ඉතිහාසයේ ඉතාමත්ම බරපතලම මූල්‍ය අගාධයට ශ්‍රී ලංකාදීපය ඇද වැටෙමින් තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (PCR ) පවසයි.



මේ වන විට රට පත්ව ඇති ආර්ථික අර්බුදය සහ මේ වන විට රටේ වත්මන් දේශපාලන තත්වය පිලිබදව අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කර සිටියේ, අද දින (15) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.


“මේ කඩා වැටෙන්නේ, රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයි, කඩා වැටෙන්නේ මේ රට. ඒ කඩා වැටෙන්නේ අපේ ජනතාවගේ හිස් මතට. ගෑස් ටැංකි පුපුරලා සිවිලිං කඩා වැටෙනවා වගේ ජනතාවගේ හිස් මතට. මුළු ආර්ථිකයම ජනතාවගේ හිස් මතට කඩා වැටීමයි සිද්ධවෙන්නේ. ඒ නිසා එය ගලවා ගැනීමේ වගකීම අපට තියෙනවා. ඒ සඳහා එකතු වෙන්නෙයි කියලා සියලුම දේශමාමක දූෂණයට යටත් නොවිච්ච ආණ්ඩුවේ විරුද්ධ පක්ෂයේ දේශපාලකයින්ගේ විශේෂයෙන්ම රට කරවලා පළපුරුද්ද තියෙන නිලධාරීන් ඇතුළු සියලුම වගකිවයුතු වෘත්තීයවේදීන්ගෙන් ආයාචනයක් කරනවා.” යැයි පාඨලී චම්පික රණවක එහිදී කියා සිටියේය.

''රටේ දේශීය මූල්‍ය අර්බුදයත් ඉතා බරපතල ලෙස වර්ධනය වෙමින් තිබේ. විදේශ විනිමය හිඟය විසින් ඇති කර තිබෙන අර්බුදයත් මහා පරිමාණ අර්බුදයක් බවට දැවැන්ත සුළි කුණාටුවක් බවට පරිවර්තනය වෙමින් තිබේ. '' යයි ද පාඨලී චම්පික රණවක සඳහන් කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව සතුව තිබෙන්නේ ඩොලර් කෝටි 150 ක පමණ විදේශ වත්කමක් බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, මේ තත්ත්වයත් සමග එළඹෙන වසර, විශේෂයෙන්ම පළවෙනි මාස කිහිපය, ඇතැම්විට ජනවාරි මාසය අතිශය තීරණාත්මක මාසයක් බවට පරිවර්තනය වීමට නියමිත බව සඳහන් කළේය.


“හැබැයි මේ විදේශ වත්කමට අපි රැවටිය යුතු නෑ. මොකද අද මේ රටේ මහ බැංකුවෙත් ඒ වගේම සෙසු බැංකු පද්ධතියෙත් ශුද්ධ විදේශ වත්කම ඍණ අගයක්. ඒක ඉතාමත්ම බරපතල අගයක්. සියලුම බැංකුවල මේ ශුද්ධ විදේශ වත්කම් හිඟය. සෘණ ඩොලර් මිලියන 3600 ඉක්මවලා තියෙනවා. ඒ නිසා මේ වත්කමයි සියල්ලගෙම එකතුව ඇවිල්ලා දැන් සෘණ අගය.

 කෙසේ නමුත් මේ පවතින මේ ඩොලර් මිලියන 1500 න් 350ක් පමණම තිබෙන්නේ රත්තරන්. ඒ අනුව 1150 ක් විතරයි අපිට මුදල් වශයෙන් තියෙන්නේ. මේවත් ඇත්ත වශයෙන්ම ණයට ගත් මුදල් විශේෂයෙන්ම යහපාලන කාලයේ ගොඩනගා ගත් සංචිතවලින් ඉතුරු වෙච්ච ඒවා.



දැන් 2022 තත්වය මොකක්ද?

''2022 ගෙවිය යුතු සමස්ත ණය බර මෙන්න. ඒක ඩොලර් මිලියන 7000 කට අධිකයි. මේක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඩොලර් මිලියන 7000 ක් ලබන වසරේ ගෙවිය යුතු සම්පූර්ණම ණය. අපි ගත්තොත් ද්විපාර්ශ්වීය ණය ඒ කියන්නේ රට රටවල් අතර තියෙන ණය ඩොලර් මිලියන පන්සීය පනහක් ලබන වසරේ ගෙවිය යුතුයි.''


# බහුපාර්ශවීය ණය අන්තර්ජාතික වශයෙන් තියෙන මූල්‍ය ආයතන වල ණය. ඩොලර් මිලියන් 604 යි.

# ඒ වගේම අපනයන එහෙම නැත්නම් වැනි ඩොලර් මිලියන 514 යි.

# ඒ වගේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර 1500යි. ඒකෙන් 500 ක් තියෙනවා ජනවාරි මාසේ.

# ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වල වෙනත් කාරණා, ඒ කියන්නේ පොලී වැනි කාරණා. ඒක තියෙනවා 1083ක්.

# ඒ වගේම ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ඩොලර් මිලියන 1441යි.

# ඒ වගේම වෙනත් ඒවා ඩොලර් මිලියන ආසන්නයෙන් 1200යි.

# බංග්ලාදේශයේ අත මාරුව 150 යි.


එකතුව 7042 යි. මේක තමයි තත්ත්වය. එතකොට ගෙවන්න අතේ තියෙන්නේ 1150යි.”



ජනවාරිය බරපතලයි !

2022 ජනවාරි මාසයේ 18 වැනිදා ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් පියවීමට තිබේ. එමෙන්ම ඩොලර් මිලියන 242 ක ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරයක් පියවීමට තිබේ. බහුපාර්ශවීය, ද්වීපාර්ශවීය ණය වාරික එකතු කළ විට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 200 කට අධික ය. ඒ අනුව, ජනවාරි මාසයේ පමණක් ඩොලර් මිලියන 947 කට අධික ණය ප්‍රමාණයක් ගෙවීමට තිබේ.


රටට අත්‍යාවශ්‍ය ඖෂධ, තෙල්, ගෑස්, ගල් අඟුරු මෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන පාන්, පිටි, සීනි වැනි දෑ ගෙන්වීම සඳහා තඹ සතයක් හෝ මහ බැංකුව සතුව නොමැති බව ද රණවක හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය.


“එහෙමනම් අපට ඉතාම පැහැදිලියි ඉතිහාසයේ පෙර නොවූ විරූ විශේෂයෙන්ම නිදහසෙන් පස්සේ ඉතිහාසයේ අපි පලවෙනි වතාවට බංකොලොත් වීමට යන බව. මේක අපි කාලාන්තරයක් තිස්සේ කියපු කාරණයක්.

Lotus Tower

ඔය ඇස් නිලංකාර කරපු 2005-15 අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල්, නෙළුම් කුළුණවල්, සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩා පිට්ටනි මේ සියල්ලම අධික පොලියට ණය අරගෙන, 400% පරිමාණයෙන් කොමිස් ගහලා නගපු මේ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත කඩා වැටෙමින් තියෙනවා.


කිරිපිටි නැති රටක්, ගෑස් නැති රටක්, භූමිතෙල් නැති රටක්, ඒ වගේම අනාගතයේ විදුලිය නැති රටක්, ඇතිවීමේ භයානක අනතුරට ලංකාව ගමන් කරමින් තියෙනවා.

ඉතින් මේකට මේ දැන් ආණ්ඩුව මොකද කරන්නේ? තව අවුරුදු තුනක් ගෙඩිය පිටින්, මේ ජනාධිපති ආණ්ඩු කරන්න තියෙනවා, 2024 තමයි, ඔහුට ජනාධිපතිවරණය තියෙන්නේ. නමුත් වැඩ කරන්නේ, මේ මාසයක් විතර තව බලයේ ඉන්නවා කියලා හිතාගෙන. ඒ නිසා, කෙටිකාලීන උපාමං හොයනවා.

අපි දන්නවා, අර්බුදය ගසාකන්න දරපු උත්සාහයක් තෙල් මිල ගෙවන්න කියලා අධික පොලී අනුපාතයක් සහිත ඩොලර් බිලියන 2.5 ක හොර ගනුදෙනුවක් කරන්න ගියා තෙල් සංස්ථාව බලශක්ති ඇමතිවරයා ඒ කියන්නේ 7% කොමිස් මුදලකට ඩොලර් මිලියන 175ක අති දැවැන්ත ධනයක් ඒ හරහා හුවමාරු වෙන්න ගියා ඒක එළිදරව් වුණා ඒක වැළකුණා .

ඊළඟට ඕමාන් රාජ්‍යයෙන් ඩොලර් බිලියන 3.6 ක් ලැබෙන්න නියමිතයි කියලා ඇවිල්ලා ප්‍රකාශ නිකුත් කළා මේ රටේ බැංකු අධිපති, බලශක්ති ඇමතිවරයා.
හැරෙන තැපෑලෙන් කිව්වා, ඕමානයේ එහෙම උත්සාහයක් නෑ කියලා.

ඊළඟට ඕමාන් මහ බැංකුවත් එක්ක අත මාරුවක් කරනවා කිව්වා. ඊළඟට කටාර් දේශයේ දැන් ණය ගන්න ගිහිල්ලා තියෙනවා. ඉන්දියාවට ගිහිල්ලා ඩොලර් මිලියන 500 ක හුවමාරුවක් කරගන්න හදනවා. බංගලිදේශයට නැවත දුරකථන ඇමතුම් දෙනවා. මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම තාවකාලික පියවර.”


ඊළඟ මාස 6 ගෙනයන්නේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳව බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ වාගාඩම්බර කතා මිස ප්‍රායෝගික වැඩසටහනක් නොමැත. රට අතිශය භයානක අනතුරක වැටී තිබේ.



සියලු පව් පුංචි බණ්ඩා පිට පැටවීම !

දැන් මේ සියළු පව් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර හරහා පිට කිරීමේ උත්සාහයක් පවතී. ජයසුන්දර පැහැදිලිවම මේ අර්බුදයේ වග උත්තරකරුවෙකි.

ඔහු සහ අජිත් නිවාඩ් කබ්රාල් යන නිලධාරීන් දෙදෙනා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙක් විශේෂයෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ මෙන්ම මහාමාර්ග ක්ෂේත්‍රයේ, බලශක්ති ක්ෂේත්‍රය භාරව සිටි අමාත්‍යාංශ ලේකම්වරු කිහිපදෙනෙක් මේ සම්බන්ධයෙන් වගකිව යුතු බව සැබෑය. නිලධාරීන්ගේ පැත්තෙන් සුදු කරපටි අපරාධකාරයා ජයසුන්දරය. නමුත් ජයසුන්දර මහතා ගෙදර යැවීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැත.


“මොකද ප්‍රශ්නයේ මුල රාජපක්ෂවරු රාජපක්ෂ පවුල. ඒ නිසා ජයසුන්දර ගෙදර යැවීමෙන් ඇත්තටම ජයසුන්දර මහත්තයා බේරෙන එක විතරයි වෙන්නේ. මේ අර්බුදය ජනතාවගේ හිස මත කඩා වැටෙන්න නියමිතයි. ඊළඟ සති කිහිපය ඇතුලත.


ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවද නැද්ද කිය කිය කතා කර කර ඉන්නවා. මතක තබා ගත යුතුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒ තිබිච්ච වැඩපිළිවෙළ 2020 ජූනි මාසේ ඒකට පයින් ගැහුවෙ මේ ආණ්ඩුව, මේ ජනාධිපති, මේ අගමැති, මේ මුදල් ඇමති එතකොට ඒකට යන එක දැන් පමා වැඩියි.

මොකද ඒකට ගිය හැටියේ ඒගොල්ලො කරන පලවෙනි දේ තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනාවලියක් ගේන එක. ඒ කියන්නේ ප්‍රායෝගිකව අපි බංකොලොත්භාවය පිළිඅරගෙන තමයි ඒක කරන්නේ. එතකොට ඇතිවන ව්‍යසනයන් දරාගත නොහැකි වෙයි. මොකද මේ ප්‍රශ්නය දැන් උඩු දුවලා වැඩියි.”

අපි මෙපමණ විකුණන්න යනවා, මෙපමණ බිලියන් ප්‍රමාණයක් හොයනවා යනුවෙන් නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. ඉඩම් දෙකක් විකුණන්න යන බව මෑතකදී පුවත්පතක් වාර්තා කළේය.


“එකක් දෙමටගොඩ. ඒ දෙමටගොඩ ඉඩම අක්කර පහයි. පර්චස් අටසීයයි. ඩොලර් මිලියන දෙසිය පනහයි. කීයද රුපියල් වලින් පර්ච් එක? රුපියල් වලින් පර්ච් එක. රුපියල් ලක්ෂ 640 යි. මිලියන 64 යි. අපි දන්නෑ මේක ආයෝජනයද කියලා. එහෙම නැත්නම් මේක ඉඩමට ගෙවන මුදලද කියලා. නමුත් පැහැදිලිව තිබුණේ එහෙම. ඒ කියන්නේ ලක්ෂ 640 කට විකුණන්න යනවා පර්ච් එකක් දෙමටගොඩ. මොන විහිළු කතාද? මේ රටේ එහෙම විකුණන්න පුලුවන්ද? ඔය ඉඩමේ වාණිජ වටිනාකම ආසන්නයෙන් ලක්ෂ 60කටට කිට්ටුයි පර්ච් එක. ලක්ෂ 640 කට විකුණනවා. කාටද මේ බොරු කියන්නේ?”



''කිසිදු බුද්ධිමත් ආයෝජකයෙක් මේ රටට එන්නේ නෑ''


image adb6c8a7f0                                                                                                                  සැක කටයුතු ආයෝජනයක් තමයි වරාය නගරෙත් සිද්ධ වුණේ.


කිසිදු බුද්ධිමත් ආයෝජකයෙක් මේ රටට එන්නේ නෑ. වරාය නගරය ලංකාවෙම සැක කටයුතු ආයෝජනයක් තමයි වරාය නගරෙත් සිද්ධ වුණේ. කම්පුචියාව හරහා ආපු ඇරෙන්න කිසිදු වැදගත් විදේශිකයෙක් වරාය නගරයටවත් ආවේ නෑ. අපි හිටියනම් අපි පැහැදිලිව කියනවා මේ වෙනකොට වැදගත් ආයෝජන හතරක් ඉදිකිරීම් කටයුතුත් ආරම්භ කරලා ඉවරයි වරාය නගරයේ. කිසිම වැදගත් ආයෝජකයෙක් එන්නේ නෑ. මොකද බංකොලොත් වෙන්න යන මේ රට.”

විශේෂයෙන්ම දේපල විකිණීම සම්බන්ධයෙන් රාජ්‍ය දේපල පනත යටතේ දඬුවම් කළ යුතු පුද්ගලයෙක් වර්තමාන නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

“ඔහු තමයි අර ෂැංග්‍රීලා ඉඩමේ ජාවාරම කළේ. නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්න ගමන්. ඔහුට මේක බාරදීලා කරන්න පුළුවන් දෙයක් නෑ. මේ නිලධාරී තන්ත්‍රයයි, මේ පවුල් තන්ත්‍රයයි, මේ රාජ්‍ය දේපල විකිණීමෙන්, කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

ඒ වගේම තව භයානක දෙයක් වෙමින් තියෙනවා. ඒ මොකක්ද? විදේශීය බලවතුන් මේ දුර්වල අසමත් කඩාවැටුණු රාජ්‍ය අල්ලා ගැනීමට එනවා මේ අර්බුදය ඔස්සේ. ඉදිරි කාලයේදී අපි බොහොම පැහැදිලිව කියනවා, ලෝක බලවතුන් දැවැන්ත දේශපාලන කොන්දේසි දමමින් දැවැන්ත මූල කොන්දේසි දමමින්, අපගේ ජාතික සම්පත් විතරක් නෙවෙයි, බලශක්ති, ස්වෛරීභාවය, මූල්‍ය ස්වෛරීභාවය අපෙන් උදුරා ගන්නා කොන්දේසි දමමින් බලවතුන්ගේ බල පොරයකට මේ රට පත්වෙන්න නියමිතයි. පත්වෙමින් තියෙනවා”

ඒ නිසා මේ රට ගලවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බව රණවක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.


“අපි අවධාරණය කරනවා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව මේ අවස්ථාවේදී ක්‍රියාකාරී විය යුතුයි. මූල්‍ය බලතලය තියෙන්නේ 148 වෙනි වගන්තියෙන් පාර්ලිමේන්තුවට. ඒ නිසා මේවාට මේ හමුදා නිලධාරීන් රාජ්‍ය සේවයට ඇතුළත් කිරීමෙන් හෝ එහෙම නැත්නම් හිතවතුන් මේ තැන්වලට පත් කිරීමෙන් හෝ මුහුණු මාරු කිරීමෙන්, ඔළු මාරු කිරීමෙන් හෝ කිසිදු විසඳුමක් නෑ. අද මේ නිසා වගකීම් සහගත ඉදිරිපත් වීමක් වැඩපිළිවෙළක් රටට අවශ්‍ය කරනවා. ''

 

ඉතාමත් නුදුරු කාලයක දී රට ගලවාගැනීමේ වැඩපිළිවෙල ජාතිය හමුවට ගෙන ඒමට තමන් බලාපොරොත්තු වන බව ද පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පැවසිය. 
 

 

  

 

 

Leader Whats app

 

 
 
මොණරෙට සීයයි සීයලාට අමාරුයි ! | මොණරවිලගේ ලියමන
 
 
 
 
රට ගිය බැසිල් ආයේ එන්නෙ අගමැති වෙන්න! | Gossip

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්