මළවුන් සැමරීම නිසා අත්අඩංගුවට ගෙන හත් මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටි කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කොට තිබේ.



පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ නීතිඥ සුගාස් කනග රත්නම් විසින් ගොනු කළ මෝසමකට අනුව අද දිනයේ නඩුව යළි කැදවු අතර ඔහු විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිලිගත් විනිසුරුවරයා සැකකරුවන් දහ දෙනා ඇප මත නිදහස් කිරීමට නියෝග කළ බවයි.

සැකකරුවන් නිදහස් කරගැනීම සඳහා සහාය වු නීතිඥයන්ට ස්තුතිය පුද කරමින් නීතිඥ සුගාස් කනගරත්නම් මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ  මෙය නීතිය ලැබු විශාල ජයග්‍රහනයක් බවයි.

දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.

දෙසැම්බර් 6 වැනි සඳුදා නඩුව කැදවු අවස්ථාවේ වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණය විනිසුරු එම්.එච්.එම් ෆසීල් නියෝග කර තිබුනේ එම සැකකරුවන් දෙසැම්බර් 20 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.

6hh5te

5645tyredf

fguytr666


සබැඳි පුවත් :

හය මසක් නඩු නැති මඩකලපුවේ 10ක් තව දුරටත් රිමාන්ඩ්

මළවුන්ගේ සමරු පැවැත්වූ 10ක් මාස 5ක් තිස්සේ දිගටම රිමාන්ඩ්

මඩකලපුවේ දී මියගිය ඥාතීන් සැමරූ දෙමළ දහදෙනෙක් රිමාන්ඩ්

 


THE  LEADER  TV
 
 
 

 බුදු දහම වළලන කොන්ත‍්‍රාත්තුවක් පිටුපසින් ! |මොණරවිලගේ ලියමන 

 

දයාසිරි අහුවුණ බැසිල්ගේ උගුලට මෛත්‍රීත් ! 

 
 
සර් මහින්ද ඉල්ලා අස්වෙයිද ?| "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්