ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රදවාගෙන සිටින සියළු දෙනාට

නිදහස ලබා දෙන ලෙස දකුණේ මානව හිමිකම් ක්‍රියාධරයන් පිරිසක් නීතිපතිවරයාගෙන් ඉල්ලද්දී, වසර දෙක හමාරකට වැඩි කලක් නඩු නැතිව රඳවාගෙන සිටින හැට තුන් දෙනකු තවදුරටත් රිමාන්ඩ් භාරයේම තැබීමට මඩකලපුව අධිකරණය නියෝග කර තිබේ.

මාරාන්තික වසංගත ව්‍යාප්තියේ අනතුර තවමත් පහව ගොස් නොමැති බැවින් සැකකරුවන් හැට තුන් දෙනා ශාරිරික ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් නොකළත් විනිසුරුවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

එම සැකකරුවන්ට දෙවසරක් තිස්සේම නඩු පවරා නැත.

දෙසැම්බර් 9  වැනි  බ්‍රහස්පතින්දා මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන්  නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙසැම්බර් 22  වැනි දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

court

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවේ  මහ මොළකරු ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇති සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත වසර දෙකකට ඉහතදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 69 දෙනා අතුරින් හය දෙනකු මේ වන විටත් අධිකරණය මගින් නිදහස් කර ඇති බව නැගෙනහිර  වාර්තාකරුවෝ පවසති.


අත්අඩංගුවේ සිටින සැකකරුවන් අතර සහරාන් හෂීම්ගේ නැගනියද වේ.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු සැකකරුවන් දිවයිනේ විවිධ පළාත් තුළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිසක් බව වාර්තාකරුවෝ තව දුරටත් පවසති.

සැකකරුවන් අතුරින් වැඩි පිරිසක් කාත්තන්කුඩි, කල්මුනේ, සයින්දමරදු, සම්මන්තුරේ ආදී ප්‍රදේශ වල පදිංචි කරුවන් වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින  සියළුම සිරකරුවන් පිළිබදව විස්තර ලබා දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි මානව හිමිකම් ක්‍රියාධරයන් පිරිසක් දෙසැම්බර් 8 වැනිදා නීතිපති වරයා වෙත ලිපියක් ද යොමු කරමින් අවධාරණය කර තිබුනේ අත්අඩංගුවට ගෙන සිටින  සැකකරුවන්ගේ නඩු කඩිනම් කිරීමේ හැකියාව නීතිපති දෙපාර්තමේන්තුවට මෙන්ම නීතිපතිවරයාට හැකියාව තිබෙන බවයි.

"ඒ වගේම නිදහස් කරන්න පුළුවන් කමක් තියනවානම් ඒ නිදහස් කරන්න පුළුවන් අය කවුද කියලා ඔහුට පුළුවන් අධිකරණයට වාර්තාව ඉදිරිපත් කරන්න."මාරිමුත්තු සතිවේල් පියතුමා  කොළඹදී මාධ්‍ය වෙත පවසා තිබුනි.




මිනිස් ජීවිත 268 ක්

දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියහ.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල දෙවසරකට ඉහතදී  බෝම්බ පිපිරීම් සිදු වුයේ පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව කොළඹ අගරදගුරු කාදිනල්  මැල්කම් රංජිත් හිමියෝ දිගින් දිගටම අවධාරණය කරමින් සිටිති.

 

 

 


 

THE  LEADER  TV
 
 
 
 

ජනාධිපතිගෙන් බන්දුලට කණේ පාරක්!   

 

ජනමතය බල්ලට තීන්දු අපේ කැමැත්තට! | මොණරවිලගේ ලියමන  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්