කොවිඩ් විකෘති ප්‍රබේදය වන ඔමික්‍රෝන් වයිරසයට රටට ඇතුළුවීම සදහා පාස්පෝර්ට් හා  වීසා හැර සියළු පහසුකම් තිබෙන බව මෙරට ප්‍රකට වෘත්තීය සමිති නායකයකු චෝදනා කරයි.



දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකුගෙන් ඔමික්‍රෝන් සොයාගත් බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශය අසත්‍යයක් බවද එම වෘත්තීය සමිති නායකයා අවධාරණය කර සිටියි.

කොවිඩ් විකෘති ප්‍රබේදය වන ඔමික්‍රෝන් වයිරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා හඳුනාගැනීම මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග ඉහත කාරනා සඳහන් කළේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් විසිනි.

නයිජීරියාවේ සිට පැමිණි 25 හැවිරිදි කාන්තාවකගේ අහම්භයෙන් සිදු කල ON arrival  PCR පරීක්ෂණය වැඩිදුර අධ්‍යනයට යොමු කිරීම මගින් ප්‍රථම වරට ශ්‍රී ලාංකීය පුරවැසියෙකුගෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය හදුනා ගෙන ඇති බවත්, මාරවිල ප්‍රදේශයේ පදිංචි ඇයට මේවන විටත් සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොමැති බවත්, අද උදෑසන සිදු කල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ප්‍රතිඵල මගින් නෙගටිව් වාර්ථා ලැබී ඇති බව වාර්ථාවී ඇති බවත් රවී කුමුදේශ් කියා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මගින් තහනම් කර ඇති නිසා, මේවන විට රටට ඇතුළුවන බහුතරයකගේ කිසිදු පරීක්ෂාවක් සිදු නොකරන අතර, ඔවුන් හරහා ඉතා පහසුවෙන් ඔමික්‍රෝන් රටට ඇතුළුවීමේ අවධානම පෙන්වා දෙන රවී කුමුදේශ්, On Arrival PCR පරීක්ෂණයේ වැදගත්කම මෙම හදුනා ගැනීමත් සමගම තහවුරු වන අතර, එය වහා ආරම්භ කිරීමට කට යුතු කරන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

සංචාරක ව්‍යාපරය කඩා වැටෙන බැවින්, ජනාධිපතිවරයා ඊට අකමැත්තක් දක්වන බවට නිල නොවන කසුකුසුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පවතින අතර, සංචාරක ව්‍යාපායට කිසිදු බලපෑමක් නොවන පරිදි පැය දෙක තුනක් තුල පරීක්ෂණ වාර්ථාව ලබා දීමේ වගකීම තම සංවිධානය විසින් භාර ගන්නා බවටද ඔහු සහතික වේ.



එසේම PCR පරීක්ෂණ ප්‍රමාණය අවම කරමින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වැඩි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ වල ව්‍යංග වුවමණාව වී තිබෙන අතර, ඔමික්‍රෝන් හදුනාගත් කාන්තාවගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ නෙගටිව් වීම මගින් එම ප්‍රතිපත්තියේ වරද ගැනද මෙම සිදුවීම මගින් තහවුරු කර ඇත.


එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් විශේෂඥයින් නිළ නොළත් ලෙස සිදු කරන නියෝග හරහා ආසාධිතයන් යැයි හදුනාගත් ගුවන් මගීන්ගේ පවා ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇත.

රට ලොක්ඩවුන් කිරීමේ තත්වයකට පත් නොකර සිටීම සඳහා, ඔමික්‍රෝන් රට ඇතුළු වීම වැලැක්වීම සදහා දැඩි උපක්‍රම භාවිත කල යුතු අතර, මුල සිටම එය සිදු කල නොහැකියැයි පවසමින් වසංගත පාලනයේ මූලික න්‍යායන් අත හැර දමමින් කටයුතු කරන සෞඛ්‍ය බලධාරීන් එම තනතුරු වලින් ඉවත් කොට හැකි අය වහා පත් කල යුතු බවද වෘත්තීය සමිති නායකයා අවධාරණය කර සිටියි.

ඒසේ නොමැතිව වසංගත රැල්ලකට අත වනා ගෙන්වා ගැනීම තුල රටට ලොක් ඩවුන් හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන බවද, සියළු වගකිවයුතත්තන් සිහි තබා ගත යුතු බව පෙන්වා දෙන රවී කුමුදේශ්, දැනටමත් ඔමික්‍රෝන් රැල්ලක පෙර නිමිති පහල කරගෙන ඇති රටක් ලෙස ඉන් මිදීම සදහා පහත ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කල යුතු බවට රජයට යෝජනා කර සිටියි.


1. රටට ඇතුළුවන සියළු පුරවැසියන්ගේ සහ සංචාරකයන්ගේ On Arrival PCR පරීක්ෂණය අනිවාර්‍ය කල යුතුය.

2. පසුගිය දින කිහිපය තුල රටට අතුළුවූ අයගේ තත්වය පිළිබදව නැවත පරීක්ෂා කල යුතුය.

3. රට තුල නව කොවිඩ් රැල්ලක සළකුණු පවතින්නේද යන්න පිළිබදව විද්‍යාත්මකව අනුමාන කිරීම සදහා නියැදි පරීක්ෂණ වහා ඇරඹිය යුතුය.

4. ආගමනිකයන්ගේ සහ රට තුල හදුනාගන්නා ආසාධිතයින්ගේ, ප්‍රභේද පරීක්ෂණ විධිමත් කිරීම සදහා විධිමත් මාර්ගෝපදේශයක් නිකුත් කල යුතුය.
 


සබැඳි පුවත් :

කොවිඩ් ඔමික්‍රෝන් ලංකාවට ඇවිත් - ගුවන් තොටුපලේ දී හඳුනා ගැනේ

ඔමික්‍රෝන් මාරාන්තිකයි - 'වහාම යළි PCR පරීක්ෂණ ආරම්භ කරන්න'

කොවිඩ්: අධික ලෙස විකෘති වූ ගැටලුකාරී නව ප්‍රභේදයක

 

 

 


 

THE  LEADER  TV
 
 
 

බඩුමිල වැඩි කළාම සියය 10 ක් ඇමතිට !| මොණරවිලගේ ලියමන

 
PB පස්සේ ගිය BOI ලොක්කට වෙච්ච දෙයක් !
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්