ජාත්‍යන්තර විරෝධය මධ්‍යයේ පුනරුත්ථාපනය නමින් ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙලේදී හිටපු දෙමළ විමුක්ති කොටි සටන්කාමීන්ට ලබා දුන් පොරොන්දු

කිසිවක් ඉටු කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

මහත් දුගී භාවයට පත්ව ඇති ඔවුන්ගෙන් ඇතැමකු සියදිවි හානි කරගෙන ඇති බව දෙමළ මන්ත්‍රීවරයකු විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කර ඇත.

යුද අවසානයේදී අත්අඩංගුවට ගත් හෝ රජයේ ආරක්‍ෂක හමුදා වෙත බාර වූ දෙමළ විමුක්ති කොටි සටන්කාමීන්ගෙන් ඇතැම් දෙනා යළි සමාජගත කිරීම සඳහා  'පුනරුත්ථාපන' නමින් වැඩ සටහනක් වසර තුනක් පුරා ක්‍රියාත්මක කෙරිණි.

ආණ්ඩුවේ පුනරුත්ථාපන වැඩසටහන දෙමළ ජනතාව නඩු නැතිව සිරගතකොට තබාගන්නට සකස් කරගත් ක්‍රමයක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෝෂ දර්ශනයට ලක්වුවකි.


''පුනරුත්ථාපන වුනු හිටපු දෙමළ කොටි සටන්කාමීන්ට ආණ්ඩුව දෙනවා කියලා පොරොන්දු වුනු කිසිවක් ලබා දීලා නැහැ, අද ඔවුන් බරපතල විදිහට දුප්පත් වෙලා ඔවුන්ට කියලා කිසිදු ආදායම් මාර්ගයක් නැහැ, සිඟමන් යදින තත්වයකට ඔවුන් පත්වෙලා ඉන්නේ,'' යැයි දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩික්කලෙයිනාදන් කියා සිටියේ නොවැම්බර් 08 වැනිදා පැවති පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයේදීය.


ආණ්ඩුවේ ආරක්ෂක හමුදා මගින් කෙරුණු මෙම 'පුනරුත්ථාපන' ක්‍රියා වලිය යටතේ, සමාජ ගත කෙරුණු ගණන ආණ්ඩුව පවසන සංඛ්‍යා ලේඛන අනුව 12 000 කට වැඩිය. විටින් විට මෙම පිරිස නිදහස් කර තිබේ.

''සුළු කර්මාන්ත කරන්න බැංකු ණය ලබා දෙන්න, වෙනත් රැකියා අවස්ථා ලබා දෙන්න ආණ්ඩුව මොවුන්ට පොරොන්දු වුණා, ඒත් ඒ කිසිවක් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ, ජිවත් වෙන්න ක්‍රමයක් නැති නිසා කනස්සල්ලෙන් සිටි පුනරුත්ථාපනය වුනු හිටපු කොටි සටන්කාමීන්ගෙන් ඇතැම් දෙනා සිය දිවි හානි කරගෙන තිබෙනවා,'' යැයි ද අඩික්කලෙයිනාදන් මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩුවේ පුනරුත්ථාපන වැඩපිළිවෙල යටතේ නිදහස් වූ බොහෝ සටන්කාමීන් පසුපස රජයේ චර පුරුෂ සේවා නිරන්තරව ලුහු බඳිමින් සිටින අතර ඇතැම් විට අත්අඩංගුවට ගැනීම් ද වේ.

පසුගිය මැතිවරණ සමයේදී හිටපු සටන්කාමීන් එකතුව දේශපාලන පක්‍ෂයක් ද පිහිටුවා ගනු ලැබිණි.

යුද හමුදාවට භාරවූ හෝ අත් අඩංගුවට ගන්නා ලද එල්ටීටීඊ සාමාජිකයන් රජය විසින් පුනරුත්ථාපනය සඳහා කඳවුරුගත කිරීම ඥාතීන් සහ මානව හිමිකම් සංවිධාන විසින් හිංසක වැඩ සටහනක් ලෙසින් හෙලා දකිනු ලැබුවකි.


රඳවා තබා ගනු ලබන්නන් පුනරුත්ථාපනයේදී වධහිංසාවට සහ නොමනා සැලකිල්ලට ගොදුරු කරගන්නා බවට ලැබී ඇති චෝදනා පිළිබඳව සුළු ජාතීන්ගේ කටයුතු පිලිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත රීටා ඉසාක් න්ඩියායේ විසින් ශ්‍රී ලංකාවේ සංචාරයකින් පසු 2016 දී සම්පාදනය කර ඇති වාර්තාවක සඳහන් වෙයි.


මුලුමනින්ම පාහේ සිංහලයන්ගෙන් සැදුම්ලත් හමුදාව භූමියෙන් සහ ජන ජීවිතයෙන් ඉවත් කිරීම උතුර පුනරුත්ථාපනය සඳහා අත්‍යාවශ්‍ය කාරණයක් බව විශේෂ නියෝජිතවරිය අවධාරණය කර තිබිණි.



සබැඳි පුවත් :


ආණ්ඩුවේ අලුත් සංහිඳියා ප්‍රවේශය ගැන ජාත්‍යන්තර Core group සීරුවෙන් !

 
 

THE  LEADER  TV
 
 
 
 

ජනාධිපතිගෙන් බන්දුලට කණේ පාරක්!   

 

 

ජනමතය බල්ලට තීන්දු අපේ කැමැත්තට! | මොණරවිලගේ ලියමන 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්