මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් සිදු කළ ඉන්දීය සංචාරයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට අවස්ථාවක් ලබාදී නැතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සඳහන් කරයි.



මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජිනීවා හි එලැඹෙන මාර්තුවේ ජිනීවා සමුළුවට ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම සඳහා ඉන්දීය අගමැතිවරයා හමුවීමට බලාපොරොත්තු වී ඇති බවයි.

සිය නිවසේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේ 'හූවක්' තියමිනි. 

 

 
බැසිල් හිස් අතින් ලංකාවට

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය කිසියම් මට්ටමකින් හෝ සමනය කර ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය ද ඉන්දියාවේ සංචාරයක නිරත වුවද අපේක්ෂිත මුල්‍යාධාර ලැබී නැතැයි මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවද පවත්නා දුෂ්කර ආර්ථික ගැටලු සමනය කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදෙන ආර්ථික පැකේජය ලබන ජනවාරි මාසයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ විදේශ අමාත්‍ය එස්. ජයශංකර්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට දැනුම් දී ඇති බවත්, එම ආර්ථික පැකේජය විදේශ සංචිත තර කර ගැනීම, ආහාර හා ඖෂධ සැපයුම, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ ආයෝජන යන අංශවලට අදාළ වන බවත් kubiyonews.com වාර්තා කර තිබේ.

දැනටමත් ඉන්දීය මුදල් අමාත්‍යංශය විසින් අනුමත කර ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ ආර්ථික පැකේජය එරට අමාත්‍ය මණ්ඩලය ජනවාරියේදී අනුමත කරනු ඇති බවද සඳහන්ය.
 
ඊට අදාළ ශ්‍රී ලංකාවේ යෝජනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එරට ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරු ඉන්දීය රජයට දැනුම් දී තිබිණි.
 
මේ ගැන සාකච්ඡා කිරීමට බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල හා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරු ඉන්දීය මුදල් ඇමැතිනිය හා විදේශ අමාත්‍යවරයා පසුගියදා වාර දෙකක්ම හමුවූහ.
 

ජනපති හා අගමැති ඉන්දීය ජනපතිගෙන් ඉල්ලූ ණයත් මඟ හැරලා:

මේ අතර, 'ද හින්දු' වාර්තා කර ඇත්තේ පසුගිය වසරේ (2020) මැයි මාසයේදී දුරකථන සංවාදයකදී අගමැති මෝදි වෙත සෘජුවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ඩොලර් බිලියන එකක හුවමාරුවක් සඳහා ඉල්ලීම තවමත් ක්‍රියාත්මක වී නොමැති බවයි.
 
එසේම වසංගතයෙන් උග්‍ර වී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු මඟහරවා ගැනීම සඳහා ණය සහනයක් ඉල්ලා 2020 පෙබරවාරි මාසයේ පැවති රැස්වීමකදී අගමැති මහින්ද රාජපක්ෂ ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් කළ ඉල්ලීමට තීරණයක් දීම ඉන්දියාව ප්‍රමාද කර ඇතැයි වාර්තා වේ.

 

 

 


 

THE  LEADER  TV
 
 

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

පිස්සුකුට්ටයා පිටුපස ඉන්න පිස්සා මැදමුලනේ !| මොණරවිලගේ ලියමන  

 

 
ස' Tool මාරු කරයි! ගොඩයයිද?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්