ආණ්ඩුව අතුරුදහන් කළ’වුන් ජීවත්ව නොසිටින බව පවසන්නේ නම් ඒ ගැන ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවට දෙමළ දේශපාලනඥයකු බල කරද්දී තවත්

දේශපාලකයකු කියා සිටින්නේ දේශීය යාන්ත්‍රණයකින් ඔවුන් සොයාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඥාතීන්ගේ කිසිදු විශ්වාසයක් නැති බවයි.

''ආණ්ඩුව කාලය ගත නොකොට, සාක්ෂි විනාශ නොකොට, අතුරුදහන් කළවුන්ගේ මාපියන් වෙනුවෙන් යුක්තිය ඉටුකළ යුතුයි, අතුරුදහන් කළවුන් ජිවත් නොවන්නේ නම් ආණ්ඩුව ප්‍රසිද්ධියේ සමාව අයදින්න ඕනෑ,'' යැයි ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි.

EPRLF ලේකම්වරයා මේ බව කියා සිටියේ අතුරුදහන්කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් දෙසැම්බර් 10 වැනිදා වව්නියාවේ පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගිවෙමින්ය.

 

අතුරු දහන් කළවුන්ගේ ඥාතීන් 1750 කට වැඩි දින ගණනක් පුරා අඛණ්ඩව  සත්‍යග්‍රහ, උද්ඝෝෂණ කරනුයේ සිය ආදරවන්තයන්ට යුක්තිය පතාය.

 

''යුද්ධය අවසන්වෙලා දොළොස් වසක් ගත වෙලත්, අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්, දේශපාලන සිරකරුවන්, රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් ඉඩම් උදුරා ගත්තවුන් මේ කාලය පුරාම පීඩා විඳිනවා,'' යැයි ද ශිවශක්ති ආනන්දන් හිටපු මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කෙරෙහි විශ්වාසය තැබු තමන් ඇතුළු මේ පීඩිත ජනතාව රැවටුණු බව දැන් අවබෝධ කර ගෙන ඇති බව ඔහුගේ පිළිගැනීමයි.

''මේ ප්‍රශ්න දිගටම ඇදගෙන යන්නේ නැතුව යුද්ධය නිසා ඇතිවෙලා තියෙන සෑම ප්‍රශ්නයකටම විසදුම් ලබා දීමට ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලංකා ආණ්ඩුවට බලපෑම් කළ යුතුයි,'' යනුවෙන් ශිවශක්ති ආනන්දන් පවසයි.

යාපනයේ නාවලර් වීදියේ පිහිටි එක්සත් ජාතීන්ගේ  සරණාගතයන් පිළිබඳ  මහ කොමසාරිස්  ක්ෂේත්‍ර කාර්යාලය  ඉදිරිපිටදී දෙමළ මව්වරුන් විසින් දියත් කළ විරෝධතාවය සදහා එක්ව සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මාධ්‍යවේදීන් හමුවේ සිංහලෙන් කියා සිටියේ අතුරුදහන් වුවන් සොයා ගැනීම සදහා දේශිය යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් උතුරේ ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බවයි.

 

උතුරු නැගෙනහිර දෙමළ ජනයාට අවශ්‍ය කෙබදු ආකාරයක දේශපාලන විසදුමක්ද යන්න සොයා බැලීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමකින් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කර තිබේ.

 

THE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න


 

THE  LEADER  TV
 
 

පුපුරුවාගෙන ආ එවුන් පුපුරුවාගෙන වැනසෙයි ! | මොණරවිලගේ ලියමන

  

 

පවුලේ අවුලක්! | Gossip

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්