ශ්රී ලංකාවේ ප්රවීණ චිත්රපට අධ්යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් අද උදැසන අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 72 වන වියේ පසුවිය.
සුනිල් සෝම පීරිස් වැඩිම සිංහල චිත්රපට ගණනක් අධ්යක්ෂණය කරමින් වාර්තාවක් තැබූවෙකි. මොහු විසින් චිත්රපට 54 ක් පමණ අධ්යක්ෂණය කර ඇතැයි වාර්තාවේ.
ඔහු විසින් අධ්යක්ෂණය කළ ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ , දිනුම, ඔබටයි ප්රියේ ආදරේ යන චිත්රපට හත පිට පිටම දින සියය ප්රදර්ශනය විය. ඔහුගේ සියළුම චිත්රපට දින 50 ඉක්මවා ආරම්භක ප්රදර්ශන සිනමා ශාලාවල තිරගතවිය.
ජේම්ස් බොන්ඩ්, පිස්සු පූසෝද ඔහුගේ ජනප්රිය චිත්රපටි දෙකකි. ඔහු විසින් කරන ලද අනුකරණ චිත්රපට ද එලෙසම වාර්ත ගත විය.
ඔහුගේ චිත්රපටවල ඔහු රඟපෑ අවස්ථා ලෙස ඔබට දිවුරා කියන්නම්, රජ වැඩකාරයෝ, මමයි රජා චිත්රපට හැඳින්විය හැකිය.
ජනාධිපතිගෙන් බන්දුලට කණේ පාරක්!
ජනමතය බල්ලට තීන්දු අපේ කැමැත්තට! | මොණරවිලගේ ලියමන