1200 x 80 DMirror

 
 

මෙරට දිනකට ළමා අපචාර සිද්ධීන් 32 ක් පමණ සිදුවන බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම ඊයේ (15 වැනිදා) අනාවරණය කළේය.



ඒ අනුව සෑම පැයකදීම ළමා අපචාරයක් සිදුවන බව සඳහන් කළ ඇමැතිවරයා, මෙම වසරේදී පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපචාර සම්බන්ධව පැමිණිලි දසදහස් හත්සිය දහතුනක් (10,713) ලැබී ඇතැයිද සඳහන් කළේය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත එලෙස ලැබී තිබූ පැමිණිලිවලින් වයස අවුරුදු 05ට අඩු ළමා අපචාර සිද්ධීන් 1632 ක්ද, අවුරුදු 6 ත්, 10 ත් අතර පැමිණිලි 2626 ක්ද වූ බව සඳහන් කළ ඇමැතිවරයා ලැබෙන පැමිණිලිවලට සාපේක්ෂව වාර්තා නොවන සිදුවීම් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා බවද පැවැසීය.

 ඇමතිවරයා එබව කියා සිටියේ, දරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ජනමාධ්‍ය අනුගමනය කළ යුතු ආචාරධර්ම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (15 වැනිදා) පැවැති වැඩමුළුවක් අමතමිනි.

ජනමාධ්‍ය සහ දරුවන් අතර ඇතිවිය යුතු සබඳතාව ගුරු – ශිෂ්‍යය බැඳීම හා සමාන විය යුතු වුවද, වර්තමානය වන විට එය බිල්ලා සහ ළමයා අතර පවතින සම්බන්ධය වැනි තත්ත්වයකට පත්ව ඇතැයිද ජනමාධ්‍ය ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ සහ විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(aruna.lk)

267875615 321836403280896 5621092537327869004 n

 

Leader Whats app

 

 
 
මොණරෙට සීයයි සීයලාට අමාරුයි ! | මොණරවිලගේ ලියමන
 
 
 
රට ගිය බැසිල් ආයේ එන්නෙ අගමැති වෙන්න! | Gossip

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්