සෑම කෙනෙකුම ආරක්ෂිත නොවේ නම්, කිසිවෙකු ආරක්ෂිත නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.



සියල්කෝට්හි සිදුවූ අතිශය අමානුෂික ඝාතනය පිළිබඳ සිය කම්පනය සහ අප්‍රසාදය පලකරමින් අධිකරණ අමාත්‍යවරයා විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.


එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

ප්‍රියන්ත කුමාර පකිස්ථානයේදී ප්‍රචණ්ඩ සහ අඤාණ පිරිසක් අතින් මිය යාමේ පුවත ඇසීමෙන් මහත් කම්පනයට හා භීතියට පත් වූයෙමි.

වෛරී අපරාධ යනු සමාජයට පිළිකාවක් වන අතර එය මුළුමනින් මුලිනුපුටා නොදැමුවහොත් ජාතියක දේහය විනාශ කරයි.

මෙම දුෂ්කර කාලය තුළ මගේ සිතුවිලි සහ මගේ යාච්ඤාවන් වින්දිතයාගේ පවුල වෙත යොමු වේවා…

මෙම ම්ලේච්ඡ ක්‍රියාව සිදු කළ අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා නීතියේ සම්පූර්ණ බලයට යටත් කළ යුතුය.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මේ වන විටත් පරීක්ෂණ අධීක්‍ෂණය කිරීමට පියවර ගෙන ඇති අතර දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන්ට දැඩිව උපදෙස් දී තිබේ.

ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 100කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් අත්අඩංගුවට ගෙන තිබීමද සාධනීය වර්ධනයකි.

අන්තවාදයට මෙලොව ඉඩක් නොමැති අතර, එය ඕනෑම ආකාරයකින්   පැවතීම සමාජයේ සෑම කෙනෙකුටම තර්ජනයකි. කිසිවකු එහි අත්තනෝමතිකත්වයට මුහුණ දිය යුතු නැත.

සෑම කෙනෙකුම ආරක්ෂිත නොවේ නම්, කිසිවෙකු ආරක්ෂිත නැත.''



ප්‍රියන්තගේ දේහය හෙට දිවයිනට

retergf

පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර ගේ දේහයේ හෙට (06) දින මෙරටට ගෙන්වනු ලබන බව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රාජ්‍ය වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් දේහය මෙරටට රැගෙන එන බවය.

දෙසැම්බර් 03 වැනි දින ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණි.

මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් එම මෘත දේහය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිතය.

විදේශ අමාත්‍යංශය විසින් මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරනු ලැබේ.  

විපතට පත්වූ පාර්ශ්වයට වන්දි ගෙවීම සඳහා, ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යංශය සමග සම්බන්ධීකරණ වෙමින් කටයුතු කරමින් ඇත.

ඒ සම්බන්ධයෙන් පාකිස්තාන බලධාරීන් සහ මියගිය පුද්ගලයාගේ සේවායෝජකයා සමග මේ වනවිට සාකච්ඡාවල නිරතව සිටින බවද විදේශ අමාත්‍යාංශය පවසයි.

 

සබැඳි පුවත්
 
 
ප්‍රියන්ත දියවඩනගේ ඝාතනය දිවිපිදීමක් සේ සළකා වගකීමෙන් කටයුතු කරමු -රටේ රාළ

අන්තර් වාර්ගික සන්නිවේදන මොඩලයක අවශ්‍යතාව - (මහේෂ් හපුගොඩ)

ශ්‍රී ලාංකික ඉංජිනේරුවා ඝාතනයට එරෙහිව යුක්තිය ඉටු කරන්නැයි බිරිඳ ඉල්ලයි
 
ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයාගේ ඝාතනයට සැකපිට පිරිසක් අත්අඩංගුවට
 
'සමාවෙන්න' - පාකිස්තාන වැසියෝ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලති අගමැති ඉම්රාන් ඛාන් දැඩි ස්ථාවරයක

ලාංකිකයා ඝාතනය කළ පිරිසට දැඩි දඬුවම් දෙනවා - පකිස්ථාන අගමැති

 

 


 THE  LEADER  TV

 
 

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

පිස්සුකුට්ටයා පිටුපස ඉන්න පිස්සා මැදමුලනේ !| මොණරවිලගේ ලියමන  

 

 
ස' Tool මාරු කරයි! ගොඩයයිද?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්