ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන වසර එක හමාරකට වැඩි කාලයක් සිරගත කොට සිටි ගුරුවර හා කිවි අහ්නාෆ් ජසීම් ඇප මත මුදා හැරීමට
අධිකරණය නියෝග කර තිබේ.
රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප තුනක් මත අහ්නාෆ් ජසීම් මුදා හැරීමට නියෝග කළ පුත්තලම මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ දෙසැම්බර් 15 වැනි බදාදා වැඩි දුරටත් නියෝග කර ඇත්තේ ඔහු සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ පුත්තලම කාර්යාලයේ අත්සන් කළ යුතු බවයි.
අහ්නාෆ් ජසීම්ගේ විදේස ගමන් තහනම් කිරීමටත් අධිකරණය ක්‍රියා කළ බව පලාත් බද වාර්තාකරුවෝ පවසති.
කවියකු සහ ගුරුවරයකු වන අහ්නාෆ් ජසීම් පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගන්නා ලද්දේ 2020 මැයි මස 20 වැනි දිනයේයි.
ඔහුගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ගොනු කර තිබු පෙත්සම දෙසැම්බර් 8 දිනයේ කැඳවන ලද අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුනේ අහ්නාෆ් ජසීම් ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ නොවන බවයි.
අහ්නාෆ්ට එරෙහිව පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති නඩුව විභාග වන විට අහ්නාෆ්ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ නොවන බවත් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ අධිකරණයට දන්වා තිබුනි.
මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට අහ්නාෆ් ජසීම් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමිනි.
2020 මැයි 16 දා අත් අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් රඳවාගෙන සිටි ඔහු පසුගිය ජුනි මාසයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබුනි.
සබැඳි පුවත් :
සිරකළ මුස්ලිම් කවියාට ඇප දීමට නීතිපති 18 මාසයක් ගනී
ත්‍රස්ත පොලිසිය හිරකරගෙන සිටි මුස්ලිම් කවියාට 18 මාසයකට පසු නඩු
හිරේ දැමූ අහ්නාෆ් ජසීම් කවියාට අවුරුද්දකට පසු නීතිඥයන් හමුවීමේ වරම
මුස්ලිම් කවියාගේ නඩුවට උත්තර දෙන්න නීතිපති උසාවියේ නෑ
රිමාන්ඩ් කර සිටින අහ්නාෆ් ජසීම්ට සමාන පහසුකම් දීමට උසාවි නියෝගයක්
අහ්නාෆ් නිදහස් කරන ලෙස ඉල්ලීමට යුරෝපා ආණ්ඩු එක්වේ
කවි පොතට හිරේ දැමූ කවියා නිදහස් කරගන්නට ජාත්‍යන්තර සංවිධාන සමූහයක් එක්වෙයි
මුස්ලිම් කවියාට විරුද්ධ චෝදනා ඔප්පු කරගන්න බැරිව CTID උපාමාරුවක
මුස්ලිම් තරුණ කවියකු රඳවාගැනීම ගැන TID ලොක්කාට ප්‍රශ්න
සිර කළ මුස්ලිම් කවියකු වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක්
මොළ 16 න් මොළ හතට ප්‍රහාරයක් ! | මොණරවිලගේ ලියමන