#JusticeForPriyantha

පාකිස්තානයේදී තම සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කර යුක්තිය ඉෂ්ට කර දෙන මෙන් ඉංජිනේරු ප්‍රියන්ත කුමාරගේ බිරිඳ පාකිස්තාන රජයෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන්නීය.

පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්තශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාරට අන්තවාදී කණ්ඩායමක් දෙසැම්බර් 03 සිකුරාදා ප්‍රසිද්ධියේ පහරදී ඝාතනය කර පුළුස්සා තිබුණි.

ඊට සම්බන්ධ සැකකරුවන් සිය දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.


ශ්‍රී ලාංකිකයා පුලුස්සා දැමූ සිකුරාදා සිය ජාතිය අවඥාවට ලක් කළ දිනයක් ලෙසින් හඳුන්වන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, වැරදිකරුවන් සියලු දෙනාට නීතිය ප්‍රකාර උපරිම දඬුවම් දෙන බවට සපත කර ඇත.

 
 
sorry SL 1'සමාවෙන්න' - පාකිස්තාන වැසියෝ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලති 



WhatsApp Image 2021 12 04 at 8.27.05 PMපාකිස්තානයේ ඇතැමුන් සිංහලෙන් පළකර ඇති ට්විටර් සටහන්..



''මිලේච්ඡත්වය සහ අන්තවාදය කිසිවිටෙකත් අනුමත කළ නොහැක'' -ඉමිතියාස් බාකීර් මාකර්



මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මිලේච්ඡත්වය සහ අන්තවාදය කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බව අවධාරණය කර සිටියි.

බහුතරය වුවද සුළුතරයේ වුවද අන්තවාදය පවතින බව අපි සැවොම පිළිගත යුතු බව පවසන මන්ත්‍රීවරයා, පාකිස්ථානයේ ඇතිව තිබෙන සිදුවීම ශිෂ්ට සම්පන්න සමාජයක කිසිවෙකුට සාධාරණය කළ නොහැකි බවද කියා සිටියි.

කෙසේ වුවද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙම බරපතළ සිදුවීම කෙරෙහි දැක්වූ ප්‍රතිචාරය බෙහෙවින්ම අගය කරන බවද ඔහු කියා සිටියි.

අන්තවාදය මිලේච්ඡත්වය ලොවෙන් බැහැර කරලන්නට සමස්ත ලෝක ප්‍රජාවම අත්වැල් බැඳගත යුතු කාලය එළඹ තිබෙන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.


Screenshot 2021 12 04 at 8.56.39 PM

(මුලාශ්‍රය - BBC සිංහල සේවය)

සබැඳි පුවත් 
 
'සමාවෙන්න' - පාකිස්තාන වැසියෝ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලති අගමැති ඉම්රාන් ඛාන් දැඩි ස්ථාවරයක

ලාංකිකයා ඝාතනය කළ පිරිසට දැඩි දඬුවම් දෙනවා - පකිස්ථාන අගමැති
 

THE  LEADER  TV

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය
 

බඩුමිල වැඩි කළාම සියය 10 ක් ඇමතිට !| මොණරවිලගේ ලියමන
\


PB පස්සේ ගිය BOI ලොක්කට වෙච්ච දෙයක් ! | The Leader TV
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්