අලුතින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයන් තිදෙනා පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් තොරතුරු කිහිපයක් අද සවස අනාවරණය කරගනු ලැබීය.



මේ ආසාදිතයන් තිදෙනාගෙන් එක් ආසාදිතයකු විදේශිකයකු වන අතර ඔහු දැනට මෙරටින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

අනෙක් ආසාදිතයා මෙරටට පැමිණි පුද්ගලයකු වන අතර තෙවැනි පුද්ගලයා ඔහුගේ ආශ්‍රිතයකු  බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

මේ අය ගැන වැඩිදුර තොරතුරු තවමත්  වාර්තාවී නැතත් ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින බවද  හෙතෙම සඳහන් කළේය.


මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ, අද දින ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බව තහවුරු කරන ලද එක් ආසාධිතයෙකු දෙසැම්බර් 09 දින ශ්‍රී ලංකාවට පැමිණ නැවත 11 දින නැවත ඉන්දියාව බලා පිටත්ව යෑමට අදාලව සිදු කරනලද PCR පරීක්ෂණය මගින් ආසාදිතයෙකු බව හදුනාගත්තකු බවයි.

ඒ අනූව ඔහු රට තුලට පැමිණ ඇත්තේම ආසාධනය සහිතව බවට සැක කිරීමට විශාල ඉඩ කඩක් පවතින අතර, ගුවන් මගීන් මෙරටට ඇතුළුවීමේදී සිදු කරන PCR පරීක්ෂාව අත්තනෝමතික ලෙස නවතා දැමූ සෞඛ්‍ය බලධාරීන්, මෙවැනි අවධානමක් ඇති කිරීම පිළිබදව වග කිව යුතු බව එම සංගමය අවධාරණය කර සිටියි.


මෙම ආසාදිතයා කොවිෂීල්ඩ් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති අතර, බම්බලපිටිය ප්‍රදේශයේ කැසිනෝ අවන්හලක කැසිනෝ ක්‍රීඩාව සදහා පැමිණි අයෙකු බව වාර්තාවේ.

ඒ අනූව ඔහුගේ ආශ්‍රිතයින් විශාල සංඛ්‍යාවක් සිටිය හැකිවන අතර, එන්නත්කරණය කරනලද පුද්ගලයන් පරීක්ෂාවට ලක් නොකිරීමෙන් රටට ඇතිවිය හැකි අවධානම පිළිබදව සෞඛ්‍ය බලධාරීන් සහ රජය සිය උද්දච්ච සිතුවිලි වලින් බැහැරව නැවත කල්පනා කලයුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

 

 

Leader Whats app

 

 
 
අගමැතිකම අසා අප්පච්චි සිහිනැතිවෙලා! | මොණරවිලගේ ලියමන
 
  
 

 

නාන සාර නිසා නාන සර් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි

 

 

2024 ගෝඨා ආයෙත් ඉල්ලනවලු !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්