1200 x 80 DMirror

වෛරී ප්‍රකාශ පිටුපස ක්‍රියාත්මක වන අදෘෂ්‍යමාන බලවේග කවරේද යන්න වටහා නොගැනීමෙන් අපි අපේ දරුවන්ට පසුගාමී සමාජයක් උරුම කර දෙනු ඇතැයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් අවධාරණය කරනවා.


ප්‍රකෝපකාරී ප්‍රකාශ වපුරන උදවියට එරෙහිව වගකිව යුතු උදවිය ක්‍රියාත්මක නොවීම තුළ, නීතිය නිහඬ වීම තුළ වාතාවරණය තවත් භයානක වී ඇති බව ඔහු කියා සිටියි.
 

"අපි දර්ඝා ටවුන්වල දැක්කේ ඒක. අපි දිගන දැක්කේ ඒක. ඒක සිදුවුනහම අපේ මිනිස්සු කිව්වා ඒ අදෘෂ්‍යමාන හස්තයන් හොයන්න හා මොළකරුවො හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා කියලා. ඒවා හිස් වචන විතරයි. භාවිතයේ ඒව නෑ. තවමත් අපි විපාක විඳිනවා. මෙහෙම යන්න අපට පුළුවන්කමක් නැහැ."


දශක පහක කාලයක් අපේ රට ප්‍රචන්ඩත්වයත් සමඟ ජීවත් වූ බවත් ජාති වශයෙන්, ආගම් වශයෙන්, කුල වශයෙන්, පංති වශයෙන් වෛරය, ඊර්ෂ්‍යාව වැපිරවීම තුල අපේ රටේ ඉදිරි ගමන කඩාකප්පල් වූ ආකාරය, පසුගාමී සමාජයක් බවට පත්වූ ආකාරය අපි අත්විඳ ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී මතක් කර සිටිනවා.

"මේ වෛරය වපුරන උදවිය මේ සෙල්ලම් කරන්නේ අපේ දරුවන්ගේ අනාගතයත් එක්ක. ආණ්ඩුවේ මාධ්‍ය බලන්න, ආණ්ඩුවට අවනත මාධ්‍ය බලන්න ඔවුන් මේවාට වැඩි අවධානයක් දෙනවා. මේවා නතර විය යුතුව තිබෙනවා. මේවාට නීතිය ක්‍රියාත්මක වියයුතුව තියෙනවා. අපි මොන ආගම් ඇදහුවත්, මොන ජාතියේ උදවිය වුනත්, අපි මොන කුලයේ උදවිය වුනත්, අපි මොන පංතියේ උදවිය වුනත් අපි එක ජාතියක්, එක පංතියක් එක රටක් කියන තැනට යා යුතුයි."
 
 
 
 

Leader Whats app

 
 

 
 
 
 
පීබී ගැන ස'ගේ අවසන් තීරණය! | The Leader TV | Gossip
 



අධෝමුඛෙන් විරිඳු අහමු ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය