රටේ රාළ මීට දවස් කීපයකට උඩදී ලියපු "වෙන්ඩ ජනාධිපතිවරුනි දෙන්ඩ උත්තර" ලිපියට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා.



ලංකාවේ ප්‍රධාන පුවත් අඩවි කීපයක්ම ඒක පල කරලා තිබුණා. ඒ අයට ස්තුතියි. ඒ වගේම ලංකාවේ දේශපාලනයේ හිටපු හා ඉන්න ඉහළ දේශපාලන නායකයන් කීහිප දෙනෙක්ම රටේ රාළට කතා කළා.

හැබැයි මෙතනදී තවමත් අවශ්‍යදේ නං සිද්ධ උනේ නෑ. තවමත් වෙන්ඩ ජනාධිපතිවරු ඒ සම්බන්ධව කටක් ඈරියේ නෑ. ඒ අය රටේ රාළට උත්තර දෙන්න ඕනි කියන හීනමානයක් රටේ රාළට නෑ. එයාලා රටට උත්තර දෙන්න ඕනි.

කොහොම හරි අද රටේ රාළ හදන්නේ එයාලට ප්‍රශ්නය තවත් ටිකක් ලේසි කරලා දෙන්න. ඒත් ඊට ඉස්සෙල්ලා වෙන්ඩ ජනාධිපතිවරුන්ගේ පෝලිමට අලුත් නමක් එකතු වෙලා කියලා ආරංචියක් තියනවා. ඒ නමත් මතක් කරගෙනම යමු. නැත්තං හරි නෑ.


ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටත් ලෙඩේ බෝවෙලා වගේ. ඇත්තටම මීට කලින් ලිපියක රටේ රාළ ලියලා ඇති සජබෙ ඇතුළේ සජිත්ගේ නායකත්වයට අභියෝග කරන පුද්ගලයෝ හතරක් ගැන. දැන් ඒ හතර දෙනාගෙන් තුනක්ම හරි. පාඨළී, වෙල්ගම, ෆොන්සේකා. ඊට අමතර චරිතය විදිහට රටේ රාළ කිව්වේ රාජිත. ඒකත් නුදුරු අනාගතයේදී බලන්න පුලුවන්. ඔය වැඩෙන් වෙන්නේ වෙන්ඩ ජනාධිපතිවරුන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යන එක. ඇත්තටම ඒක දැන් රටට ඇණයක් වෙලා.


පදුරකට ගැහුවත් වෙන්ඩ ජනාධිපති කෑල්ලක් දෙකක් වීසි වෙනවා. කොහොම උනත් රටේ රාළ අලුත් වෙන්ඩ ජනාධිපති ෆොන්සේකාටත් සුභ පතනවා.

රටේ රාළ දිගටම වෙන්ඩ ජනාධිපතිතුමාලගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. ඒ තමයි රාජපක්ෂ විරෝධයෙන් එළියට ගිහින් රට හදන විදිහ කියන්න කියලා. ඇත්තටම රටේ රාළ දැනුත් ඒ අභියෝග කරනවා.

එහෙම සමස්ථ සැළැස්මක් ඔය කවුරු අතේවත් නෑ. පොඩි පොඩි කෑලි ටිකක් ඇති. ඒක නිසා 2024 ජනාධිපති සටන තවමත් ඕනි කෙනෙකුට විවෘතයි. කටේ සද්දෙන් ජනාධිපති විදිහට දැනට Brand වෙලා ඉන්න මහත්වරුන්ට රටේ රාළ කියන්නේ ඔයාලට දුවන්න පුළුවන් තව ටික දුරයි. ඊට පස්සේ නවතින්න වෙනවා. සමහරු Hundred Meters වගේ දුවලා දැන් නතර වෙලා. මුලදී බෙල්ල කඩාගෙන දුවපු අය දැන් බෙල්ල පොකට් එකේ දාගෙන ඉන්න විදිහ දැක්කම බෙල්ල කැඩෙන්න ගහන්න හිතෙනවා.

මහත්වරුනිසා, මේක මැරතන් එකක් ඒක මතක කියාගන්න. End එක තව ගොඩක් දුරයි.
රටේ රාළ නං 2024 ජනාධිපතිවරණ තරගය දිහා බලන්නේ බොහොම විවෘතව.

රාජපක්ෂලා ගෙදර යවන්න ඕනි. ඒකේ දෙකක් නෑ. හැබයි විපක්ෂයේ නං තවම දිනවන්න සුදුස්සෙක් පේන තෙක්මානෙක නෑ. රාජපක්ෂලාට සාපේක්ෂව නං ඔක්කොම සුදුස්සෝ තමයි. ඒත් මේ රටට ඕනි රාජපක්ෂලාට සාපේක්ෂව සුදුස්සෙක් නෙවෙයි. මේ රට ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙලක් සහිත සුදුස්සෙක්. රාජපක්ෂලාට වඩා නං වික්‍රමබාහුත් හොද ඇති.



පොදු එකඟතාවයකට කරුණු පහක් !

ඒක නිසා රටේ රාළ සියලූ වෙන්ඩ ජනාධිපති අපේක්ෂකයන්ට මෙහෙම යෝජනාවක් කරනවා. රටේ රාළගේ විග්‍රහය අනුව ඔය සියලු දෙනාම පොදු එකඟතාවයකට එන්න ඕනි කරුණු පහක් අද රටේ රාළ ඉදිරපත් කරනවා. ඒ කරුණු පහ ප්‍රමුඛතාවය අනුව පෙළගස්වන්නම්. ඊට අමතරව එයාලට අනන්‍ය වෙනත් කරුණු ඕනි තරම් ඇති. හරියට ජවිපෙට සමාජවාදයේ වගේ. ඒවා තියාගන්න. ඒත් මේ කරුණු පහට සියලු දෙනා අතර එකඟතාවයක් හදාගැනීම අත්‍යවශ්‍යයි.


01. ආර්ථික මොඩලය මොකද්ද?

මෙතනින් එහාට අපි අනුගමනය කරන ආර්ථික මොඩලය මොකද්ද? ඇත්තටම අපි බංකොලොත් සීමාව ආසන්නයටම ඇවිත් ඉන්නේ. 2022 ක අවුරුද්දේ ජනවාරි මාසේ දහ අටවෙනිදායින් පස්සේ, නැත්තම් ලබන අවුරුද්දේ පළවෙනි කාර්තුවෙනි පස්සේ ගොඩක් වෙලාවට අපි බංකොලොත් වෙන්න පුළුවන්. ඒක ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් වෙන්න පුලුවන්.

හැබැයි රාජපක්ෂලා රට බංකොලොත් කළා කියන කාලකන්නි සතුට ගන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඊට පස්සේ කා අතට හම්බ උනත් හම්බ වෙන්නේ බංකොලොත් රටක්. එදාට ඉතිහාසෙට හරි රාජපක්ෂලට හරි බැනලා බේරෙන්න බෑ. ඔය කවුරු ආවත් ආර්ථිකේට හාස්කම් කරන්න බෑ. හැබැයි අපි නැගිටින්න පටන් ගන්නේ කොහොමද. කොතනින්ද? මොකද්ද Strategi එක. කියන ප්‍රතිපත්තිමය සැළසුම ගැන එකඟතාවයක් එන්න පුළුවන්. හරියටම අපි එතනින් ඉදිරියටත් ගෙනියන්න ආර්ථික මූලෝපාය මොකද්ද කියන එක කතා කරන්න ඕනි. ඒක ලොකු සංවාදයක්. සංවාද කරලා හදා ගන්න එකඟතාව ජනතාවට කියන්න ඕනි.


02. ජාත්‍යන්තරය එක්ක ගනුදෙනුව ?

අපි කොහොමද ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන්නේ කියන එක තමයි දෙක. සමහරු කියයි ඒක දෙක වෙන්න බෑ කියලා. නෑ ඒක තමයි දෙක. අද අපේ ආර්ථික ගැට ගැහිලා තීයෙන්නේ ඩොලර් මත. ඇත්තටම විදෙස් ණය මත. රට රටවල්වලට වගේම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට අපි හතර අතේ ණයයි. ඒ අය ඉස්සරහා අපි දීන ජාතියක්. නිකං පෙන්දෝ ගානට වැටිලා.

ඒ වගේම රාජපක්ෂ ආණ්ඩුවේ මානව හිමිකම් කඩ කිරීම් ඉස්සරහා අපි ම්ලේච්ඡ ජාතියක්ද විදිහට Brand වෙලා. ජාත්‍යන්තර ප්‍රතිරූපය නෑ. සෘණ නෙවෙයි නෑ. පාලකයන් දූෂිතයෝ කියලා ජාත්‍යන්තර වශයෙන් Brand උන රටකට මොන ජාත්‍යන්තර ප්‍රතිරූපද? රාජපක්ෂලා කියපු ගමන් ඊළඟට එන්නේ corruption කියලා.

මේ තත්වය ඉස්සරහා අපි කොහොමද ජාත්‍යන්තර වශයෙන් නැගිටින්නේ. ජාත්‍යන්තර පීඩනයෙන් මිදෙන්නේ. ජාත්‍යන්තර සහාය කොහොමද දිනා ගන්නේ.



03. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මොනවද ?

ඊළඟ එක තමයි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මොනවද. ඒ සම්බන්ධව එකඟතාවයක් ඕනි. විධායක ජනාධිපති ධුරය සම්බන්ධව අවසන් තීරණයක් ඕනි.  අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඡන්ද ක්‍රමයක්, රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගැන අවසන් අදහසක් ඕනි.

විශේෂයෙන් රට ඇතුළේ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව පොදු එකගතාවයක් ඕනි. ඔය පකීර්ලට නීතියෙන් දඩුවම් කරන්න ඕනි. වෛරයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා පොදු චර්යා ධර්ම පද්ධතියක් ඕනි.



04. ජාතික සමගිය ගොඩනගන්නේ කොහොමද?

අනික තමයි මේ රටේ ජාතික සමගිය ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන පොදු අදහස් ඕනි. ඒක අනිවාර්යයි. ආය මේ රටේ ජාතිවාදි ගැටුම් ඇතිවෙන්න බෑ. ආගම්වාදී ගැටුම් ඇති වෙන්න බෑ. ඔය වෙන්ඩ ඉන්න සමහර ජනාධිපතිලත් බලය වෙනුවෙන් ජාතිවාදී මත පලකරනවා රටේ රාළට අනන්ත ඇහිලා තියනවා. බලය ගන්න ජාතිවාදය වපුරවන, ආගම්වාද වපුරන රාජපක්ෂලාගේ පරිණාමිකව පහත් ක්‍රමය මෙතනින් එහාට ගෙනියන්න බෑ. බොරු ජාති ආලය වෙනුවෙන් සරම උස්සගෙන එන එවුන්ට කනට ගහලා එලවන්න පුළුවන් නීතිමය රාමුවක් ඕනි.

අපේ රටේ ජාතින් අතර සංහිඳියාව ඇති කරන්නේ කොහොමද කියලා අවසන් වැඩපිලිවෙලක් ඕනි. ඊළඟට ආණ්ඩුවේ දැවැන්තම ව්‍යාපෘතියක් බවට ජාතික සමගිය ගොඩනැගීම පත් කරගන්න ඕනි. ඇත්තටම රට ඇතුලේ ජාතිවාදය, ආගම්වාදය තහනම් කරන්න ඕනි.ර ටේ තියෙන්න පුළුවන් මානවවාදය විතරයි.



05. සංස්කෘතික පරිහානිය නතර කරන වැඩපිළිවෙල කුමක් ද?

අන්තිම එක තමයි මේ රටේ සංස්කෘතික පරිහානිය නතර කරන වැඩපිළිවෙලක් ඕනි. මේ නිර්මාණය වෙමින් යන මිනිහාට මේ රට හදන්න බෑ. ඇත්තටම ඌ සතෙක්. ඒ සතාට ගොදුරු වෙලා ඉන්න සමාජය ඌගෙන් බේරගෙන ඌ මරලා දාන්න ඕනි.

නිකං හිතන්න තමන් උපන්න රටේ තමන්ගේ දරුවන් ජීවත් වෙන්නවට අකමැති දෙමාපියන් අද ඉන්නේ. කොහොම හරි දරුවන්ට උගන්නලා රට පටවන්න හදන්නේ. ඒ දෙමව්පියෝ දන්නවා තමන්ගේ දරුවන්ට ජීවත් වෙන්න මේ සමාජය සුදුසු නෑ කියලා. අපේ සමාජ සංස්කෘතික බින්දුවට පිරිහිලා. මේ සමාජය ඇතුළේ කිසිම කෙනෙකුට රැකවරණයක් නෑ.

හැබැයි ඒ සංස්කෘතික විනාශය තේරෙන්නේ නැති ගොබ්බ හැත්තක් තමයි අද මේ රට පාලනය කරන්නේ. ඒකනේ රට දාලා යන්නේ රටට ඩොලර් එවන්න කියලා කියන ගොං ඇමතිලා ඉන්නේ. ගොං පක්ෂ මහ ලේකම්ලා ඉන්නේ.


එකඟතා ඇතුළේ ඊළඟට ජනාධිපති අපේක්ෂකයා මතුවෙයි.

රටේ රාළ කියන්නේ මේ කරුණු පහ කියන්නේ ලොකු සංවාදයක්. හරියට විසදගත්තොත් මේ කරුණු පහ ඇතුළේ රටේ ප්‍රශ්නයට උත්තරයක් තියනවා. අඩුම ගානේ තාවකාලික හරි උත්තරයක් තියනවා. අඩුම ගානේ සම්පූර්ණයෙන් විනාශ නොවුන රටක් අපට ඊළඟට පරම්පරාවට බාර දෙන්න පුළුවන් වෙයි.


ඊළගට මේ සංවාදෙට එනකොට තමන්ගේ මතය අරන් එන්න. හැබැයි මුලධර්මවාදී වෙන්න එපා. ඇත්ත පිලිගන්න ඕනි. තමන් වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන්. ඒ එකඟතා ඇතුළේ ඊළඟට ජනාධිපති අපේක්ෂකයා මතුවෙයි. එයා දිනවමු. රටේ රාළට ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. එයා තනි පුද්ගලයෙක් නෙවෙයි වැඩපිලිවෙලක් හා බලවේගයක් නියෝජනය කරන මිනිහෙක්. එහෙම නැතිව ගරා යක්කුන්ට මල් පූජා කරන්න රටේ රාළ නං ලෑස්ති නෑ.


එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

( Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)




සබැඳි ලිපිය :

වෙන්ඩ ජනාධිපතිවරුනි කරුණාකර දෙන්ඩ උත්තර - රටේ රාළ

 

 

 

 

 

Leader Whats app

 

 
 
 
 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

  

පොලිස් සරා ගැන අවසන් තීරණය !| මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්