මෙරට රාජ්‍ය සේවය විශාලයි කියන එක කරුණක් විදියට නිවැරදි බව පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් පවසයි.
ඔහු එබව කියා සිටියේ, 'නිව්ස් ෆස්ට් ඉලක්කය' වැඩසටහනට එක්වෙමිනි.
රාජ්‍ය සේවය රට ට බරක් වී ඇතැයි යනුවෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මාධ්‍යට පැවසී යැයි කියන ප්‍රකාශයක් මුල් කරගෙන මේවනවිට රාජ්‍ය සේවය පිලිබඳ අලුත් සංවාදයක් මතුව ඇත.
රාජ්‍ය සේවය පිලිබඳ අලුත් සංවාදය පෝෂණය කරමින් මහාචාර්ය චරිත හේරත් මෙම වැඩසටහනේදී කරුණු කාරනා ගණනාවක් ම ගෙනහැර දක්වයි.
රජයේ මර්මස්ථාන වලට විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා පැවසුයේ, තමාට එය ප්‍රශ්නයක් නොවන බවයි.
''අපි ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක්. හමුදා සේවය අත්‍යාවශ්‍ය තැන්වලදී ලබා ගැනීම වැරැද්දක් නෙවෙයි. විශ්‍රාම ගිය හමුදාවේ අයෙක් ජනාධිපති තනතුරුට පවාපත් කරන්න අපේ සමාජයෙ සමහරු මහන්සි වූ කාලයක් තිබුනා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.'' ඔහු අවධාරණය කළේය.
''අමාරු කාලයක මේ අයවැය එන්නේ. '' යයි කියමින් ඔහු රටේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් මෙසේ කරුණු ගෙනහැර දැක්විය.
සබැඳි ලිපි:
රාජ්‍ය සේවය බරක් වීම ! - (ධම්ම දිසානායක)
'රාජ්‍ය සේවය දුර්වල වුණොත් ඒකාධිපති පාලනයක්' - කරු ජයසුරිය
THE LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න
පුපුරුවාගෙන ආ එවුන් පුපුරුවාගෙන වැනසෙයි ! | මොණරවිලගේ ලියමන
පවුලේ අවුලක්! | Gossip