ත්‍රස්ත නීති යොදාගෙන වසරකට ඉහතදී අත්අඩංගුවට ගත් දෙමළ නම දෙනෙකු නඩු පැවරීමකින් තොරව මඩකලපුව හිරගෙදර තවදුරටත් රදවාගෙන

සිටින බව හෙළි වී තිබේ.

එම තොරතුරු හෙළි කර ඇත්තේ මළවුන් සැමරීම නිසා අත්අඩංගුවට ගෙන හත් මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටියදී පසුගියදා අධිකරණය විසින් ඇප ලබා ගත් පිරිසක් විසිනි.

ඔවුන් සදහන් කරන පරිදි එලෙස රදවාගෙන සිටින්නේ 2020 වසරේ දෙසැම්බර් 27 වැනිදා අත්අඩංගුවට ගත් පිරිසකි.

වාලච්චේන මහේස්ත්‍රාත් විසින් ඇප නියම කිරීමෙන් පසු දෙසැම්බර් 9 වැනිදා මඩකලපුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි ඔවුන් ඉල්ලා සිටියේ තමන්ට මෙන්ම ඔවුන්ටත් සිය නිවෙස් වලට ගොස් නිදහසේ ජීවත් වීම සදහා නිදහස හිමි විය යුතු බව තමන්ගේ එකම ප්‍රාර්ථනය බවයි.

මළවුන් සැමරීම නිසා අත්අඩංගුවට ගෙන හත් මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටි කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු ඇප මත නිදහස් කිරීමට අධිකරණය පසුගියදා නියෝග කළේය.

p 02p 09p 07p 06

මළවුන් සමරුවන් ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව...

 

දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.

 නීතිඥ සුගාස් කනග රත්නම් විසින් දෙසැම්බර් 8 වැනිදා ගොනු කළ මෝසමකට අනුව නඩුව කැදවු අවස්තාවේ ඔහු විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිලිගත් විනිසුරුවරයා සැකකරුවන් දහ දෙනා ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබුනි.

 නිදහස ලබා පිටතට පැමිණි අයෙක් සනදහන් කළේ මලවුන් සැමරීම තමන් විසින් සෑම වසරකම සිදු කළත් මෙවර ත්‍රස්තවාදී චෝදනා එල්ල කරමින් පොලීසිය   තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බවයි.

 " මේක අපි 2009 ඉඳලා හැම අවුරුද්දෙම තියන සමරුවක්. මේ අවුරුද්දේ කෝවිඩ් ප්‍රශ්නේ හින්දා අපි පවුල්වල කට්ටිය විතරක් එක්කහු වෙලා තිබ්බා. එතකොට අපිව අල්ලලා ත්‍රස්තවාදී චෝදනා දාලා නිරපරාදේ මාස හතක් හිරේ දාගෙන හිටියා."

 සමරුව පැවැත්වීමෙන් කොරෝනා නීති කැඩූ බවට මුලින්ම චෝදනා කොට අත් අඩංගුවට ගෙන වසංගත සමය තුළ මාස හතක කාලයක් තමන් ඇතුළු පිරිස  රඳවා ගෙන සිටියත් කිසිදු අවස්ථාවක PCR පරීක්ෂණයක් හෝ සිදු නොකළ බව ඇප පිට නිදහස ලැබු තවත් අයෙක් සදහන් කළේය.

 "අපි නිදහස් කළේ මාස හතක් දුක් වින්දට පස්සේ. අපි අත් අඩංගුවට ගත්තු දා ඉඳලා කිසිම PCR එකක් කරලා.

 





සබැඳි පුවත් :


මඩකලපුවේ දස දෙනකුට හත් මාසයකට පසු ඇප දෙයි


THE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න




THE  LEADER  TV
 
 

පුපුරුවාගෙන ආ එවුන් පුපුරුවාගෙන වැනසෙයි ! | මොණරවිලගේ ලියමන

  

 

පවුලේ අවුලක්! | Gossip

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්