වෘත්තීය උපාධීධාරීන්ගේ සේවාව තවදුරටත් ඩිප්ලෝමා වැටුප් තලයක පවත්වා ගැනීමට විරෝධය පෑම ඇතුළු මුලික ඉල්ලීම් හතක් සදහා

විසදුම් ඉල්ලමින්  අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සුව සේවයේ වෘත්තිකයන් රැසක් තිරණය කර තිබේ.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් ඇතුළු හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට එළඹෙන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසන්නේ.

''සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍ය වරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා නොදීම හේතුවෙන් අද (දෙසැම්බර් 08) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට තීරණයකර තිබේ."

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ හා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, එහි ආරම්භක පියවර ලෙස දෙසැම්බර් 8 වැනි බදාදා වයඹ පළාතේ පවතින සියළු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාල සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් සේවයට වාර්ථා නොකරමින්, කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වන බවයි.

දෙසැම්බර් 9 වැනි බ්‍රහස්පතින්දා  මධ්‍යම පළාතේ සියළු රෝහල් තුලද එවැනිම වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

මෙම විරෝධතා මාලාව ඒ ආකාරයෙන්  සියළු පළාත් තුල දියත් කෙරෙන අතර, අවසානයේදී දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට එළඹීමටද, බලධාරීන්ගේ ඇස් කන් හරිනතුරු සේවයෙන් වැලකී සිටීමටද තීරණය කර ඇති බව රවී කුමුදේශ් වැඩි දුරටත් අවධාරණය කරයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විශමතාවය ඉවත් කිරීම වෙනුවට,

යම් ප්‍රමාණයකට හෝ විසදුම් ලබා දී තිබූ රනුක්ගේ වැටුප් නිර්දේශ ක්‍රියාත්මකවීම අත්තනෝමතිකව නතර කර දැමීම,  වෘත්තීය උපාධීධාරීන්ගේ සේවාව තවදුරටත් ඩිප්ලෝමා වැටුප් තලයක පවත්වා ගැනීම, සේවා දායකයන්ගේ ණය නොගෙවීම, කොමිස් උවමනාව වෙනුවෙන්, අනවශ්‍ය උපකරණ හා රසායන ද්‍රව්‍ය ගොඩ ගසමින් විශාල මුදල් නාස්තියක් සිදු කරමින් සෞඛ්‍ය සේවාව කඩා වැටීමට ඉඩ හැර බලා සිටීම, ඖෂධ මිල සහ සෞඛ්‍යය සැපයුම් මිල පාලනයක් සිදු නොකරමින් මහජන අවශ්‍යතා නොසලකා හැරීම,  සෞඛ්‍ය පරිපාලනය  තුල වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අවශ්‍යතා නොසලකා හැරීම වැනි මූලික ඉල්ලීම් 7ක් සදහා විසදුම් ලබා දෙන තුරු මෙම වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ හා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් නිකුත් කළ නිවේදනයක වැඩි දුරටත් සදහන්ය.

 

 

 

 


 

THE  LEADER  TV
 
 
 

දයාසිරි අහුවුණ බැසිල්ගේ උගුලට මෛත්‍රීත් ! 

 

 මදාවින්ගේ නොදුටු ගැමුණු එළියට පනී !| මොණරවිලගේ ලියමන

 
සර් මහින්ද ඉල්ලා අස්වෙයිද ?| "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්