ජාතික සම්පත් විකිණීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විදුලි, වරාය සහ ඛනිජතෙල් සේවකයින් අද

(08) දහවල් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී විරෝධතා ක්‍රියාමාර්ගයක් සිදුකරන බව විදුලි වෘත්තිය සමිති පවසයි.

විදුලි සේවකයින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කර ඊට එක්වන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පැවසිය.

එම විරෝධතාවයෙන් අනතුරුව සංදේශයක් රැගෙන ජනාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමට සැලසුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මෙසේ සඳහන් කළේය.

"අද විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයෝ බලාගාර, කාර්යාල, වැඩබිම්වලින් එළියට බැහැලා 11 වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලයේ මුලස්ථානය වෙත පැමිණෙනවා. අනතුරුව අපි දවල් 12ට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනවා කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී. අනතුරුව තෙල් වරාය ඒකාබද්ධ සන්ධානය විදිය ට ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, වරාය ඒකාබද්ධ සන්ධානය විදියට අපි සන්දේශ තුනක් අරගෙන ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා.

විදුලිබල මණ්ඩල සේවකයෝ හෙට රට පුරා ලෙඩ නිවාඩු වාර්තා කරලා තමා කොළඹට එන්නේ. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති යැයි කියා ගන්නා සුබ සාධක සංගම් කිහිපයක් එකතු කරගෙන විවිධ මාධ්‍ය ඔස්සේ මෙම ක්‍රියාමාර්ගය අඬපණ කිරීමට සුදානම් වෙනවා. අපි තාමත් වැඩවර්ජනයකට දින වකවානු තීරණය නොකළේ මේ රජය ජනතාව පීඩාවට පත්කරලා තියෙන නිසයි ආණ්ඩුව. ඒ නිසා ආණ්ඩුවට කියනවා වහාම මේ ගිවිසුම ඉල්ලා අස්කර ගන්න ඕනේ." 



රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති අද ලෙඩ වෙයි.


මේ අතර රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක වෘත්තීය සමිති අද(08) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ. ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස එම පියවර ගෙන ඇත්තේ, රුපියල් 10,000 වැටුප් වැඩිවීමක් ඉල්ලමිනි.

ඒ අනුව, අද දිනයේදී තැපැල් සේවකයින් ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර සඳහන් කළේය.

එසේම, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය ද කියා සිටියේ, තමන්ද අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බවයි.

 සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද දිනය තුළ වයඹ පළාතේ රෝහල්වල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේය.



සබැඳි පුවත් :

සුව සේවයේ අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්

 

 


 

THE  LEADER  TV
 
 
 

දයාසිරි අහුවුණ බැසිල්ගේ උගුලට මෛත්‍රීත් ! 

 

 මදාවින්ගේ නොදුටු ගැමුණු එළියට පනී !| මොණරවිලගේ ලියමන

 
සර් මහින්ද ඉල්ලා අස්වෙයිද ?| "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්