ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය එම ධුරවලින් ඉවත් වී අදට (14) සති 2ක කාලයක් ගත ඇත.



දෙසැම්බර් මස පළමුවනදා අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වූ අතර එම ඉල්ලා අස්වීමත් සමග සභාපතිවරයාගේ තනතුරද අහෝසි වන බව සඳහන් වේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව සිව් දෙනෙකුගෙන් යුත් මෙම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරුණි.

ඒ අනුව ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බවට වන ලිපි පසුගියදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එමෙන්ම සභාපතිවරයාද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර එය භාර ගැනීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා දිනයේදී යළිත් වරක් තමා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සංජය මොහොට්ටාල ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

 ඒ අනුව දැනට සති දෙකක කාලයක සිට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පුරප්පාඩුව පවතී.



චරිත හේරත් වගකීම භාරගත යුතුයි !

මේ අතර පොහොට්ටු පක්ෂයේ නොනිල මාධ්‍ය ප්‍රකාශක ලෙස සැලකෙන පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ පසුගියදා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් සඳහන් කර තිබුනේ, ආයෝජන මණ්ඩලයේ සභාපති හා අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඉල්ලා අස්විය යුතු තැනට පත් කළේ පාර්ලිමේන්තු 'කෝප්' කමිටුව බවයි.


පොහොට්ටු පක්ෂයේ නොනිල මාධ්‍ය ප්‍රකාශක එසේ පැවසුවද පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති කෝප් කාරක සභාවේදී අනාවරණය වුයේ, විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් මිලියන 3352.92 ක මුදලක් ගෙවා ඇති බවයි. මේ සම්බන්ධයෙන් වූ ප්‍රශ්න කිරීම් හමුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපතිවරයා රැස්වීමෙන් නැගිට ගොස් තිබු බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

 එම කෝප් කමිටු රැස්වීම ට අදාලව පාර්ලිමේන්තුවෙන් නිකුත්කල මාධ්‍ය නිවේදනය පහත පළවේ.

NL Doc1 05 1

NL Doc1 05 2



BOI නිවේදනය :

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කර තිබු  මාධ්‍ය නිවේදනයක සඳහන් වුයේ, අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ දැමීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවන් සාර්ථක කරගැනීමට නොහැකි වූ නිසා බවයි.

අවාසනාවකට මෙන්, මෙම අවශ්‍ය පරිවර්තනය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම නිලධාරීන් දැරු උත්සාහය, ආයෝජන මණ්ඩලය තුළ සහ ඉන් පිටත, තම ආත්ම අභිලාෂය ගැන පමණක් සලකා ක්‍රියා කරන කණ්ඩායම් වල දැඩි සහ අඛණ්ඩව ප්‍රතිරෝධය ලක් වු බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙසේ ඉල්ලා අස්වීමට බලපෑ ප්‍රධානම කාරණය, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරගෙන් දිගින් දිගටම එල්ල වූ අනිසි බලපෑම් හා නොසැලකිලිමත් භාවය බවයි.
 

 

(මුලාශ්‍රය -adaderana.lk)


සබැඳි පුවත් :

චරිත හේරත් කෝප් කමිටුවෙන් දොට්ට ! -පාර්ලිමේන්තුව කල් තබා ගැසට් පත්‍රයක්

BOI ලොක්කන්ට ගෙදර යන්න වුන හේතුව !

 

 

 

Leader Whats app

 

 
 
 
 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

  

 

පොලිස් සරා ගැන අවසන් තීරණය !| මොණරවිලගේ ලියමන
 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්