කාව්‍යකරණයේ යෙදීම නිසා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන සිරගත කොටගෙන සිටින මුස්ලිම් කවියකුට ඇප දීමට විරුද්ධතාවක් නැති බව නීතිපති දෙපාර්තමේන්තුව දහඅට මාසයකට වැඩි කලකට පසු
අධිකරණයට දැනුම් දී තිබේ.
කවියකු සහ ගුරුවරයකු වන අහ්නාෆ් ජාසීම් පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගන්නා ලද්දේ 2020 මැයි මස 20 වැනි දිනයේයි. එදා සිට අද දක්වා ඔහුට ඇප ලබාදී නැත.
ඔහුගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ගොනු කර ඇති පෙත්සම අද (08) දිනයේ කැඳවන ලද අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ අහ්නාෆ් ජසීම් ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ නොවන බවයි.
මෙම නඩුව කැඳවනු ලැබුවේ ජනාධිපති නීතිඥ එස්.තුරෙයිරාජා, විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේයි.
අහ්නාෆ්ට එරෙහිව පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති නඩුව විභාග වන විට අහ්නාෆ්ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ නොවන බවත් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ අධිකරණයට දන්වා තිබේ. දෙසැම්බර් 15 වැනිදා පුත්තලම මහාධිකරණයේදී කවියාට එරෙහිව රජය විසින් පවරා ඇති නඩුව කැඳවීමට නියමිතය.
එදිනට මහාධිකරණයෙන් අහ්නාෆ්ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ නොවන බව සටහන් කර ගත් අධිකරණය විසින් මේ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් මෝසමක් ගොනු කිරීමට පෙත්සම්කරුට අයිතියක් ඇතැයි දැනුම් දුන් බව නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසයි.
අහ්නාෆ් ජසීම්ගේ මූලික අයිතිවාසිකම් නඩුව ලබන අවුරුද්දේ මාර්තු 08 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමට දින නියම කෙරිණි.
ජනාධිපති නීතිඥ ආචාර්ය කේ.කනග් ඊශ්වරන්, ජනාධිපති නීතිඥ ඒ.ඒ. මිලියස් සමගින් ජනාධිපති නීතිඥ ලක්ෂ්මන් ජෙයකුමාර්, සංජය විල්සන් ජයසේකර, ස්වස්තිකා ආරුලිංගම් සහ නීතිඥ තරිඳු රත්නායක නීතීඥ එස්.දේව් දේවපාලන්ගේ උපදෙස් පරිදි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ.
සබැඳි පුවත් :
ත්‍රස්ත පොලිසිය හිරකරගෙන සිටි මුස්ලිම් කවියාට 18 මාසයකට පසු නඩු
හිරේ දැමූ අහ්නාෆ් ජසීම් කවියාට අවුරුද්දකට පසු නීතිඥයන් හමුවීමේ වරම
මුස්ලිම් කවියාගේ නඩුවට උත්තර දෙන්න නීතිපති උසාවියේ නෑ
රිමාන්ඩ් කර සිටින අහ්නාෆ් ජසීම්ට සමාන පහසුකම් දීමට උසාවි නියෝගයක්
අහ්නාෆ් නිදහස් කරන ලෙස ඉල්ලීමට යුරෝපා ආණ්ඩු එක්වේ
කවි පොතට හිරේ දැමූ කවියා නිදහස් කරගන්නට ජාත්‍යන්තර සංවිධාන සමූහයක් එක්වෙයි
මුස්ලිම් කවියාට විරුද්ධ චෝදනා ඔප්පු කරගන්න බැරිව CTID උපාමාරුවක
මුස්ලිම් තරුණ කවියකු රඳවාගැනීම ගැන TID ලොක්කාට ප්‍රශ්න
සිර කළ මුස්ලිම් කවියකු වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක්
දයාසිරි අහුවුණ බැසිල්ගේ උගුලට මෛත්‍රීත් !