සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පක්ෂයෙන් නෙරපා ඇතැයි එම පක්ෂයේ ප්‍රධානින් පවසතත් මැතිවරණ
කොමිෂන් සභාව පවසන්නේ ඇය තවදුරටත් එම පක්ෂයේ උප ලේකම්වරිය බවයි.
තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමකට අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2021.12. 04 ලබාදුන් තොරතුරු අනුව එබව අනාවරණය වී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව එබව සඳහන් කර ඇත්තේ, පිළිගත් දේශපාලන පක්ෂවල නිලධාරී මණ්ඩල වල සිටින කාන්තා නියෝජිතයින් සම්බන්ධයෙන් සංජීව විමලගුණරත්න කල විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
ජනාධිපතිවරයාට උපරිම විධායක බලය ලබාදීම සඳහා ගෙන ආ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආණ්ඩු පක්ෂයට සහය දීමෙන් පක්ෂ විනය කඩකර ඇතැයි චෝදනා කරමින් පක්ෂයෙන් නෙරපන ලද බව ප්‍රකාශවිය.
කෙසේවුවද සමගි ජන බලවේගයේ අයිතිය ඇත්තේ තමන්ට බව ඩයනා ගමගේ කිහිප වතාවකම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර තිබිණ.
ඩයනා ගමගේ හැරුන විට සජබ නිලධාරී මණ්ඩලය තුල කාන්තා පාර්ශවය නියෝජනය කරන්නේ එහි අධ්‍යාපන ලේකම් චමත්කා බණ්ඩාර රත්නායක පමණි. ඇය එම පක්ෂයේ ප්‍රධානියෙකුගේ දියණියක් බව වාර්තාවේ.
මැතිවරණ කොමිෂන් සභාවේ ලිපියෙන් අනාවරණය වන වැදගත්ම කාරණය වන්නේ මෙරට පිළිගත් ඇතැම් දේශපාලන පක්ෂවල නිලධාරී මණ්ඩල තුල කිසිඳු කාන්තාවක් නියෝජනය නොවීමයි.
නිමල් සිරිපාලගෙන් බැසිල්ට ටොක්කක්!
බුදු දහම වළලන කොන්ත‍්‍රාත්තුවක් පිටුපසින් ! |මොණරවිලගේ ලියමන