මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (15) උදැසන ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.



කටුනායක ගුවන් තොටුපළ ආරංචිමාර්ග පවසන්නේ, මුදල් අමාත්‍යවරයා අද අලුයම 02 යි 55 ට කටුනායක ගුවන් තොටුපළින් පිටත්වූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගිය බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඔහුගේ බිරිඳ ද ඩුබායි වෙත ගොස් ඇත.

ඒ අතර මිට දින දෙකකට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පුරුවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ රාත්‍රී සිංගප්පුරු ගුවන් සේවයේ SQ 469 ගුවන් යානයෙන් යලි දිවයිනට පැමිණියේය.

විදේශගත ජනාධිපතිතුමා දිවයිනට එන්න නියමිතව තිබුනේ දෙසැම්බර් 16 වෙනිදාය. එහෙත් ඔහු කඩිමුඩියේ සිය සංචාර කාලසටහන වෙනස් කර වහාම යලි දිවයිනට පැමිණීමත්, ඊට සුළු මොහොතකට පසු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදෙස් ගතවීමත් ආණ්ඩුවේ දේශපාලනඥයින් අතර බරපතල අකාරයෙන් කතාබහට ලක්වෙමින් තිබේ.



රට බංකොලොත්භාවයට !

මුදල් අමාත්‍යවරයා මෙසේ නත්තල් නිවාඩුව සඳහා ගම් බිම් බලා පිටත්ව ගොස් ඇත්තේ, රට බංකොලොත් වීමේ අවධානමකට ලක්ව තිබෙන මොහොතකය.

මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව, 2022 වසරේදී රජය ඩොලර් බිලියන 4.5ක විදේශ ණය ගෙවිය යුතුය. අර්බුද අතර අර්බුදය වී තිබෙන්නේ එයයි.

ඔක්තෝබර් මාසය අග වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.3ට අඩු වී තිබිණි. මේ වන විට එය තවත් අඩු වී ඇත.

2022 වසර එළඹෙන්නේ ඩොලර් මිලියන 500ක බැඳුම්කර ණයක් ජනවාරිය ඇතුළත පියවීමේ අභියෝගය සමගයි.

ශ්‍රී ලංකාව ණය ගෙවාගැනීමට නොහැකිව බංකොලොත්භාවයට පත්වේද, එමගින් රැළි පරිද්දෙන් ඇතිවන සෙසු ප්‍රතිඵල මොනවාද යන උභතෝකෝටිකය අප හමුවේ තිබේ.



සබැඳි පුවත් :

රට ගිය ජනාධිපති හැරුන තැපෑලෙන් මෙරටට ! - බැසිල් ගෙදර යයි ද ?

  

Leader Whats app

 

 
 
 
 

මොළ 16 න් මොළ හතට ප‍්‍රහාරයක් ! | මොණරවිලගේ ලියමන

 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්