(ශ්‍රී ලාංකීය ප්‍රියන්ත කුමාර සැහැසි ලෙස ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් කම්පාවන පකිස්තාන ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදි කාම්රාන් රෙහ්මට් ගේ සටහනකි)
“ශ්‍රී ලංකා සින්දාබාද්” කියා උගුර ලේ රහ වනතුරු කෑ ගැසීම අපිට අමුතු දෙයක් නෙවෙයි. ඒ වගේම “පකිස්තානයට ජය වේවා!” කියා කෑ ගැසීම ශ්‍රී ලාංකිකයන්ට ද හොඳින් හුරු පුරුදු දෙයකි.
ශ්‍රී ලංකාව බොහෝ කාලයක සිට පකිස්තානුවන්ගේ හදවත් තුළ විශේෂයෙන් ම ක්‍රිකට් ලෝලීන්ගේ හදවතේ ගැඹුරෙහිම විශාල ඉඩක් වෙන්කරගෙන තිබෙනවා. මේ බැඳීම මගේ පවුලට රුධියර හා සමීපයි.
රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ මගේ පියා 1978 ශීත සෘතුවේ දී කොළඹ මහ කොමසාරිස් කාර්යාලයේ සේවයට පත්වුණා. මගේ සහෝදරයන් වූ අද්නාන්, රිස්වාන්, සහෝදරිය සබීහා සහ මම වසර හයක් මුහුදු බඩ පිහිටි ඉතාමත් සාමකාමී අගනගරයේ අපේ සුන්දර ළමා කාලය ගත කළා. අපි කොහේ ගියත් මතක සිටින සිහිවටන ඡායාරූප ඇතුළු සිහිවටන රැගෙන යනවා. රටවල් සියයකට වඩා ප්‍රමාණයක සංචාර කර තිබෙනවා. ඒ අතරින් අපේ උපන් රටෙන් පිටත ශ්‍රි ලංකාවට තරම් වෙනත් කිසිම රටකට ආදරය කළේ නැහැ. එය මුතු ඇටයක් හැඩැති රටක්.
නමුත්, අපි එහි ගත කළ කාලයේ හැමදේම හොඳින් සිදුවූවා යැයි කිව නොහැකියි. අපේ ජීවිතයේ පළමු වතාවට ඇඳිරිනීතිය පිළිබඳ අත්දැකීම ලැබුණේ 1983 දී.
ඉන් පසු, නූතන ඉතිහාසයේ දීර්ඝතම බෙදුම්වාදී ව්‍යාපාරයක් ආරම්භ වූ අතර එය ඉතාමත් ඉක්මණින් වර්ධනය වී මරාගෙන මැරෙන ප්‍රහාරවල බිහිසුණු බව ලෝකයට ම පෙන්වා දුන්නා.
කොටි සංවිධානය රටේ ගෙල මිරිකන්නට පටන් ගෙන තිබිය දී 1984 මුල අපිට ශ්‍රී ලංකාවෙන් පැමිණීමට සිදුවුණා. ඉන් දශක දෙකහමාරකට පසු ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදී සන්නද්ධ අරගලය පරාජය කර එය සම්පූර්ණයෙන් ම තුරන් කර දැමීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.
නමුත්, අප පිටත්වීමට පෙර කොළඹ දී අපගේ අත්දැකීම් පිළිබඳ වචන කිහිපයක් කිව යුතුයි.

හමුදා ආඥාදායක ජෙනරාල් සියා උල් හක් විසින් පත්කළ කැන්ගරු අධිකරණයක් විසින් මිනීමැරීමට අනුබල දීම සම්න්ධයෙන් වූ මතබේදාත්මක චෝදනා එල්ල කරමින් හිටපු අගමැති භූතෝ 1979 දී ඝාතනය කිරිමෙන් පසු මගේ පියා ඉතාමත් අසීරු කාලයක් ගත කළා.
මට මතකයි මමත්, මගේ අයියලාත් පකිස්ථාන ජාතික ක්‍රිකට් කන්ඩායම සිටි ක්‍රීඩාංගණයකට ගියා. වත්මන් ඉන්දීය අගමැති ඉම්රාන් ඛාන් පවා එහි සිටියා. අලි භූතෝ එල්ලා මැරූ දිනයේ දී ඔවුන් මිත්‍රශීලී ලෙස ක්‍රීඩා කරමින් සිටියා. දහවල් හදිසියේ ම පුවත්පත් විශේෂ අතිරේකයක් නිකුත් වුණා. එහි ලොකු අකුරින් සිරස්තලයක් යොදා තිබුණා “අලි භූතෝ එල්ලා මරයි” යනුවෙන්. මෙය ක්‍රීඩාගාරයටත් ලැබුණා.
මාස කිහිපයකට පසු ජෙනරාල් සියා උල් හක් හිටපු අගමැතිනියට තෑගි දීමට බාස්මතී සහල් ගෝනි ඇතුළු ද්‍රව්‍ය තානාපති කාර්යාලයට එව්වා. මගේ තාත්තා මෙය දුටුවේ යම් තරමකින් ගැටලු ඇතිකරන දෙයක් ලෙසයි. ඒ නිසාම විදේශකටයුතු කාර්යාලය සමඟ මේ ගැන සාකච්ඡා කරන ලෙස ද තානාපතිවරයා සමඟ කතා කළත් ඔහුගේ අදහස වුණේ බණ්ඩාරනායකවරු සමඟ “සන්නිවේදන මාර්ගක් විවෘත කිරීම” සුදුසු බවයි. මේ තෑගි හිටපු අගමැතිනියගේ නිවසට යැවූ විගසම “අපි අලුගෝසුවන්ගෙන් තෑගි පිළිගන්නේ නෑ” යනුවෙන් කෙටි සටහනක් සහිතව ඒ සියල්ල ආපසු එවීමට කටයුතු කර තිබුණා.
ක්‍රිකට්, දකුණු ආසියානු කලාපයේ කෝටි සංඛ්‍යාත ජනතාවකගේ දෙවැනි ආගම ලෙස හැඳින්විය හැකියි. දෙවැනි ආගම වන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අපේ උනන්දුව, රුචිකත්වය වගේම තරඟකාරීත්වය වර්ධනය කළ ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව අවිවාදිතයි.
පරම්පරාගත ප්‍රතිවාදීන්වන රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර නිතරම තරඟ පැවැත්වෙන අතර අපේ මේ තරඟය අද දක්වාම දිවයිනේ ජනප්‍රියයි. මේ ප්‍රතිවාදීන් දෙදෙනා විසින් රට වෙනුවෙන් ඉහළම මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කර තිබෙනවා.
අර්ජුන රණතුංග මේ අය අතරට ආනන්ද විද්‍යාලයෙන් පැන ගත් අයෙක්. මට මතකයි මේ තරඟවලට තාත්තා අපිව කැටුව ගියා. ඉරිදා සවස් කාලයේ අපේ ප්‍රධාන කාර්යයක් වුණේ මේ තරඟ නැරඹීම හෝ කොළඹ මුහුදු වෙරළේ ඇවිදීමට ගාලු මුවදොරට යාම.
ඉන්දියාව විසින් 2009 වර්ෂයේ දී පකිස්ථානය ක්‍රිකට් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ හුදකලා කිරීමට උත්සාහ ගත් අවස්තාවේ දී ශ්‍රී ලංකාව තමන්වෙත එල්ල වූ දැවැන්ත පීඩනය නොතකා පකිස්ථානයේ සංචාරය කරමින් පකිස්ථානයට සිය මිත්‍රත්වයේ සහය ලබාදුන්නා. ඒ සඳාහා අපි අප දෙපාර්ශවයේ ම දේශපාලන නායකත්වයට ස්තූති කළ යුතුයි.
එදා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැගත් බස් රථයට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ දී එහි රියදුරා තම ජීවිතය පවා නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙඩි වරුසාවකින් බේරාගැනීමට කටයුතු නොකළා නම් ඇතැම් විට පකිස්තානය ඉතාමත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට තිබූ බවට විවාදයක් නැහැ.

2012 වරෂයේ දී අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෙහ්මාන් මලික් සමඟ ඔහුගේ නිවසේ දී සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ විමර්ශන ගැන මම මගේ වාර්තාවෙන් බාහිර කරුණක් ලෙස විමසා සිටියා. එය පුදුමයට කරුණක් නෙවෙයි. ඔහු ඒ ප්‍රශ්නය ඇසීම ගැන එකඟ වුණා. මම අවධාරණය කළ විට ඔහු හෙලි කළේ ඔවුන්ට මඟ පෙන්වීම් තිබුණත් අවාසනාවකට ඔවුන්ට එය හෙළි කළ නොහැකි බවයි.
ඉන්දියාව විසින් පකිස්තානයේ ක්‍රිකට් එළිපිටම විනාශ කරද්දී මේවා ප්‍රසිද්ධ නොකරන්නේ ඇයිදැයි විමසූ විට ඔහු කියා සිටියේ ඉස්ලාමාබාද්ට එසේ නොකරන ලෙස කොළමින් කළ ඉල්ලීමට ඉඩ දීමට සිදුවූ බවයි. ඉස්ලාමාබාද්ට සිදුවූයේ ඉන්දියාවේ ආධිපත්‍යවාදී පාලනය යටතේ තම ක්‍රිකට් ද විනාශවනු ඇතැයි කොළඹින් කරන ලද ඉල්ලීමට ඉඩ දී නිහඬව සිටීමටයි. ශ්‍රී ලංකාවත් පකිස්ථානයත් අතර බැඳීම කෙතරම් සමීප සහ ප්‍රබල ද යන්න එයින් තහවුරු වෙනවා.
එදා සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරය එල්ල වූ දවස මට මතකයි. එය සිදුවූ වහාම ඒ පණිවිඩය සමඟ මා අවදි කළේ මගේ සහෝදරයා වන අද්නාන් විසින්. මට හිතුණේ එක ක්‍රීඩකයකුගේ හෝ ජීවිතය අහිමි වුණොත් සිදුවන්නේ කුමක් ද කියා. ඇත්තටම එය හිතනවිට මගේ කකුල් පණ නැති වුණා. මුළු සිරුරේ ම දැඩි වේදනාවක් ඇතිවුණා. වාසනාවකට ඔවුන් නරකම ඉරණමින් බේරී තිබුණා.
ඉතින් අපි සියල්කොට් දෙසට ආපසු හැරෙමු. මෙය ඉතාමත් දැඩි වේදනාකාරී දෙයක්. ඇත්ත වශයෙන්ම ප්‍රියන්ත කුමාරට අත්වූ ඉරණම කාටවත් හිමිවිය යුතු දෙයක් නොවෙයි. ඔහු වැනි ඉතාමත් සරල, වෙහෙස වී වැඩ කළ මිනිසෙකුට තම උපන් බිමෙන් සැතපුම් දහස් ගණනක් දුරින් තම ජීවිකාව කරගෙන යද්දී මේ ආකාරයෙන් ජීවිතයෙන් සමුගැනීමට සිදුවීම සිතා ගත නොහැකි තරම් හදවත කම්පාකරවන්නක්. අපි දැඩි සිත්තැවුලට පත්ව සිටිනවා. මට කිව හැකි දේ ඉහත රූපයේ ඔබ දකින දේ පමණයි. සමාවෙන්න ශ්‍රී ලංකා. මම මගේ මුළු හදවතින් ම ඉල්ලනවා.
(පකිස්තාන ජනමාධ්‍යවේදි කාම්රාන් රෙහ්මට් විසිනි)
(පරිවර්තනය - සජීව විජේවීර)
සබැඳි පුවත්
අන්තර් වාර්ගික සන්නිවේදන මොඩලයක අවශ්‍යතාව - (මහේෂ් හපුගොඩ)
ශ්‍රී ලාංකික ඉංජිනේරුවා ඝාතනයට එරෙහිව යුක්තිය ඉටු කරන්නැයි බිරිඳ ඉල්ලයි
ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයාගේ ඝාතනයට සැකපිට පිරිසක් අත්අඩංගුවට
'සමාවෙන්න' - පාකිස්තාන වැසියෝ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලති අගමැති ඉම්රාන් ඛාන් දැඩි ස්ථාවරයක
ලාංකිකයා ඝාතනය කළ පිරිසට දැඩි දඬුවම් දෙනවා - පකිස්ථාන අගමැති
Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය
පිස්සුකුට්ටයා පිටුපස ඉන්න පිස්සා මැදමුලනේ !| මොණරවිලගේ ලියමන