැම්මා. ඒත් තවම නාඩගංකාරයෝ ඇතුළේ ඉන්න හාමුදුරුවොයි, මාස්ටර්යි අපට ඉතිරිවෙලා ඉන්නවා. හරියට යමක් කියා දුන්නොත් අහන්න ලෑස්ති සරාත් ඉන්නවා. අපට සරා විතරක් මොකටද. හාමුදුරුවෝ හා මාස්ටර් නැතිව. රටේ රාළ කියන්නේ සරාගෙන් වැඩේ කරගන්න පුලුවන්. හැබැයි හාමුදුරුවොයි, මාස්ටරුයි නැත්නම් බෑ.

 

රටේ රාළ කියන අපේ අනන්‍යතාවය තියෙන්නේ හාමුදුරුවෝ, මාස්ටර්යි ළග .ඒ තමයි අපේ සංස්කෘතිය. ඒක තමයි අපේ සංස්කෘතික අනන්‍යතාව. ඒ සංස්කෘතික අනන්‍යතාව දක්ෂිණාංශික දේශපාලනට බාධාවක්. ඒක තමයි ජේ.ආර් විවෘත ආර්ථිකය ගෙනත් කළේ. දක්ෂිණාංශික දේශපාලනට ගැලපෙන සංස්කෘතිකමය වශයෙන් පිරිහුණු ජීවියෙක් මේ පොලොව උඩ හදන එක. ජේ.ආර් එක කළා. අද වමේ කියන ව්‍යාපාරත් මේ තුප්පහි විනාශකාරී සංස්කෘතියේ ගිලිලා, වේගයෙන් දියවෙමින් තියනවා.

නිකං හිතන්න සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවල දැනට ඉතිරිවෙලා තියෙන පුරුක් දෙක තුන ගැන. ඩිව්, තිස්ස විතාරණ වගේ මිනිස්සු. ඇත්තටම දේශපාලනය පැත්කින් තියලා බලන්න. බොහොම ගුණ යහපත් චාම් මිනිස්සු. ඒ එයාලගේ සංස්කෘතික උරුමය. කොච්චර උනත් ඒ මිනිස්සු රාජපක්ෂලා වගේ මජරයෝ නෙවෙයි.

අද අපි කරගෙන තියෙන සංස්කෘතික විනාශය මිල කරන්න බෑ. අද පුංචි දුවෙකුට නෙවෙයි පුංචි පුතෙකුට නෙවෙයි ආච්චි අම්මා කෙනෙකුටත් පාරේ බැහැලා යන්න බැරි සංස්කෘතිකක් හැදිලා. ලෝකේ තියන ඔක්කොම කුණුහරප වීඩියෝ ටික බලන උන් ඉන්නේ මෙහේ. ජීවිත බිලි ගන්න කාමාතුරයන්ගේ සංස්කෘතික හැදිලා. විද්‍යාට උනේ ඒක. ඉෂාලනීට උනේ ඒක. අපිත් බලාගෙන ඉන්නවා. ඒ අපේ දරුවා නොවෙන නිසා.



මතක තියාගන්න අපි මේ බලා ඉන්නේ අපේ දරුවාටත් ඒ අනතුර එනකං. මතක තියාගන්න ඒ අනතුරු අත ළග. ඒකයි රාළ කියන්නේ අපි අපේ සංස්කෘතියත් Reset කරගන්න ඕනි කියලා.


ඉතාහාසයේ තිබුණ තැනට පහු බහින්න ඕනි. එතන තිබුණේ දියුණු සංස්කෘතිකයක්. ඒ සංස්කෘතිකට පහු බැහැලා ඒ පදනම මත ඉස්සරට එන්න ඕනි. ඇත්තටම අපේ සංස්කෘතිය ඇතුළේ තිබුණ දියුණුම ලක්ෂණය තමයි සාමුහිකත්වය. ඒක ලංකාවේ සංස්කෘතිය ඇතුළේ උපරිමයෙන් තිබුණා. මිනිස්සුන්ට පෞද්ගලික උවමනාවන් තිබුණා. හැබැයි ඒවා සම්පුර්ණ කර ගත්තේ පොදු සාමූහිකත්වය ඇතුළේ.

සරලම උදාහරණයක් ගත්තොත් එදා අපි අත්තමට කුඹුර කෙටුවා.තනි තනිව කඹුර කොටන ගොවියෙක් එදා හිටියේ නෑ. වෙල්යාම ගොවියෝ සාමුහිකව කොටා ගත්තා. ගමේ වැඩ ගොඩක් උනේ ඒ සාමූහික පදනම යටතේ. ඇත්තටම ඒකට හේතුව මේ සමාජයේ මුල් බැහෑලා තිබුණ බෞද්ධ පදනම. ඒ වගේම උතුරේ තිබුණ හින්දු කෝවිලෙන් උගන්වපු සාමුහිකකම. සම්ප්‍රදායික මුස්ලිම්වරායත් එහෙම මිනිහෙක්. ඇත්තටම ලාංකික සමාජයට බෞද්ධ දර්ශණය විසින් කරපු සාධනීය දේ අප්‍රමාණයි.

ඒ කියන්නේ කාල් මාක්ස් අපට සමාජවාදයේ උගන්නන්න ඉස්සෙල්ලා බුදු හාමුදුරුවෝ අපට සමාජවාදය ඉගැන්නුවා. සමාජවාදයේ හරය උන සාමූහිකත්වය ගැන ඉගැන්නුවා. බුදු හාමුදුරුවෝ කියන්නේ හොද කොමියුනිස්ට්කාරයෙක්. බෞද්ධ දර්ශණය අස්සේ ජාතියක් තිබුණේ නෑ. බුදු හාමුදුරුවෝ ජාතිය කිව්වේ ඉපදීමට. එතකොටම අපි කවුරුත් ජාති තමයි. මෙලොව උපන් හැම කෙනාම ජාති. ඒකට ඔයත් එකයි, මමත්, රාජපක්ෂලවත් එකයි. හැම සතාමත් එකයි. ඒකයි අපි බුදුන් අදහන්නේ. අපට හීනෙන්වත් හිතන්න බැරි දෙයක් බුදුන් කළා.

ඒකේ රාහුලත් හිටියා,සුනීත, හෝපාකලත් හිටියා ඔක්කොම සමානයෝ. බුදුන් රජ ගෙදරට වගේම සැඩෝලාගේ ගෙදෙට්ට ගියා.ජාතිය, කුලය කියන්නේ බොරු මනස්ගාත කියලා බුදන් කිව්වේ මීට අවුරුදු 2500 කටත් උඩදී. බ්‍රාහ්මණයෝ ඉස්සර තියාගෙන. බුදුන් තමයි සමානාත්ම තාවය ලොකෙට ඉස්සෙල්ලාම පෙන්නුවේ.



බුදුන් හරි දේ හරියට කිව්වා, යටත් උනේ නෑ. බුදුන්ට ලැබැදියාවන් අතර ගැටුමක් තිබුණේ නෑ. බුදුන් රජාට දස රාජ ධර්ම ඉගැන්නුවා. ඒවට අනුව රට පාලනය කරන්නේ නැත්නම් රජා ඉවත් කරන්න ජනතාවට තියන අයිතිය පිලිගත්ත. ඇත්තටම බුදුන් හොද ප්‍රජාතන්ත්‍රවාදියෙක්, ඇත්ත සටන්කාමියෙක්. අවුරුදු 2500 කට වඩා තවමත් ඒ විප්ලවයේ ගුණ සුවද තියනවා.

 

ඒ බණ අහපු අපි හික්මුණේ නැද්ද? අපි හොද නරක වෙන් කර ගත්තේ නැද්ද? අපි අනුන්ට පිහිට උනේ නැද්ද? අපි සාමූහික උනේ නැද්ද? ඒ සාමුහිකකම විසින් මේ රටේ ජනතාවගේ චින්තනයමය වෙනසක් කළේ නැද්ද? මේ තරම් සියුමැලිද කළු ගල් සින්දුවේ කියන ගල්වඩුවා දාර්ශනිකයෙක් නෙවෙයි? ඒ සංස්කෘතික පදනම විනාශ කරන්න නෙවෙයිද ජේ.ආර් විවෘත ආර්ථිකය ගෙනාවේ ඒක විනාශ කරන්න නෙවෙයිද සිංහල බෞද්ධ සංකල්පය කියලා එකක් බුදු දහම ඇතුළට ගෙනාවේ.

බුදු බණ කොතනද සිංහලයාට ලියලා දීලා තියෙන්නේ. බුදු බණ අයිති සිංහලයාට නෙවෙයි. මනුස්සයාට. සිංහල බෞද්ධ සංකල්පය දාලා අපිව මරා ගන්න තැනට මේ රට තල්ලු කළේ මේ V8 ආගමික අන්තවාදය නෙවෙයිද? ඒක තුලින් හැදුණ සංස්කෘතික හොද එකක්ද? ඒ සංස්කෘතිකට අනුව යන මේ දේශපාලනය හරිද?

ඇත්තටම රටේ රාළ කියන්නේ අපේ අව්‍යාජ සංස්කෘතිකට අපි ආය යන්න ඕනි. ඒ සංස්කෘතික මිනිහා අපි ඇතුළේ ඉන්නවා. ඒයාට හැංගෙන්න දෙන්න බෑ. Reset කරන්න ඕනි.

ඒ සාමූහිකකම නෙවෙයිද රට ප්‍රශ්නයකට මුහුණ දුන්නම ඉස්සරහට ආවේ. සුනාමි වෙලේ ඉස්සරට ආවේ ඒක නෙවෙයිද? ත්‍රස්තවාදයට එරෙහි අපේ හමුදාව සටන් කරද්දී කොටි ඒකට තෝරපු උපක්‍රම තමයි දකුණේ පාසැල්වලට පහරදීම. ඒකෙන් උතුරට යොමු කරලා තියන හමුදාව දකුණට යැවීම. හැබැයි අපේ රටේ මිනිස්සු ඉස්කෝලේ රැක ගන්න පෙරට ආවේ නැද්ද? ඒවාට පැනලා පොරවල් ලකුණු දාගත්තේ නැද්ද?



සුනාමිය වෙලාවේ ඉදිරියට ආපු මහජන බලවේගයට හොරෙන් සුනාමි අරමුදල කොල්ල කෑවේ නැද්ද? රටේ සමස්ථය කැපකිරීම් කරලා ජයග්‍රහණය කරපු යුද ජයග්‍රහණය එක පවුලක් අයිති කර ගත්තේ නැද්ද? බොරුවට තමන්ගේ පුතා හමුදාවට බන්දලා ශිත කාමරවල තිබ්බේ නැද්ද? ඒවා මොනවා කලත් මේ සියලු ජයග්‍රහණයවල අයිති සාමූහික එකක් මිසක් තනි පුද්ගලයෙකුට හරි තනි පවුලකට හරි එකක් නෙවෙයි.

 


ඒක නිසා අපි ඒ සංස්කෘතිකට යන්න ඕනි. ඒකේ තමයි අනාගත සමාජයේ දියුණු ලක්ෂණ තියෙන්නේ. කල් මාකස් කිව්ව කොමියුනිස්ට් සමාජය කියන්නේ මොකද්ද? විද්‍යාවේ දියුණුව හා මිනිසාගේ සාමූහිකත්වයේ අග්‍රථලය. මොන නම් කිව්වත් ඒක ඇතුලේ තියෙන්නේ සාමුහික උත්සාහය නෙවෙයිද? ඇත්තටම අපේ රටේ තිබුණ ඒ සංස්කෘතික පදනම විසින් තමයි අපේ රට වාමාංශික දේශපාලනයේ තෝතැන්නකි උනේ.

එදා දක්ෂිණාංශික දේශපාලනයේ හිටපු අයත් හිටියේ ඒ සංස්කෘතික අස්සේ. ඒක නිසා නෙවෙයිද අපි ඩී.එස්ට, ඩඩ්ලිට,  බණ්ඩාරනායකට, සිරිමාවෝට, දහනායකලට තවමත් ගරු කරන්නේ. අද එහෙම ගරුත්වය රාජපක්ෂලාට තියනවද? එදා ඒ මතවාදය හදන්න පැරණි වම දායක උනා. ඒක නෑ කියන්න බෑ.


හැබැයි තමන්ගේ දේශපාලන මතවාදය මේ සංස්කෘතියයට හරියටම ගලප්පපු වාමවාදියා විජේවීර. විජේවීර මේ සමාජ සංස්කෘතික හරියට කියවපු මිනිහෙක්. අවාසනාවට විජේවීර සමකාමී මාවතක ඉදිරියට යන්න දුන්නේ නෑ. එහෙම උනා නම් විජේවීර අපේ සංස්කෘතියට ගැලපෙන විදිහට දේශපාලන මතය නිරවුල් කරනවා. ඇත්තටම පරිසරය හා විද්‍යාව අතරත්, දේශපාලනය හා සංස්කෘතිය අතරත් තියාගන්න ඕනි තුලනය ගොඩනගන්න ඕනි ඥාණය විජේවීරට ඕනිවටත් වැඩිය තිබුණා.

අද විජේවීර නෑ. ඒත් තවමත් අර සංස්කෘතික මිනිසා මේ රටේ ජීවත් වෙනවා. ඇත්තටම අනාගත සමාජය ගොඩනගන්න ඕනි පූර්ව කොන්දේසිය ඒ මිනිහා ඇතුළේ තියනවා. ඒ තමයි ශිෂ්ඨ සාමුහිකත්වය. අපි ඒ මිනිහා එළියට ගන්න ඕනි. ඒකට සංස්කෘතිකමය වශයෙන් අපි Reset වෙන්න ඕනි.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 


 

THE  LEADER  TV
 
 
ගොංකම කියන්නෙ පුපුරණ එකක් ! | මොණරවිලගේ ලියමන
 
 
 
රත්තරන් හොරා කෑ ඇමතිගේ ගෝලයා!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්