1200 x 80 DMirror


ලංකාවේ ලොකුම සමූපාකාර සමිතිය වන දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ “කොටපොළ සුරැකීමේ එකමුතුව”

විසින් බහුතර ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

පසුගියවර නිලවරණයේදී නියෝජිතයින්ගෙන් 90%ක් පමණ ජයග්‍රහණය කරනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ආසන 34ක් පමණක් ලබා දැවැන්ත පසුබෑමකට ලක්ව තිබේ.

නිලවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත්ව නැතත් සමූපකාරයේ අධ්‍යක්ෂක මණ්ඩලය පත්කරගැනීමේ අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කොටපොළ සුරැකීමේ එකමුතුවට හැකි බව වාර්තා වේ.

කෙසේ නමුත් අවසන් ප්‍රතිඵලය වෙනස් කර ගැනීම සඳහා මේ වනවිට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිපුණ රණවක මැදිහත් වී විවිධාකාරයේ බලපෑම් සිදු කරමින් සිටින බව lankatruth.com වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ 'පොහොට්ටු' පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසුයේ, දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති නිලවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කර ඇති බවයි. ජවිපෙ ජයගෙන ඇතැයි පලවන වාර්තා අසත්‍ය බවද ඔහු අවධාරණය කළේය.

දෙනියාය ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක, ජනාධිපතිවරයාගේ සොයුරියකගේ පුත්‍රයාවේ. බැසිල් රාජපක්ෂගේ ගුරුහරුකම් මත දේශපාලනයට පිවිසි නිපුන රණවක, පසුගිය මහ මැතිවරණයේදී ඩලස් අලහප්පෙරුම අභිභව ඉදිරියට ගෙනඒමට රාජපක්ෂ පවුලෙන් විශේෂ මෙහෙයුමක් තියත් කර තිබිණ. හිටපු මන්ත්‍රීවරයකු වන පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ එම මෙහෙයුම භාරව කටයුතු කළ අතර බැසිල් වාදීන් එම මහ මැතිවරණයේදී නිපුන රණවක උත්කර්ෂයට නවලමින් පවසා සිටියේ ඔහු මෙරට අනාගත නායකයා ලෙසයි.

Screenshot 2021 12 06 at 11.02.46 AM

දිලිත් ජයවීර සමාජ මාධ්‍යවෙත අද දින මුදාහැර ඇති පොස්ටුවක්

 

WhatsApp Image 2021 12 06 at 11.04.29 AM(මුලාශ්‍රය - lankatruth.com)

 



 THE  LEADER  TV

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

 

මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !  

 

 

අන්තවාදයට එරෙහිව මොණරවිල අවි අතට ගනී! | මොණරවිලගේ ලියමන

 

 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය