මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයකුට කොවිඩ් ඔමික්‍රොන් ආසාධනය තිබියදී රටින් පිටවීමට ඉඩ සැලසවීම මගින්

රටක් ලෙස අප වසංගතය පාලනය කිරීමේ වගකීම පැහැර හැර ඇති අතර, එමගින් විශාල සංඛ්‍යාවකට සහ රටවල් ගණනාවකට ඔමික්‍රෝන් සම්ප්‍රේෂණය කරවීමේ අවධානමක් නිර්මාණය කර ඇතැයි මෙරට ප්‍රකට සෞඛ්‍ය වෘත්තීය සමිතියක් චෝදනා කර සිටියි.

එසේ මෙම අවධානම මතුකර ඇත්තේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය යි.



රටට ඇතුළුවන සියළුම ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට හා විධිමත්ව ප්‍රභේද පරීක්ෂණ සිදු කිරීමට නියෝග කොට, රට අනවශ්‍ය අවධානමකට ලක් වීම හ ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ සෞඛ්‍ය සේවාව හෑල්ලුවීම වලක්වා ගන්නා ලෙස එම වෘත්තිය සමිතිය ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.


ඔමික්‍රෝන්‍ ආසාධිත බව තහවුරු කල විදේශිකයෙකු රටින් පිටව ගොස් ඇති බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේය.

ඔමික්‍රෝන් ආසාධිත බව තහවුරු කල එක් ආසාධිතයෙකු දෙසැම්බර් 09 දින මෙරටට පැමිණ ඇති අතර, රටට ඇතුළුවීමේදී PCR පරීක්ෂණ සිදු කිරීම සෞඛ්‍යා අමාත්‍යාංශය  විසින් තහනම් කර ඇති නිසා ඒ පිළිබදව හදුනා ගැනීමට නොහැකි වී ඇත.


 නමුත් දෙසැම්බර් 11 දින ඔහු මෙරටින් පිටවීමට පෙර සිදුකල PCR පරීක්ෂාව මගින් ඔහු ආසාධිත බව ගුවන්තොටුපල රසායනාගාරය මගින් ඉතා පැහැදිළිව තහවුරු කර තිබියදී හා ඒ බව රාසායනාගාය විසින් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සහ අදාල සියළු බලධාරීන් දැනුවත් කොට තිබියදී ඔහු රටින් පිටවූයේ කෙසේද යන්න විශාල ගැටලුවක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.


එසේම මෙම ආසාධිතයා රට තුලට පැමිණ ඇත්තේම ආසාධනය සහිතව බවට සැක කිරීමට විශාල ඉඩ කඩක් පවතින අතර, ගුවන් මගීන් මෙරටට ඇතුළුවීමේදී සිදු කරන PCR පරීක්ෂාව අත්තනෝමතික ලෙස නවතා දැමූ සෞඛ්‍ය බලධාරීන්, මෙවැනි අවධානමක් ඇති කිරීම පිළිබදව වග කිව යුතු බවද රවී කුමුදේශ් අවධාරණය කර සිටියි.

මෙම ආසාධිතයා කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති අතර, බම්බලපිටිය ප්‍රදේශයේ කැසිනෝ අවන්හලක කැසිනෝ ක්‍රීඩාව සදහා පැමිණි අයෙකු බව කියැවේ.

ඒ අනූව ඔහුගේ ආශ්‍රිතයින් විශාල සංඛ්‍යාවක් සිටිය හැකිවන අතර, එන්නත්කරණය කරනලද පුද්ගලයන් පරීක්ෂාවට ලක් නොකිරීමෙන් රටට ඇතිවිය හැකි අවධානම පිළිබදව සෞඛ්‍ය බලධාරීන සහ රජය සිය උද්දච්ච සිතුවිලි වලින් බැහැරව නැවත කල්පනා කලයුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අවධාරණය කර සිටියි.

තවද, මෙම ආසාදිතයා, ආසාධනය තිබියදී රටින් පිටවීමට ඉඩ සැලසවීම මගින් රටක් ලෙස අප වසංගතය පාලනය කිරීමේ වගකීම පැහැර හැර ඇති අතර, එමගින් විශාල සංඛ්‍යාවකට සහ රටවල් ගණනාවකට ඔමික්‍රෝන් සම්ප්‍රේෂණය කරවීමේ අවධානමක් නිර්මාණය කර ඇත.

 

මීට පෙර අවස්ථාවක ද එන්නත් කිසිවක් සිදු කර නොමැති ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට රටින් පිටවීමට සහ ඔමික්‍රෝන් සහිතව රටට ඇතුළු වීමට ඉඩ සලසවා තිබීම හා මෙවර ඔමික්‍රෝන් ආසාදිතයෙකුට රටින් පිටවීමට ඉඩ සැලසවීම මගින් රටේ කොවිඩ් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව බරපතල සැකයක් මතුවන බැවින් ඒ පිළිබදව විධිමත් විමර්ෂණක් සිදු කරන මෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.



එසේම එම හිඩස වසා ගැනීම වෙනුවට ඉදිරියේදී දැනට සිදු කරමින් පවතින PCR පරීක්ෂණ හා ප්‍රභේද පරීක්ෂණ කෙසේ හෝ නවතා දැමීම මගින් සත්‍ය යටපත් කර වසංගත පාලනය කිරීමට උත්සාහ කරන ඇතැම් සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසද  එම වෘත්තිය සමිතිය ජනාධිපතිවරයා ගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.



ඔමික්‍රොන් නිසා දකුණු කොරියාවේ රෝහල් පද්ධතිය අර්බුදයක

මේ අතර දකුණු කොරියාවෙන් ද යළිත් වරක් වාර්තා ගත දෛනික කොරෝනා ආසාදිතයින් පිරිසක් මේ දිනවල වාර්තා වේ.

එරට රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඇතැම් රෝහල් ආසාදිතයින්ගෙන් පිරී ගොස් ඇති බවයි.

ආසාදිතයින් ඇතුලත්වීමේ ප්‍රමාණය අනුව ඇතැම් රෝහල් තුළ යුද්ධයකට සමාන තත්ත්වයක් දක්නට ලැබෙන බව ද වාර්තා වේ.

ආසාදිතයින් ඉහළ යාම හමුවේ දැඩි සත්කාර තුලට රෝගීන් ඇතුළත් කිරීමේ අවශ්‍යතාව ද ඉහළ ගොස් ඇති අතර මේවනවිට ඇතැම් රෝහල්වල දැඩි සත්කාරවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන බව විදෙස් මාධ්‍ය පවසයි. 

 

 

 

Leader Whats app

 

 
 
අගමැතිකම අසා අප්පච්චි සිහිනැතිවෙලා! | මොණරවිලගේ ලියමන
 
  
 

 

නාන සාර නිසා නාන සර් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි

 

 

2024 ගෝඨා ආයෙත් ඉල්ලනවලු !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්