දීර්ඝ කාලයක් තිස්සේ වසරක් පාසා පවත්වාගෙන එනු ලැබු ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුමක් උසාවි නියෝගයකින් තහනම් කර තිබේ.



ප්‍රධාන ලාංකික ජාතීන් සියල්ලන්ම පාහේ නියෝජනය කරමින් දෙසැම්බර් 10 දා කන්ද උඩරට පැවැත්වීමට නියමිතව තිබූ සැමරුම තහනම් කිරීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ ජනවාර්ගික කණ්ඩායම් අතර අසමගිය ඇති වීමේ අවදානමයි.

 

මහනුවර මානව හිමිකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ජගත් මානව හිමිකම් දිනය සැමරීම වෙනුවෙන් ''සිරකරුවන්ගේ ගෞරවය සහ මානව කොන්දේසි සඳහා ඇති අයිතිවාසිකම් සහතික කිරීම'' තේමා කරගනිමින් දෙසැම්බර් 11 වැනිදා සංවිධානය කර තිබු උත්සවය අධිකරණ නියෝගයක් මත පොලිසිය විසින් තහනම් කළ බවය.

 

මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට අනුව මෙම තහනම්  නියෝගය නිකුත්  කර තිබේ.

''මානසික පීඩාවන්, ආර්ථික ප්‍රශ්න, සමාජීය සහ අනෙකුත් අභියෝග මැද සාධාරණ නඩු විභාගයක්, නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට දායක වීම හේතුවෙන් සිරකරුවන්ගේ පවුල් 22 කට ඔවුන්ගේ දිගු අරගලයන් අගය කිරීමේ සංකේත පිරිනැමීමට සුදානමින් සිටියා,''යැයි මහනුවර මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක නන්දන මනතුංග පියතුමා පවසයි.

උත්සවය සහ ඔවුන්ගේ වැඩ කටයුතු ගැන සවිස්තරාත්මක තොරතුරු මානව හිමිකම් මධ්‍යස්ථානය මගින් පොලිසියට ලබා දී තිබු මුත්, මහනුවර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියා ඇත්තේ මෙම උත්සවය පසු දිනකදී පවත්වන ලෙසත්, එල්ටීටීඊ සම්බන්ධ සැකකරුවන්ගේ, චූදිතයන්ගේ, වරදකරුවන් වූ අයගේ පවුල්වලට ඇගයීමේ සංකේත පිරිනැමීමෙන් වළකින ලෙසත් ය.

 මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිවේදනයට අනුව ඇගයීම් සංකේත ලබා ගන්නා පවුල් සාමාජිකයන් විවිධ ජනවාර්ගික හා ආගමික  කණ්ඩායම්වලට අයත් වුවන් වන අතර ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට සැක කළ හෝ චෝදනා කරන ලද හෝ වරදකරු වූ අපරාධවල ස්වභාවය  ඇගයීම් සංකේත ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට නොගන්නා ලද බවය.

''ඇගයීම් ලබන්නන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ උසාවි නඩු අවසන් වූ අය වූනත් කණ්ඩායමක් ලෙස එකට වැඩ කිරීමට පටන් ගෙන අප සමඟ දිගටම සිටියා. ඔවුන් මානව හිමිකම් ආරක්ෂකයින් බවට පත්වී, දිවි ගලවා ගත් අනෙකුත් අයට සහ වින්දිත පවුල්වලට උපකාර කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටිනවා.'' යැයි ද නන්දන මනතුංග පියතුමා සඳහන් කරයි.

 

පොලීසිය විසින් තහනම් නියෝගය ලබා ගෙන ඇත්තේ මෙම උත්සවයට නිදහස ලැබූ සිරකරුවන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, ආගමික පූජකවරුන්, නීතිඥයන්, එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල නිලධාරින්, බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පොලිසියට ද ආරාධිතයන් ලෙස ඇරයුම් කර තිබියදීය.
 



Leader Whats app

 

 
 
 
 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

  

පොලිස් සරා ගැන අවසන් තීරණය !| මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්