2022 ජනවාරි 18 වැනි දින පෙරවරු 10 දක්වා බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව

ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට කල් තැබීමත් සමග අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය පලකිරීමට යොදාගත් දිනය ද කල් දැමීමට සිදුව තිබේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීර වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනවාරි 13 සම්පූර්ණ දිනය ම වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මිට ඉහතදී තීරණය කර තිබිණ.

2022 වසර සදහා පාර්ලිමේන්තු රැස්වීම් ලබන ජනවාරි 11 වන දින ආරම්භ කිරීමට දෙසැම්බර් 09 දා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබු අතර ජනවාරි 13 වන ‍දින පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය කර තිබිණ.

 

Leader Whats app





Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්