පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ලලිත් කුමාර් සහ උතුරේ අතුරුදන් කළවුන් සම්බන්ධ යුක්තිය ඉටු කිරීමේ අරමුණ

සඳහා ඔහු සමග කටයුතු කළ කුහන් මුරුගානන්දන්  අතුරුදන් කොට දෙසැම්බර් 09 වැනිදාට වසර 10ක් ඉකුත්ව ඇත.

නමුත් ඔවුන් සම්බන්ධ යුක්තිය ඉටු කිරීමට හෝ අවම වශයෙන් තොරතුරක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නොමැත.

මෙම පසුබිම තුළ ලලිත් හා කුහන් ඇතුළු සියලු අතුරුදන් කළවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමේ අවශ්‍යතාව අවධාරනය කරමින් සංවිධානය කළ 'උතුර දකුණ යා කළ අපේ කාලයේ වීරයන්' අනුස්මරණය කිරීම අන්තර්ජාලයේ සජීව විකාශයක් ලෙස අද දිනයේ සිදු කෙරින.

 එහිදී 'පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 'සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක පැවසුයේ,  'උතුර දකුණ යා කළ අපේ කාලයේ වීරයන්' ගැන කීමට අපි අදහස් කරන්නේ තිස් වසරක කාලයක් පැවති මහා යුද්ධය එහෙම නැත්නම්  මානව ඛේදවාචකය තුළ අත්රුදන් කළ අය සියලු දෙනාට යුක්තිය ඉටු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් නිසා බවයි.

sgsertwer

''ඒ යුද ඛේදවාචකය අවසන් උනේ 2009 මහා සමූලඝාතනයකින්. ඉන්පසුව සමාජය තුළ තිබුණේ මහා හිස්තැනක් හිස්කමක් සහ විශේෂයෙන් වාමාංශිකයන් වෙච්ච අපිට තිබ්බේ වගවීම පිළිබඳ ප්‍රශ්නයක්.''


අන්න ඒ තත්වය යටතේ පැවති බාධක මුලින්ම කඩා බිඳගෙන උතුරට අරගෙන ගියේ ලලිත් කුමාර් වීරරාජ් සහෝදරයා. ඔහුගේ උපන් ගම වුණේ අවිස්සාවේල්ල. ලලිත් ඒ වෙනකොටත් තමන්ගේ ජීවිතේ තරුණ කාලයේ වාමාංශිකයෙක් ලෙස පූර්ණ කාලීන දේශපාලනය ආරම්භ කරලා තිබ්බේ. ඔහු නිතරම අවධාරනය කළ අදහස් තමයි 'අපි උතුරට යන්න ඕන' කියන එක.

ඒ වෙනකොට A9පාර ජනතාවට විවෘත වෙලා තිබුණෙත් නෑ. ඒ පැත්තෙ ඉන්න අයටයි මෙහෙ හිරවෙලා ඉන්න අයටයි උතුරට යා ගන්න ත්‍රිකුණාමලය හරහා නැව් මාර්ගයක් තිබ්බා. මේ නැවෙන් උතුරට ගිය ලලිත් අපිට නොපෙණුන අපට මග ඇරුණු  දේශපාලන කතාවක් අරගෙන ආවා.

ඒ දේශපාලන ගමන ආරම්භ කරන්න ලලිත් ගමන් සගයාව වෙච්ච කුහන් මුරුගානන්දන් මුණගැහෙන්නේ බන්ධනාගාරයේදී. ඒ වෙනකොට උතුරේ දේශපාලනය කරන්න පුළුවන් වටපිටාවක් තිබුණෙත් නෑ. ඇවිලගිය ගින්දර මහා අඳෝනා අතුරුදහන් කිරීම් ගෙවල් දොරවල් අහිමිවීම් විතරයි අපට කතා කරන්න වුණේ.


යුද්ධය අවසන් වෙලා කඳවුරුවලට ගාල් කරපු මිනිස්සු ඒ වගේම බලන් ඉද්දි පැහැරගෙන ගිහින් අතුරුදහන්කළ මිනිස්සුන්ට මොකද උනේ කියන ප්‍රශ්නෙට උත්තරයක් සොයාගන්න අතුරුදහන් වූ මිනිසුන් සොයන පෙරමුණුවල පුරෝගාමින් ලෙස ලලිත් සහ කුහන් පෙනී සිටියා. ඔවුන් ඒ කටයුත්ත කළේ ඉතාමත් දුෂ්කර සහ අවදානම් කොන්දේසි යටතේ. ඉන්පස්සෙ ඔවුන් ඒ අතුරදන්වූළුන්ගෙ ගොඩටම එකතු වෙලා.


දැන් ඔවුන් අතුරුදහන් වීමෙන් අවුරුදු දහයක් ගෙවිලා. ඔවුන් අතුරුදන් වෙන්නේ යුද්දේ අවසන් වෙලා අවුරුදු දෙකකට පස්සෙ. ඔවුන් විසින් අතුරුදන් කිරීම් සම්බන්ධ ප්‍රශ්නය මතු කරමින් ජනතාවට සම අයිතිය ඉල්ලමින් 'සම අයිතිය ව්‍යාපාරය' විසින් පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුව සූදානම් කරමින් සිටියෙ. බොහෝ දෙනෙකුට උතුර පිළිබඳ උතුරේ දේශපාලනය පිළිබඳ මඟ හැරිච්ච වෙලාවක ඒ පිළිබඳ වගකීමක් අරගෙන වගවීමක් බාරගෙන උතුරයි දකුණේ අතර අලුත් දේශපාලනයක් ආරම්භ කරන්න ලලිත් සහ කුහන් පුරෝගාමින් වීම සැලකිය යුතු කරුණක්.

මතක තියා ගන්න, ඔවුන්ව අධි ආරක්ෂිත කලාපයේ දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නෙ.

ලලිත් සහ කුහන් අතුරුදහන්වීම ආන්දෝලනයක් බවට පත්වෙලා තිබෙන වෙලාවේ එවකට හිටිය ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යවේදියෙක් අසන ප්‍රශ්නයකට බොහොම සැහැල්ලු පිළිතුරක් දෙනවා මේ තරුණයන් දෙදෙනා ආරක්ෂක අංශයේ අත්අඩංගුවේ සිටින බවට. ඔහුට මෙසේ තොරතුරු එන්නේ කෙසේදැයි අධිකරණයෙන් විමසද්දී ඔහු කියා සිටින්නේ  තොරතුරු මූලාශ්‍ර ලබා ගත්තේ ආරක්ෂක අංශවලින් බව.


මෙහි බරපතළම ඛේදවාචකය උතුරේත් දකුණේත් අතුරුදහන් කළවුන් සම්බන්ධයෙන් මැදිහත් වෙච්ච ඒ වෙනුවෙන් උරදුන් පුරෝගාමින්, වාමාංශික තරුණයන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් අතුරුදහන් කිරීම. මෙයින් තහවුරු වෙනවා අතුරුදන් කිරීම් ප්‍රශ්නෙට වගකියන්න ඕන කවුද? උතුරේත් දකුණේත් අතුරුදහන්වූවන්ගේ ජීවිතවලට වග කියන්න මේ දේශපාලන අධිකාරිය ඇතුළු මිලිටරි යාන්ත්‍රණය බව තහවුරු වෙමින් තිබෙනවා.


අද වනවිට අතුරුදන් කිරීම් සම්බන්ධ චෝදනා ලැබුවන්ට මේ ආණ්ඩුව විසින් සළකන ආකාරයෙනුත් අපට පැහැදිලියි, අතුරුදන් කිරීම්වලට ආණ්ඩුවේ ඇති සම්බන්ධය. ආණ්ඩුකාර තනතුරු, තානාපතිකම් වැනි වරප්‍රසාද සහිත තනතුරුවලට පත් කරන්නෙ වත්මන් ආණ්ඩුව අතුරුදන්වූළුන් සම්බන්ධ කිසිවක් නොකරන තත්වයක් තුළ.

පසුගිය කාලෙ අතුරුදන් කළවුන් සම්බන්ධ යාන්ත්‍රණයක් ඇටවුවත් ඒකත් අක්‍රිය තත්වයක තියෙන්නෙ. අතුරුදන් කළවුන් ගැන හොයන්න ගිය ලලිත් හා කුහන් වැනි සහෝදරවරුන්ට අත් වූ ඉරණම ඒ අතුරුදන්වීම් සම්බන්ධ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියටත් අත්වෙලා.

මේ තත්වය තුළ අප කුමක් කළ යුතුද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. අනෙක් සියල්ලටම වඩා මේ වෙලාවෙ මේ අතුරුදන් කිරීම් සම්බන්ධ දේශපාලනය පරාජය කිරීමෙන් මිස මෙවැනි අතුරුදන් කිරීම් ඉතිහාසයෙන් අවසන් කරන්න බැරි බව පැහැදිලියි.

ඒ නිසාම අපි යෝජනා කරන්නෙ අතුරුදන් කිරීම් සම්බන්ධ යුක්තිය වෙනුවෙන් සටන් කරන අතරම අතුරුදන් කිරීම් සිදුකරන මේ දූෂිත, මර්දනකාරී දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ දේශපාලන අරගලය ඉදිරියට ගෙන යායුයුත බවයි.  උතුරේත් දකුනේත් අත්ර්දන් කිරීම් සම්බන්ධ යුක්තිය ඉටු කළ යුතු බවට අවංකව විශ්වාස කරන සියලු දෙනාට මේ වෙලාවෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අප කරන ආරාධනාව එයයි.''

ghdfht

 

 

THE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න

 


THE  LEADER  TV
 
 

 

පවුලේ අවුලක්!  

 

 

ඉන්දියාවෙන් එවපු මුදල් බහිරව කටට ? |මොණරවිලගේ ලියමන 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්