ජාතීන් හා ආගම් අතර අසමගිය ඇතිකිරීම හා සංහිඳියාව බිඳ දැමීමට උත්සාහ දැරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි

හිටපු පළාත් ආණ්ඩුකාර අසාද් සාලි එකී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (2) නියෝග කළේ ය.

 මහාධිකරණ විනිසුරු අමල් රණරජා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, චූදිත අසාත් සාලි විසින් 2021 මාර්තු 09 වන දින පැවත්වූ බවට චෝදනා එල්ල වන මාධ්‍ය හමුවේ අසාත් සාලි විසින් කර ඇති ප්‍රකාශය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හෝ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ වන වරදක් ලෙස සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිනිල්ල අසමත් වූ බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

මේ අතර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට මුල්වූ පැමිණිල්ල කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස හා ගාමිණී වලේබොඩ යන මහත්වරුන්ට ලබන වසරේ පෙබරවාරි 21 අධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

ඊට හේතුවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස වගකීම් විරහිතව ද්වේශ සහගතව සිදුකර ඇති පැමිණිල්ල නිසා තම සේවාදායකයාට අගතියක් වූ බවට අසාද් සාලි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු පෙන්වාදීමයි.

සිදුවූ අගතිය වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති අනුව වන්දි අයකර ගත යුතු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දීමෙන් පසුව පැමිණිලිකාර පාර්ශවයට නොතීසි නිකුත් කෙරිණ.


විත්තියේ සාක්ෂි කැදවීමකින් තොරව අවසන්වූ මෙම නඩුවේ සුවිශේෂී තත්ත්වය වන්නේ, තීන්දුවෙන් අනතුරුව අසාත් සාලි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ඉතා හැගුම්බර සහ  විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ගරු අධිකරණයට දන්වා සිටියේ, මෙම තීන්දුව මගින් නැවත වතාවක් ගරු අධිකරණය කෙරෙහි ජනතාවට ඇති ගෞරවය වැඩිවූ බවත්, රජයේ අධිනීතිඥ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා ඉහල ස්වාධීනත්වයකින් මෙම නඩුවට සහභාගී වූ බවත්ය.  විශේෂයෙන්ම රජයේ අධිනීතිඥ වසන්ත පෙරේරා මාස 2 ක් ඇතුළත මෙම නඩුව අවසන් කිරීමට ලබාදුන් සහයත්, මහාධිකරණ විනිසුරු තුමන් විසින් ඉතා කෙටි කාලයක් තුළ විමසීමට දින ලබාදීම විශේෂයෙන්ම පැසසිය යුතු බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පැවසිය.



සුප්‍රකට බ්‍රෙස්ග්‍රඩ්ල් සිදුවීම :

නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් කියා සිටියේ, අද දින ගරු අධිකරණයේ තමන් දුටු දේ සුප්‍රකට බ්‍රෙස්ග්‍රඩ්ල් සිදුවීම සිහි කරන බවයි. එම නඩුවේද, විත්තිකරු නිදහස් කරනු ලැබූ අවස්තාවේ දී කොල්වින් ආර් ඩී සිල්වා විසින් යම් කිසිවෙකුගේ නිදහසේ අයිතිය අහිමි කිරීමට අදාල හැගුම්බර ප්‍රකාශයක් ගරු අධිකරණයේ සිදුකළ බවත් අද දින ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගේ ප්‍රකාශයද එයට සමාන බවත් ඔහු ප්‍රකාශ කලේ ය.

දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව යොදා ගැනීම පිළිබද ඉතිහාසයේ අපකීර්තිමත්ම නඩු විභාගයකින් අවසානයේ මහාධිකරණය හිටපු බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි නිදොස් කොට නිදහස් කළේය.

අද පෙරවරුවේ කොළඹ අංක 2 මහාධිකරණයේ අංක දරණ 2778/21 නඩු තීන්දුව බලන්නට අධිකරණ භුමියෙත් ඉන් පිටතත් සෑහෙන පිරිසක් රැස්ව සිටියහ.  

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව උසාවිය ඇමතු විත්තියේ නීතිඥ මෛත්‍රී ගුණරත්න, කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නොමැතිව, විකෘතිකරන ලද ප්‍රකාශයක්මත පදනම් කරමින් චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් සිද්ධිය පිළිබඳ පොලීසියට පැමිණිලි කළ පුද්ගලයින්ට අධිකරණයට කැඳවන ලෙස ඉල්ලා සිටියේය.  

ජනාධිපති නීතිඥ ගුණරත්න විවෘත අධිකරණයේ දී පැවසූවේ ‘අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් නොමැතිව, වැරදි කරුණු මත මේ පැමිණිල්ල කර ඇති බවයි.

මුළු අධිකරණයම මීයට පිම්බාක් මෙන් නිහඩව සිටි මොහොතක විනාඩි 12 කට වැඩි දේශනයක් සිදු කළ ජනාධිපති නීතිඥ ගුණරත්න මේ පැමිණිල්ල මුළුමනින්ම ‘‘ ද්වේශ සහගත බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය ප්‍රකාරව තම සේවාදායකයාට කාලය, ආදායම සහ මෙම ප්‍රශ්නයේදී ඔහුගේ වියදම් සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.  



අසාත් සාලිට එරෙහිව පැමිණිලි කර තිබු මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  අවම වශයෙන් අසාද් සාලි ගේ පුවත්පත් සාකච්ඡාව සම්පූර්ණයෙන් අසා නොති බූ බව නඩු විභාගයේදී අනවරනයවිය. විකෘති කරන ලද විඩියෝවක් මත පැමිණිල්ල ගොනු වී තිබුණි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තියට අනුව, අත්අඩංගුවට ගැනීමට හේතු වූ පුද්ගලයන්ට අගතියක් වූ විට අධිකරණය මගින් සුදුසු යැයි සිතන පරිදි අධිකරණයට වන්දි ප්‍රදානය කළ හැකිය.

2021 මාර්තු 9 දින සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් යැයි කියමින් මාර්තු 16 දින රහස් පොලීසිය විසින් අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබීය. එතැන් සිට ඔහු රහස් පෙලීසියේ ද, පසුව රැඳවුම් නියෝග මත ද රදවා සිටියේය. එම කාලය අතර, ජනමධ්‍ය හා සාමාජ මාධ්‍ය අසාද් සාලි ට විරුද්ධව ඔහු නොකළ ප්‍රකාශයක් සිදු කළ බව දක්වමින් අතිශය වෛර සහගත කරුණු සමාජගත කළේය.  



නඩු විභාගයෙන් පසුව ජනමධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ආණඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසූවේ  ‘දේශපාලන විරුද්ධවාදීන් හීලෑ කර ගැනීම සඳහා විජය කුමරතුංග ඇතුළු පිරිසට එල්ල වූ නැක්සලයිට් චෝදනාව ලංකා ඉතිහාසයේ දේශපාලන අවශ්‍යතාව මත සිදු කළ අපකීර්තිමත්ම නඩු පැවරීම හා රඳවා ගැනීම ලෙස ඉතිහාසගත වී ඇති අතර අද එම ලැයිස්තුවට අසාද් සාලි ගේ නඩුව ද එක්වන බවයි.  


''ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විරුද්ධවාදීන් මර්ධනය සඳහා යොදා ගන්නා මිලේච්ච සහ යල්පැනගිය නීතියක්. මේ නීතිය නිසා දැන් ලංකාවට ජී.එස්.පී. සහනය අහිමිවීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝණය කිරිම පිළිබඳ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.  ලෝකයේ අයි.සී.සී.පී.ආර් නීතිය තියෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්නයි. ඒ පනත අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීමට ලංකාවේ නැවත නැවත භාවිත කෙරෙනවා යැයි ද ඔහු මාධ්‍ය හමුවේ පැවසීය.  


සවිස්තර කතාව :

# අසාද් සාලි 2021 මාර්තු 9 වැනි දින සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යටතේ එන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් මාස නවයකට මදක් අඩු කාලයක් සිරගතව සිටියේය.


# ආගමික කණ්ඩායම් සහ ජාතීන් අතර වෛරී සහ එදිරිවාදී හැඟීම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළැයි චෝදනා එල්ල කර තිබුණද, ඔහුගේ සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පරීක්ෂා කිරීමේදී එවැනි හැඟීමක් ඇතිවන ආකාරයක් දක්නට නොලැබෙන බව තීන්දුව ලබාදෙමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.


# අසාත් සාලි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 'හිරු' රූපවාහිනී නාලිකාව තත්පර 32ක් ද, 'දෙරණ 'රූපවාහිනී නාලිකාව මිනිත්තු 01යි තත්පර 36ක් ද විකාශය කර ඇති බවත්, එම සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවේ දී චූදිත කළ අදහස් දැක්වීම් සහ සංස්කරණය කළ කොටස් දෙක විශ්ලේෂණය කළ බවත්, කොවිඩ් තත්ත්වය යටතේ විද්‍යාත්මක පදනමකින් තොරව දේහයන් ආදාහනය කිරීමට ගත් තීරණය ගැන චූදිත තමන්ගේ අදහස් දක්වා ඇති බවත් තීන්දුවේ සඳහන් වෙයි.


# තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් ගැන විවේචනය කිරීම, ත්‍රස්තවාදයට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීම, එදිරිවාදිකම්වලින් තොරව හැම කෙනෙකුම එකතු විය යුතු බව ආදිය සම්බන්ධයෙන් ද එම මාධ්‍ය සාකච්ඡාවේදී චූදිත අසාත් සාලි අදහස් දක්වා ඇති බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.


# මුස්ලිම් පෞද්ගලික නීතිය සහ අනෙකුත් නීති සම්බන්ධයෙන් ද ඔහු සාකච්ඡා කර තිබෙන බවත්, පැමිණිලිකරුවන් සඳහන් කළ ආකාරයට මාධ්‍ය සාකච්ඡාව තුළින් එදිරිවාදී හැඟීම් ඇතිවෙනවාදැයි අධිකරණය සලකා බැලූ බවත්, මුස්ලිම් පෞද්ගලික නීතිය ව්‍යවස්ථාදායකයෙන් ඉදිරිපත් කර ඇති දැනටත් ක්‍රියාත්මක වන නීතියක් බවත්, එය ස්වේච්ඡාවෙන් සංශෝධනය කිරීමට චූදිත විරුද්ධත්වය දක්වා ඇති බවත් සඳහන් කරන මහාධිකරණය, ආගම් හෝ ජාතීන් අතර වෛරී හා එදිරිවාදී හැඟීම් ඇති වන කිසිවක් එම මාධ්‍ය හමුවේදී චූදිත ප්‍රකාශ කර නැති බව හැඟී යන බවත් සඳහන් කළේය.


# ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ වසන්ත පෙරේරාගෙන් මහාධිකරණ විනිසුරුවරයා කරුණු විමසා සිටි අතර, 17.2 යටතේ කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන්ට විරෝධයක් නැතත් පැමිණිලිකරුවන් ගෙන්වා ඔවුන්ගෙන් විමසීමක් කරන ලෙස ඉල්ලා සිටියේය.


# ඒ අනුව අසාත් සාලිට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ තිදෙනාට ලබන පෙබරවාරි 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.


# පසුගිය ජනාධිපතිවරණයේ දී අසාද් සාලි, සජිත් ප්‍රේමදාස ට සහාය දුන් අතර මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් විය. ජාතික ලැයිස්තුමේ මන්ත්‍රී ධූරය ලබා නොදීම පිළිබඳ ඇතිවු ගැටළුවක් හේතුවෙන් ඔහුට විපක්ෂයේ කිසිදු කණ්ඩායමක සහාය නොලැබිණ.  කෙසේ නමුත්, දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටි අසාද් සාලි වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස දිගින් දිගටම රජයට බලපෑම් කරනු ලැබීය.  

සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුවක් ද පවරා ඇත.

 

 

 


 

THE  LEADER  TV
 
 
 
ගෑස් සිලින්ඩරයක් පුරවගන්න බැරි අමන මරි ආණ්ඩුවක් ! 
 
 
  
සර් ශ්‍රීලනිපය ගියත් හතුරා තවම ඇතුළේ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

'ස', චමල් ලවා PB ට රිදෙන්නම දීලා !

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්