1200 x 80 DMirror

පසුගිය දිනවල ගෑස් ලිප් පුපුරා යාම් ඇතුළු ගෑස් සම්බන්ධ අනතුරුවලට හේතු සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කමිටුව මේ වන විට ලබාදී ඇති

වාර්තාව මගින් හෙළිකර තිබෙන්නේ ගෑස් කාන්දුවීම් නිසා අනතුරු සිදුවී ඇති බවය.

පසුගිය ජනවාරි 01 දින සිට දෙසැම්බර් 05 වෙනි දින දක්වා ගෑස් අනතුරු 458ක් සිදුවී ඇති බවත් එයින් 244ක් සිදුවූ ඇත්තේ කාන්දුවීම් නිසා බවත් එම කමිටුව සොයා ගෙන තිබේ.

ගෑස් ලිප් පුපුරා යාම් 178ක් සිදු වී ඇති අතර අධික තාපය හේතුවෙන් වෙනත් ද්‍රව්‍යකට හානි සිදුවීම් 3ක් සිදුවූ ඇති බවද එම කමිටුව අනාවරණය කර ගෙන ඇත.

සිලින්ඩර පුපුරායාම් 1ක් ගෑස් බටයට හානී සිදුවීම් 23ක් සහ රෙගුලේටරයට හානිවීම් 09ක් පිළිබඳව එම කමිටුවෙන් සොයා ගෙන තිබේ.


අනන්‍ය වු ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටලුවක්


එමෙන්ම කමිටුව විසින් ගෑස් කාන්දුවීම් හඳුනා ගැනීම සඳහා අනන්‍ය වු ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ පිළිබඳව අදාළ අයාතන හා සමාගම් සමග කළ සාකච්ඡාවේ දී අදාළ සමාගම් මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල ප්‍රමාණවත් ඊතයිල් මර්කැප්ටන් රසායන ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට එකඟ වී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් ඇති වුවහොත් ඒ බව පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනාගත හැකිය.


වාර්තා වු සිදුවීම්වලට අදාළ ගෑස් කාන්දුවීම්වලදී මෙම ගන්ධය නිකුත් නොවීම නිසා පාරිභෝගිකයින් විසින් නොයෙකුත් අනාරක්ෂිත ක්‍රම ඔස්සේ ගෑස් සිලින්ඩරවල කාන්දුවීම් පරීක්ෂා කිරීමට යාමෙන් මින් ඉදිරියට වළකින ලෙස ද කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.


# ගෑස් කාන්දුවීමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ඊතයිල් මර්කැප්ටන් නැමැති රසායන ද්‍රව්‍ය ගෑස් සිලින්ඩර්වලට ප්‍රමාණවත් අනුපාතයකින් ඇතුලත් කරන ලෙස කමිටුව නිර්දේශ කර ඇත. එම රසායනය ඇතුලත් කිරීමෙන් ගෑස් කාන්දුවක් පිළිබඳව දුර්ඝන්ධයක් ඇති වී අනතුර කල් තියා හඳුනා ගත හැකි බව කමිටුව නිර්දේශ කර ඇත.

# දෙවන කාරණය ලෙස කමිටුව විසින් හඳුනාගෙන ඇත්තේ තත්ත්වයෙන් බාල හා නියමිත කාලය ඉකුත්වු රෙගියුලේටර්, ගෑස් සැපයුම් නළ, හෝස් ක්ලිප් හා දිරාපත්වු උදුන් භාවිතය ද අනතුරු ඇතිකරන බව කමිටුව පවසයි.


ගෑස් කමිටුව විසින් නිකුත්කර ඇති නිවේදනය මෙන්න

 

image 87393ac63aimage f4e014c9e8


THE  LEADER  TV
 


ප්‍රවේශම්වන්න, ගහපු විදිහ හොයන්න බැරිවෙන්න ගහපු අය පිටියට? | මොණරවිලගේ ලියමන
 


මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !
 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය