රට පුරා සාගතයක් හට ගන්නා බවට මත පළවෙද්දී, ආණ්ඩුව වන්නියේ වගා බිම් වනසමින් ඉඩම් අත්පත් කර ගන්නා බවට චෝදනා එල්ලවී තිබේ.



වවුනියා සෙට්ටිකුලම්, මැණික් ෆාම් ගම්මානයේ අක්කර සියයක උඳු වගා බිම්වලට වැදුණු වන සංරක්ෂණ නිලධාරින් එම ඉඩම් පවරා ගෙන පසුගිය දා [12]  මායිම් සලකුණු  කොට ඇත්තේ වගා බිම් විනාශ කරමින්ය.

''මැණික් ෆාම් ගමේ ඉන්න  පවුල් අටසිය පනහෙන් පවුල් සියයක්ම යැපෙන්නේ මෙම උඳු වගාවෙන්, දැනට මාස එකහමාරකට කලින් වැපිරූ,මල් පීදිලා තිබුණු අපේ උඳු පාත්ති මැදින් ට්‍රැක්ටර් වලින් ගිය වන සංරක්ෂණ නිලධාරින් මායිම් ගල් හිටෙව්වේ අපේ වගා  විනාශ කරමින්,'' යැයි උඳු ගොවියෝ පවසති.

ඔවුන් සිය කනස්සල්ල පළ කරනුයේ දිනෙන් දින බිඳ වැටෙන ආර්ථිකය හමුවේ කණකර උගස් කරමින්, පොළියට හෝ ණයට මුදල් සොයා ගනිමින් වගාවේ නිරත මේ ගොවීන් වන රක්ෂණ නිලධාරින් විසින් සිය ගොවි බිම් අත්පත් කර ගැනීම නිසා සිය ජීවිකාව අහිමි වීම නිසාය.

මිට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 23,000ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට  දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු  මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් පසුගිය දා අනාවරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ රජයේ හමුදාවන්ට අමතරව පුරාවිද්‍යා, වනසංරක්ෂණ හා වන ජීවි දෙපාර්තමේන්තු, මහවැලි අධිකාරිය මගින් උතුරු නැගෙනහිර පළාතේ දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා බවය. 

 
 

Leader Whats app

 

 
 
 
 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

  

පොලිස් සරා ගැන අවසන් තීරණය !| මොණරවිලගේ ලියමන
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්