සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ
අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අවධානය යොමු වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 2021 අප්‍රේල් 24 වෙනිදා අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම පිළිබඳ පසුගිය නොවැම්බර් 30 වැනි දින මැඩ්රිඩ් හි පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 208 වැනි සැසිවාරයේ දී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
එම සාකච්ඡාවේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය එළැඹි තීරණ දෙසැම්බර් 16 දා ප්‍රකාශයට පත් කෙරින.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, පාස්කු ප්‍රහාරයට අනුබල දීම යටතේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් නමුත්, මේ වන තෙක් ඒ සම්බන්දයෙන් කිසිදු සාක්ෂියක් ප්‍රසිද්ධ කර නැත.
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන ඉන්සාෆ් අහමඞ් නැමැත්තා ට අයත්, ක්ලෝසස් පුද්ගලික සමාගමට තඹ ලබාදීම යන චෝදනාව ද, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ට එල්ල කර තිබිණ. ක්ලෝසස් පුද්ගලික සමාගමට කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා තඹ ලබාදීම සඳහා රිෂාඩ් බදියුදීන්, විෂයබාර අමාත්‍යවරයා ලෙස විශේෂ මැදිහත්වීමක් කර ඇති බවට තොරතුරු අනාවරණය වී නැති බවද අන්තර් පාර්ලිමේන්තු සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගත් ආකාරය, ඉදිරිපත් කර ඇති චෝදනා ඇතුළු කරුණු කෙරෙහි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ විශේෂ අවධානයට ලක්ව තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම පිළිබඳව අන්තර් පාර්ලිමේන්තු සංගමය කනස්සල්ල පළ කර සිටී.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම මන්දගාමී වීම පිළිබඳව, අන්තර් පාර්ලිමේන්තු සංගමය කනස්සල්ල පළ කරයි.
අත්අඩංගුවට ගෙන මාස 06ක් රඳවා තබා ගැනීමෙන් පසු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දුන්නද, බදියුදීන් මන්ත්‍රීවරයාව සැකකරුවෙක් කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට පරීක්ෂණ කණ්ඩායම් අසමත්වීම පිළිබඳව ද අන්තර් පාර්ලිමේන්තු සංගමය කනස්සල්ල පළ කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධන හෝ අහෝසි කිරීමකින් තොරව වර්තමාන ස්වරූපයෙන් ක්‍රියාත්මකවීම පිළිබඳව ද අන්තර් පාර්ලිමේන්තු සංගමය කනස්සල්ල පළ කරයි. සංශෝධනයට ලක් නොකර එකී පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ සංවිධානය ද කනස්සල්ල පළ කරයි. එකී පනත සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම ට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම පිළිබඳ ව ද අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අවධානයට යොමුව තිබේ.
එම පනත සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවත්, බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට පිළිගත හැකි සාක්ෂි තිබේනම්, ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසත්, අන්තර් පාර්ලිමේන්තු සංගමය ඉල්ලා සිටී.
එල්කේආර් 77 ලෙස සඳහන් කර ඇති එකී තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සියල්ල දැනුවත් කරන්නැයිද අන්තර් පාර්ලිමේන්තු සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ
රන්ජන්ට සමාව දෙන්නැයි ජනපතිට කියයි
මේ අතර රන්ජන් රාමනායකට සමාවක් ප්රදානය කර අධිකරණයට අපහාස කිරීමේ අධිකරණ ක්‍රියාදාමය හේතුවෙන් ඔහුට සිදුකරන ලද අසාධාරණය නිවැරදි කරන මෙන් ලොව පුරා පාර්ලිමේන්තු නියෝජනය කරන ජාත්‍යන්තර සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.
ප්‍රශ්නගත අධිකරණ තීන්දුවක් මගින් රන්ජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිව් වසරකට බන්ධනාගාරගත කරනු ලැබ සිටීම පිළිබඳව තමන් ‘තැති ගැනී’ සිටින බව අන්තර් පාර්ලිමේන්තු සංගමය පවසයි.
සබැඳි පුවත :
රන්ජන්ට සමාව දෙන්න! -අන්තර් පාර්ලිමේන්තු සංගමය ජනපතිට කියයි
නාන සාර නිසා නාන සර් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි