චීන පොහොර නෞකාවට ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට සූදානම් වන්නේ කොමිස් මුදල ලබාගැනීමේ අරමුණින් දැයි රාජ්‍ය අමාත්‍ය දයාරිසි ජයසේකර විමසයි.

 

ඔහු සඳහන් කළේ මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් විශාල සැකයක් මතුවී ඇති බවය.

"මහින්දානන්ද ඇමතිතුමා බොහොම පැහැදිලිව කිව්වා, එක සතයක්වත් අපි ගෙවන්නෙත් නෑ.. ආපහු මේ පොහොර නැවේ කිසිම දෙයක් ගන්නෙත් නෑ කියලා. දැන් ඒකෙ අනික් පැත්ත වෙලා තියෙන්නේ."

"දැන් ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙලා තියෙනවා. මේවා ජාතික අපරාධ. ඒකයි මම කියන්නේ මේවට වගකියන්න ඕන අයගෙන් පුද්ගලිකව ඒවා අය කරගන්න ඕනේ කියලා. අපිට තේරෙනවා මේකෙත් යම් කොමිස් මුදලක් ගෙවලා තියෙනවා කියලා. එතකොට මේ කොමිස් මුදල ගන්නද ඩොලර් මිලියන 6.7 දෙන්න වෙන්නේ." 

 

චීන සමාගමට ඩොලර් මිලියන 6.7ක්

අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු චීන පොහොර නැව වෙනුවෙන් චීන කාබනික පොහොර සමාගමට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ, අර්බුදයකට තුඩු දී ශ්‍රී ලංකා මුහුදු තීරයේ නවතා තැබූ චීන පොහොර නැව නැවත චීනයේ සමාගම වෙත ගෙන යාමට එකඟතාවයකට පැමිණ ඇති බවයි.
 
ඒ අනුව දැනටමත් ගිවිසුම් ගත කාර්යසාධන ඇපකරය සුරැකුමක් ලෙස තබා ගනිමින් සහ ණයවර ලිපියේ හා දෙපාර්ශවයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් පොහොර නැව ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
 
චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් දුන් උපදෙස් අනුව මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
 


ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට දෙසැම්බර් 13 දා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 02ක් පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍ය මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට බලය දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී කෘෂිකාර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ පැවසූයේ අදාල චීන සමාගම විසින් ප්‍රසම්පාදනයට අනුකූලව පොහොර ලබා නොදුන් නිසා මුදල් ගෙවීමට හැකියාවක් නැති බවයි.
 
කෙසේ නමුත් නීතිපති උපදෙස් අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට හානියක් නොවන පරිදි කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

(උපුටා ගැනීම් - kubiyonews.com)

 

 

 

Leader Whats app

 
 
 
ආර්ලාගේ ජාන විකෘතියෙන් ප‍්‍රමිති ගරටළුවක් !| මොණරවිලගේ ලියමන 
 
 
 
බැසිල් ගියේ ජනපතිටත් නොකියා!! | The Leader TV | Gossip

 
  
 

නාන සාර නිසා නාන සර් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්