දෙමළ මාධ්‍යවේදියකු මුලතිව්හිදී අමානුෂික ලෙස වධ හිංසාවට ගොදුරුවූ අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි හමුදා නිලධාරීන් පිලිබඳ

විස්තර අද දවස ඇතුලත සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යුද හමුදාවෙන් ඉල්ලා තිබේ.

දෙමළ මහවිරු දින සමරු පැවති නොවැම්බර් 27 දා මුල්ලිවයික්කාල් නාම පුවරුව රූගත කරන විට නිදහස් මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට කටුකම්බියෙන් වෙලූ තල් පිත්තකින් බැට දී වධහිංසා පැමිණවූ බවට හමුදා භටයන්ට චෝදනා එල්ල වී තිබේ.

චෝදනාව ප්‍රතික්ෂේප කරමින් යුද හමුදාව පවසන්නේ එය යුද්ධයෙන් පසු රට හැර ගිය ‘ඊනියා මාධ්‍යවේදීන්’ විසින් “උතුරු නැගෙනහිර ආරක්ෂක සේනාවල ප්‍රතිරූපය කෙලෙසීමට” කරන ලද්දක් බවයි.

හමුදාව විසින් විශ්වචන්ද්‍රන් මාධ්‍යවේදියාට පහර දුන් බවට පළවූ වාර්තා ඇසුරෙන් තමන්ගේම විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

“එසේ හෙයින්, එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් පිළිබඳ විස්තරත්, එම සිද්ධිය පිලිබඳ ඔබේ නිරීක්ෂණත් 2021. 12 03 දින හෝ ඊට පෙර මෙම කොමිසමට එවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි,” යි කොමිසමේ වව්නියාව ප්‍රාදේශීය සම්බන්ධීකාරක ටී කනගරාජ් විසින් මුලතිව් හි 59 සේනාංකයේ අණදෙන නිලධාරී වෙත යවා ඇති ලිපියක දැක්වේ.

තුවාල ලද දෙමළ මාධ්‍යවේදියා ප්‍රතිකාර සඳහා මාන්චෝලේ රෝහල වෙත ගෙන ගොස් තිබුනේ මුලතිව් පොලිසියේ වාහනයකිනි.

පොලිසිය විසින් කරන ලද පරීක්ෂණයේ පුර්ණ වාර්තාවත් අද දිනය ඇතුලත ලබාදෙන ලෙස මානව හිමිකම් කොමිසම පොලිසියෙන් ඉල්ලා තිබේ.

මාධ්‍යවේදියා පහර කෑමට ලක්වූ දිනයේම යවන ලද එම ලිපියෙන් පහත දැක්වෙන ලියවිලිද ඉල්ලා තිබුණි.

1.       සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම ගන්නා ලද ප්‍රකාශන සහ සාක්ෂි

2.       සිද්ධිය සිදුවූ ස්ථානයේ පරීක්ෂණය

3.       සිද්ධිය සිදුවූ ස්ථානයෙන් ලබාගන්නා ලද ද්‍රව්‍ය සහ ඒවායේ භාණ්ඩ අංක

4.       තුවාල ලත් මාධ්‍යවේදියාගේ වෛද්‍ය නෛතික පරීක්ෂණ පෝරමය

5.       B වාර්තාව

පරීක්ෂණ පැවැත්වීම සඳහා 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පනත මගින් තමන්ට බලය පැවරී ඇති බව වව්නියාව ප්‍රාදේශීය සම්බන්ධීකාරක පොලිසියටත් යුද හමුදාවටත් සිහිපත් කර දී ඇත.


සබැඳි පුවත් :

දෙමළ මාධ්‍යවේදියකුට වද දීම ගැන සැක සෙබලුන්ට ඇල්ලූ සැනින් ඇප

හමුදාව කටු කම්බි ඒතු තල්පිත්තකින් පහරදීලා : දෙමල මාධ්‍යවේදියා රෝහලට  

 

 

 


 

THE  LEADER  TV
 
 
 

බඩුමිල වැඩි කළාම සියය 10 ක් ඇමතිට !| මොණරවිලගේ ලියමන

 
PB පස්සේ ගිය BOI ලොක්කට වෙච්ච දෙයක් !
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්