යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඇමරිකාවේ  නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ අත්සන් කෙරුණු ගිවිසුම  ජාතික ජන

ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක  පාර්ලිමේන්තුවට අද (10)  ඉදිරිපත් කළේය.

ඔහු මෙම ගිවිසුම ඉදිරිපත් කරමින්  පැවසූවේ  තමා මේ ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවාගෙන සිටින ගිවිසුම බවයි.

ඔහු මෙසේ පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි නොයෙක් වර ඉල්ලීම් කළත් රජය හෝ  විදුලිබල අමාත්‍යවරයා එය නොකළ බවත් ගිවිසුම කැබිනට් මණ්ඩලයට පවා ඉදිරිපත් කර නැති බවත්  ඔහු සඳහන් කළේය.

මේ ගිවිසුම අත්සන් කර ඇත්තේ  මෙම වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා යැයිද  අනුර කුමාර දිසානායක කීවේය.

මෙම ගිවිසුම දෙපාර්ශවයේ එකඟතාවයකින් තොරව රටට ජනතාවට හෙළිදරව් නොකර සිටිය යුතු බවටවූ වගන්තියක් ඇතුළත්ව ඇති බවත් මේ රටේ දේපළ සම්බන්ධයෙන් එසේ කටයුතු කළ හැකි දැයි තමා ප්‍රශ්න කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මේරටේ දේපළ අයිතිව ඇත්තේ මේරටේ මහජනතාවට බව පැවසූ දිසානායක, මේ රටේ දේපළ  හා මුදල් ඇමැතිවරයාට හෝ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරා නැති බවද පැවසුවේය.

ඒ නිසා මේ රටේ දේපළ පැවරීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු දැන ගැනීමට අයිතියක් තිබෙන බවද ඔහු කීවේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ගිවිසුම ලබා දෙන්නැයි  අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළද එය නොලැබුණු බව සඳහන් කළ මන්ත්‍රීවරයා  රටේ මහජනතාවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගැනීමට තමා මෙම ගිවිසුම සභාගත කරන බවද සඳහන් කළේය.

ගිවිසුම මෙතැනින් බලන්න

 

 



THE  LEADER  TV
 
 
 
 

ජනාධිපතිගෙන් බන්දුලට කණේ පාරක්! 

  

 

ජනමතය බල්ලට තීන්දු අපේ කැමැත්තට! | මොණරවිලගේ ලියමන 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්