ප්‍රියන්ත දියවඩන වෙනුවෙන් එළඹෙන සිකුරාදා “හෙළාදැකීමේ දිනය” ලෙස නම් කර තිබේ.

 
දේව අපහාස චෝදනා නගා ම්ලේච්ඡ ලෙස කල්ලි ගැසී ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීම  "ඉස්ලාම් විරෝධී"  කටයුත්තක් සහ "නඩු නැති ඝාතනයක්" ලෙස හෙළා දකිමින් එම නිවේදනය කරණ ලද්දේ පකිස්තානයේ ප්‍රධාන පෙලේ ඉස්ලාමීය විද්වතුන්  විසිනි.


ඉස්ලාමීය නිකාය ගණනාවක පූජකවරුන් සහ නීති විශාරදයන් එක්ව පිහිටුවාගෙන ඇති පකිස්තාන උලෙමා සභාව මෙම නිවේදනය කළේ තම ශෝකය පල කිරීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් හමුවීමෙන් අනතුරුව ඔහු හා එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

වැරදිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටි විවිධ නිකායන්ට අයත් පූජක මණ්ඩලය නිකුත් කළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ඒකාබද්ධ ප්‍රකාශයක් කියවු ඉස්ලාමීය උලෙමා සභාවේ සභාපති ආචාර්ය කිබ්ලා ආයාස් මෙම බිහිසුණු සිදුවීම සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීමට සහ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට විවිධ නිකායන්හි සියලුම විද්වතුන් රැස්ව සිටින පැවසීය

ප්‍රියන්ත දියවඩන ඝාතනය අමානුෂික ක්‍රියාවක් බවත්, සාක්ෂි නොමැතිව යමකුට දේවාපහාස චෝදනා නැගීම ෂරියා නීතියට අනුකූල නොවන බවත් ඔහු අවධාරණය කළේය.

"මැර කල්ලියක් විසින් මිනිසකු අමානුෂික ලෙස මරා දමා පසුව ඔහුගේ සිරුර පුළුස්සා දැමීමේ මෙම ඛේදවාචකය ලොව පුරා කෝපයට හේතු විය."

“මෙම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව පකිස්තාන රජය ඉතා දැඩි ක්‍රියාමාර්ග ගැනීම ගැන අපේ ප්‍රසාදය පළකරමු,” යි ශ්‍රී ලංකා මහකොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම උලමාවරුන් මුණගැසීමෙන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ කියා තිබුණි.

 

 


 

THE  LEADER  TV
 
 
 

 බුදු දහම වළලන කොන්ත‍්‍රාත්තුවක් පිටුපසින් ! |මොණරවිලගේ ලියමන 

 

දයාසිරි අහුවුණ බැසිල්ගේ උගුලට මෛත්‍රීත් ! 

 
 
සර් මහින්ද ඉල්ලා අස්වෙයිද ?| "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්