1200 x 80 DMirror

ගෑස් සිලින්ඩර සඳහා ඇති වූ අධික ඉල්ලුම නිසා ප්‍රමිතියෙන් තොර, පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට නිකුත් කර ඇති බවට අනුමාන කළ හැකි බව ශ්‍රී

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක බීබීසී සිංහල සේවයට පැවසුවේය.

ගෑස් සංයුතියේ වෙනසක් සිදු කිරීම පීඩනය වෙනස් වීමට හේතු වුව ද එය ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දු වීමට තරම් හේතුවක් නොවන බව ඔහු පවසයි.

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ අනතුරු ගැන අදහස් පළ කරමින් මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පෙන්වා දෙන්නේ සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදු වන්නේදැයි විමසිලිමත් වීම, ප්‍රමිතියෙන් යුතු නලයක් සහ රේගුයුලේටරයක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය බවයි.





මේ අතර ලිට්රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෑතකදී ඇති වූ සිද්ධි සහ ගැටලු සිදුවී ඇත්තේ LP ගෑස් සඳහා භාවිත නොවන ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ රේගියුලේටර්, නළ සහ උදුන් භාවිතයේදී සිදුවන නොසැලකිල්ල හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය සිදුවීම් වලට නිශ්චිත හේතුව හඳුනා ගැනීම සඳහා රජය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.



''ගෑස් සිලින්ඩර උපාංග පාරිභෝගික අධිකාරියේ නියාමනය කළ යුතුයි''


 මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට සම්බන්ධ සෙසු අයිතමවලට (උපාංග) අනුකූලතාව නිරීක්‍ෂණය කිරීම පාරිභෝගික කටයුතු අධිකාරියේ වගකීමක් බවත් එම අධිකාරිය ගැසට් නිවේදනය ඔස්සේ වෑල්වය, රෙගියුලේටරය සහ නම්‍යාශීලී හෝස් ප්‍රමිතීන්වලට අනුකූල වීම අනිවාර්ය කර ඇති බවත්ය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ එම ගැසට් පත්‍ර ඔස්සේ අදාල උපාංග නියාමනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය හෝ වගකීම පවරා නොමැති බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට කිසිඳු ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට බලයක් නොමැති වීම නිසා සියලුම ප්‍රමිතීන් ස්වෙච්ඡා ප්‍රමිතීන් ලෙස ප්‍රකාශයකට පත්කර ඇති බවත් ඇය කියන්නීය.

ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය පිළිබඳව ප්‍රමිතීන් ඇතුළත්කර නොමැති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට චෝදනා එල්ල බව කියන ආචාර්ය සිද්ධිකා සේනාරත්න,  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලෝකයේ සෙසු රටවල් මෙන් වායුවේ උපරිම වාෂ්ප පීඩනය ප්‍රමිතියට ලක්කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කරන්නීය.


 

THE  LEADER  TV
 
 
ගොංකම කියන්නෙ පුපුරණ එකක් ! | මොණරවිලගේ ලියමන
 

 

රත්තරන් හොරා කෑ ඇමතිගේ ගෝලයා!
 
 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය