ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් වූ SLT Campus (පෞද්) සමාගම රුපියල් මිලියන 410ක මුදලකට අලෙවි කර ඇතිබව ඇතැම්

සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

 මෙහිදී Tempest Two (පෞද්) සමාගම නම් සමාගමක් එම මිලදී ගැනීම සිදු කර ඇති බවත්, ටෙලිකොම් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් පෙරේදා (14දා) මේ බව දැනුම් දී තිබෙන බවත් එම පුවත් වාර්තාවල සඳහන් වේ.

අංක 46/58 නවම් මාවත, කොළඹ 02 ස්ථානයේ පිහිටි ‘මිලේනියම් හවුස්‘ ගොඩනැගිල්ලේ පස්වැනි මහලේ (Level 5 හි) මෙම Tempest Two (පෞද්) සමාගම පිහිටා තිබේ.

ඒ අනුව SLT Campus (පෞද්) සමාගමේ 100%ක හිමිකාරිත්වය මෙලෙස ටෙම්පෙස්ට් ටූ (පෞද්) සමාගම වෙත SSPA (Share Sale and Purchase Agreement) එකඟතාවක් ලෙස අලෙවි කිරිම සිදු කර තිබෙන බවට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ අතර අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම පවසයි.


ඇතැම් මාධ්‍ය වාර්තාවට අනුව, මෙලෙස SLT Capmus (පෞද්) සමාගම මිලදී ගත් Tempest Two (පෞද්) සමාගම Tempest PE Partners (පෞද්) සමාගමේ ආයෝජන හස්තය ලෙසින්ද සැලකෙයි. කැපිටල් එලායන්ස් සහ ඉන්සයිට් හෝල්ඩිංග්ස් යන සමාගම්වල ඒකාබද්ධවීමෙන් මෙම Tempest PE Partners (පෞද්) සමාගම බිහි වී තිබේ. කැපිටල් එලායන්ස් යටතේ ක්‍රියාත්මක Capital Alliance Partners Limited (CAL) සමාගම ලියාපදිංචි වී ඇත්තේද නවම් මාවතේ පිහිටි මෙම Tempest Two (පෞද්) සමාගම ලියාපදිංචි වී ඇති ලිපිනයේය.

slt

විකුනපු කතාව බොරු !


කෙසේවුවද මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමක දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ වානිජ්‍ය අංශයේ ප්‍රධානියකු පැවසුයේ, SLT Capmus (පෞද්) සමාගම විකුණා ඇතැයි පලවන වාර්තා වල සත්‍යයක් නොමැති බවත්, ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් වූ SLT Campus (පෞද්) සමාගම සතු ඉඩම හා දේපල මෙන්ම අදාල ව්‍යාපාරික කටයුතු වසර 15කට වෙනත් සමාගමකට බදුදීමට තීරණය කර ඇති බවත්ය.

'' එඩියුකේෂන් කියන්නේ අපේ සමාගමේ විෂය පථයට අදාල ම නැති බිස්නස් එකක්. ඒ නිසා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළා  ඒ බිස්නස් එක වෙනත් සමාගමකට දීලා ආදායමක් උපයගන්න. එත් SLT Capmus (පෞද්) සමාගම සතු ඉඩම්, දේපල විකිණීමක් කරන්නේ නැහැ. ඒවා වසර 15කට අදාල සමාගමට බදු දෙන්න තීන්දු කරලා තියනවා. කිසිම විදියක අලෙවි කිරීමක් සිද්ද වෙන්නේ නැහැ. '' එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. 

 

 

Leader Whats app

 

 
 
මොණරෙට සීයයි සීයලාට අමාරුයි ! | මොණරවිලගේ ලියමන
 
 
 
රට ගිය බැසිල් ආයේ එන්නෙ අගමැති වෙන්න! | Gossip

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්