රාජපක්ෂ දේශපාලනයට තවත් අන්තර් ජාතික පරාජයක් අත්කර දෙමින් ජාතික මානව හිමිකම් කොමිෂන් සභා සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය

GANHRI විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තත්වයෙන් පහළට දමා තිබේ.

එහි වර්ග කිරීම අනුව “ඒ” තත්වයේ සිය දැන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම “බී” තත්වයට දමා තිබේ.

මෙසේ පහළට දමා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් 1993 දී සම්මත කරන ලද මානව හිමිකම් කොමිෂන් සභා සඳහා වන ” පැරිස් මූලධර්ම” යටතේය.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය ජූනි මාසයේදී එම ආයතනයේ උප කමිටුවක් ( Sub-Committee on Accreditation SCA of the GANHRI) විසින් පවත්වන ලද සැසි වාරයකදීය. එසේ නමුත් වාර්තාව ප්‍රසිද්ධියට පමුණුවන ලද්දේ මෑතදීය.

රාජපක්ෂ පාලනය යටතේ 2007 වර්ශයේ දී ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට මෙම ඉරණම අයත් විය. ඉන් පසු පසුගිය ආණ්ඩුව විසින් 19වන සංසෝධනය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමෙන් පසු එයට යළි “ඒ” තත්වය ලබා ගැනීමට හැකි විය.

20වන සංසෝධනය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි ස්වාධීනත්වය අහෝසි කිරීම මෙළෙස තත්වයෙන් පහත හෙළීමට ප්‍රධාන හේතුවක් ලෙස මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තාවෙහි දැක්වේ.

 

20වන සංසෝධනය යටතේ මුලින්ම කොමිසමට පත් කරන ලද්දේ රාජපක්ෂ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි බහුතරයකි.

 

20 වන සංසෝධනය යටතේ මානව හිමිකම් කොමිසමට පත් කරන ලද සාමාජික සාමාජිකාවන් අති බහුතරය රාජපක්ෂ දේශපාලනය වෙනුවෙන් මැතිවරණවලට ඉදිරිපත්ව සිටි හෝ වෙනත් නියෝජනයන් කර තිබූ අය වූහ.


GANHRI වාර්තාව :

එම වාර්තාව මුල් පිටපත මෙතනින්


එම වාර්තාව මෙසේ දක්වයි:


“උප කමිටුව SCA අභිමුව ඇති තොරතුරු අනුව, පැරිස් මූලධර්මවල අවශ්‍යතාවලට අනුකූලව ආයතනයේ ස්වාධීනත්වය සහ ඵලදායිතාවය ප්‍රමාණවත් ලෙස පවත්වා ගෙන ගොස් නොමැති බව සැලකිල්ලට ගැනේ.”

“අත්අඩංගුවේදී මරණ සහ වධහිංසා පැමිණවීම් ඇතුළු සියලුම මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඵලදායී ලෙස කටයුතු කරමින් ප්‍රසිද්ධියේ එම කරුණු ආමන්ත්‍රණය කර නොමැති බව උප කමුටවෙහි අදහසයි. එමෙන්ම එය සියලු මානව හිමිකම් ප්‍රවර්ධනය කරන සහ ආරක්ෂා කරන ආකාරයෙන් මත දක්වා නැත.”

” ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට සමාන්තර වාර්තාවක් ඉදිරිපත් නොකළ බව උප කමිටුව  SCA සටහන් කරයි.”

තවද එය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි සංයුතිය ශ්‍රී ලංකා සමාජයේ විවිධත්වය ප්‍රමාණවත් ලෙස සැළකිල්ලට ගෙන නැති බවයි.


(උපුටා ගැනීම - srilankabrief.org)

  

Leader Whats app

 

 
 
 
 

මොළ 16 න් මොළ හතට ප‍්‍රහාරයක් ! | මොණරවිලගේ ලියමන

 

 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

 

  

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්