1200 x 80 DMirror

 
 

මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ තමනට ඉහළින් සිටින යම්කිසි අදෘෂ්‍යමාන පිරිසක් විසින් සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව

හසුරුවනු ලබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන චෝදනා කර සිටියි.

ඔහු එබව කියා සිටියේ, ඊයේ දින පාර්ලිමේන්තුවේ ද අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

තමන් ඇමතිවරයා වුවද අපනයන සංවර්ධන සභාව කැඳවීමට නිලධාරීන් ඉඩනොදෙන බවත්, සතොසේ සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් කර ඇති පොලිස් පැමිණිලි විභාග කිරීමට පොලිස්පතිවරයා පියවර නොගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙසේද පැවසිය.

''පනතේ  තියෙනවා අපනයන සංවර්ධන අමාත්‍ය සභාවක් තියෙන්න ඕනේ. ඒකේ ජනාධිපති මූලාසනය ගන්න ඕනේ. අගමැතිවරයා ඉන්න ඕනේ. මුදල් ඇමතිවරයා ඉන්න ඕනේ. වෙළෙඳ ඇමතිවරයා ඉන්න ඕනේ. කර්මාන්ත ඇමතිවරයා ඉන්න ඕනේ. මේ එක ඇමතිවරයෙක්වත් ඉන්නේ නැතුව, කරන වැඩ නීත්‍යානුකූල නැහැ.

 

''මම අපනයන සංවර්ධන අමාත්‍ය සභාව අවුරුදු 26කට පස්සේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමාට කියලා එක දවසක් කැඳෙව්වා. එකම දවසයි කැඳවන්න පුළුවන් වුණේ, ඊට පස්සේ කවදාවත්ම කැඳවන්න ඒ නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි අපි තේරුම් ගත යුතු ප්‍රශ්නේ.''

 

එතන කැඳෙව්වොත් අපනයනය සංවර්ධනයට සම්බන්ධ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මුදල් ඇමති, වෙළෙඳ ඇමති, කෘෂිකර්ම ඇමති, කර්මාන්ත ඇමති මොකද ඒක ගැන කියන්න‍. ජනාධිපතිතුමාට තීන්දුවක් දෙන්න පුළුවන්. එහෙම රැස්වෙන්න දේන්නේ නැත්තේ, හැම නායකයෙක්ම වටකර ගන්න වන්දිභට්ටයෝ, ප්‍රශ්ස්ථකරුවෝ, ආවතේවකරුවෝ හා වෙනත් පාර්ශව ඉඳලා ඒකට ඉඩදෙන්නේ නැත්නම්..

මම මේ පැහැදිලි කරන්නේ අපි නොදකින, අපිට වඩා උඩින් ඉන්න යම්කිසි අදෘෂ්‍යමාන, විවිධ මුදල් අමාත්‍යාංශයේත් මහ බැංකුවේත් ඉන්න කිසියම් පිරිසක් විසින් මේ සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනවා කියන එකයි මම මේ ඔප්පු කරන්න හදන්නේ.

 

''මට තේරෙන්නේ මෙහෙම මේ රටට යන්න බැහැ. අපි අවංක වෙන්නේ නැත්නම්, අපි ජනතාවට මේ ඇත්ත කියන්නේ නැත්නම්, මේ සියල්ලට වැරදිකාරයෝ වෙන්නේ අවසානයේ දී....''

 

සතොසේ වෙලා තියෙන වංචා දූෂණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්වේ තියෙනවා පරීක්ෂණ 5 ක් ලිඛිතව දීපු. ඒ එකක්වත් මේ පොලිසිය, අපාරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව පරීක්ෂණයක් කරන්නේ නැහැ.

සීනි එකත් තියෙනවා. සීනි එකට අධිකරණයේ ඉතාම පැහැදිලි නඩුවත් තියෙනවා. අපිව මේ වටේ ඉන්න මිනිස්සු, මේ තමන් විශාල හොරකමක්, ජාවාරමක් කරලා හොරුන්ට ගහන කොට, හොරුන්ට ගහන කෙනා හොරා කියන කොට අපි පැහැදිලිව මේ සභාවේ මන්ත්‍රීවරුන්ට ගෞරවයකින් කියලා තියෙනවා, මගේ අමාත්‍යාංශයේ නම් මම හරි මගේ දරුවෙක් හරි සත 5 ක හරි වංචාවක්, දූෂණයක්, අක්‍රමිකතාවයක්, බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් කරලා කියලා, ඔබතුමන්ලා ඇවිල්ලා මට මෙතන ඔප්පු කරන්න. එහෙම ඔප්පු කරපු දවසට මම මේ ජරාජීර්ණ දේශපාලනයෙන් සදාකාලයට සමුගන්නවා, පාර්ලිමේන්තු ඇමතිකම්වලින් බැහැරව.

 

''මෙහෙම රටක් කවදාකවත් හදන්න බැහැ. කිසි වැරැද්දක් කරපු මිනිහෙකුට දඬුවමක් දෙන්නේ නැත්නම්, පොලිස්පතිට පැමිණිලි කළාට කළාට පැමිණිල්ල විභාග කරන්නේ නැත්නම්.''

 

 

SLIIT බලපෑම් ගැන බන්ධුල කනස්සල්ලෙන් !


මේ අතර පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වන මාලඹේ ස්ලිට් (SLIIT) හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රජයට පවරා ගැනීම සඳහා තමන් විසින් දරන උත්සාහයට ආණ්ඩුවේ බලධාරීන් ගෙන් දිගින් දිගටම එල්ල වෙමින් තිබෙන බලපෑම් සම්බන්ධයෙන් ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා දැඩි කනස්සල්ලකින් පසුවන බව වාර්තවේ.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තිබු මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට මුදල් උපයාගැනීමේ අරමුණින් යුතුව ආරම්භකර තිබු ස්ලිට් ආයතනය පවරාදීමේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මිට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද කර තිබිණ.

මෙම පවරාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසන් සභාවක්ද පත්කර තිබු අතර පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් ද පසුගියදා මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කර තිබිණ.

 

කෙසේවුවද මේ සම්බන්ධයෙන් වෙළඳ ඇමතිවරයා විසින් මාස කිහිපයකට පෙර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රීකාව ආගිය අතක් නොමැතිවීම ඇමතිවරයාගේ විමතියට හේතුවී ඇතැයි ද පැවසේ.

 

වෙළඳ අමාත්‍යංශයේ නිලධාරියකු පැවසුයේ SLIIT ආයතනයේ බලධාරීන් ජනාධිපතිවරයාට හිතවත් ප්‍රකට ව්‍යාපාරිකයකු මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අනිසි බලපෑම් කරමින් සිටින බවයි.

අදාල ව්‍යාපාරිකයා පසුගිය දිනක පැවති විවාහ උත්සවයකදී SLIIT ආයතනයේ ප්‍රධානින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට මුණගස්වා ඇති බවත්, ඒ අනුව පසුදාම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් විමසීමක් කර ඇති බවත් පැවසු එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ, ඇමතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු ජනාධිපතිවරයා සැහීමකට පත්වූ බවයි. '' ඇමතිතුමා වැඩේ කරගෙන යන්න..'' ජනාධිපතිතුමා වෙළඳ ඇමතිවරයාට පවසා ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.


(උපුටා ගැනීම - biz.adaderana.lk)


THE  LEADER  TV
 
 
 
 

නිමල් සිරිපාලගෙන් බැසිල්ට ටොක්කක්! 

 

 

බුදු දහම වළලන කොන්ත‍්‍රාත්තුවක් පිටුපසින් ! |මොණරවිලගේ ලියමන 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්