විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඉල්ලා සිංහල බසින් ලබා දුන් සිතාසියක් බාරගනීම දෙමළ දේශපාලඥයකු විසින් ප්‍රතික්ෂේප  කර තිබේ.

 

යහපාලන ආණ්ඩුව විසින් ස්ථාපිත කළ වංචා දුෂණයට එරෙහි කමිටු කාර්යාලයේ ක්‍රියාකාරකම් ගැන විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් වෙත දන්වා ඇත්තේ කොහුවල පොලිසිය හරහා ඔහු වෙත යොමු කළ සිතාසියක් මගිනි.



''මේ සිතාසිය එවලා තිබුනේ සම්පුර්ණයෙන්ම සිංහලෙන්. එහෙම කරන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. මම ඒ සිතාසිය බාර ගත්තේ නැහැ, විමර්ශනයට යන්නෙත් නැහැ. අවශ්‍ය නම් දෙමළ බසින් සිතාසි එවන්න කියලා ජනාධිපති කොමිසමට දෙමළෙන් ඊමේල් එකක් දැම්මා,''යැයි මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.



 මෙම විශේෂ ජනාධිපති කොමිසම මගින් දිගු කලක සිට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවා ප්‍රශ්න කරමින් සිටියි.

 ''මාව හදිස්සියේ කැඳවලා තියෙන්නේ ඇයි කියලා නම් දන්නේ නැහැ. තුනෙන් දෙකේ බලය පාව්ච්චි කරලා ගිය ආණ්ඩුවේ කැබිනට් එකටම චෝදනා එල්ල කරලා දඩුවම් ලබා දෙන්නත් පුළුවන්. ඒ වගේ අර්ථයකින් ජනාධිපති කතා කරලා තියෙනවා,''යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Leader Whats app

 
 
 
ආර්ලාගේ ජාන විකෘතියෙන් ප‍්‍රමිති ගරටළුවක් !| මොණරවිලගේ ලියමන 
 
 
 
බැසිල් ගියේ ජනපතිටත් නොකියා!! | The Leader TV | Gossip

 
  
 

නාන සාර නිසා නාන සර් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්