මිනිසුන් සමඟ තිබෙන හැගීම්, ආදරය, බෙදා හදා ගැනීම්, සබඳතා කෙමෙන් අඩු වී ගෙන යන බවත් සහ ඒ සියලුම සම්බන්ධතා

online මත පදනම්ව තිබෙන බවත්, එය ඉදිරි පරම්පරාව සම්බන්ධයෙන් භීතිය දනවන කාරණයක් බවත්, ලේඛක සහ සිනමාවේදී චින්තන ධර්මදාස ප්‍රකාශ කරයි.

Faculty of Sex ඇකඩමියේ අධ්‍යක්ෂවරයා ද වන ඔහු එබව සඳහන් කලේ NEXTV  'මචං'  වැඩසටහනට සහභගී වෙමින් ....

අලුත උපන් පරම්පරාව සමාජය සහ සියලුම සමාජ සම්බන්ධතා ජංගම දුරකතනයෙන් දැකීම තුළ  පුද්ගලෙකුව තේරුම් ගන්නා ආකාරය, පුද්ගලයෙකුට ගරු කරනා ආකාරය ආදී සංවේදී මානව සම්බන්ධතා සියල්ල බිඳ වැටෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

තාක්ෂනය මත පාලනය වන මානුෂිය ආයුධයක් බවට මිනිසා පත්වීම නුදුරේදීම සිදුවන ඉතා භයානක හීනයක් වනු ඇතැයිද  ඔහු සඳහන් කළා.

අනෙකාව සම්පුර්ණයෙන් බාර ගැනීම, සම්පුර්ණයෙන්ම වැළඳ ගැනීම මත සිදුවන ලිංගික එකඟතාවය මේ වන විට නව පරම්පරාව වෙතින් ගිලිහි ගොස් online ක්‍රමයට එය සිදුවන බවත් ඔහු සඳහන් කළා.


මානුෂික සිතුවිල්ලක පවතින මුලිකම නීතිය ලිංගිකත්වය වුවත් අලුත් පරම්පරාව ලිංගිකත්වය අත්හැර වේගයෙන් තාක්ෂනය පමණක් වැළඳ ගනිමින් පැවතීම ඛේදවාචකයක් බවයි ඔහු පවසා සිටියේ. ඒ අනුව ඔහු අවසන් වශයෙන් අලුත් පරම්පරාවට ලබා දෙන පණිවිඩය හැකිතරම් sex කළ  යුතුයි යන්නයි.


සිවුරක් දරා සිටින පුද්ගලයින් සමඟ තමාගේ කිසිඳු විරුද්ධත්වයක් නොමැති බව පැවසු චින්තන ධර්මදාස, විහාරස්ථාන තුළට වී දායකයින්ගේ දානයෙන් යපෙනවාට වඩා මුල්‍යමය හෝ වෙනත් ගනුදෙණු මත පදනම් වන සාංඝික ආකෘතිය ගැටලුවක් නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ගලගොඩ අත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කරන අයුරින් බුදුන්ගේ සසුන මේ වන විට අවසාන බව ප්‍රකාශ කිරීම තුළ වර්තමාන ස්වාමින් වහන්සේලා සම්බන්ධව ගෞරවය නැති වෙන බවයි  චින්තන ධර්මදාස සඳහන් කළේ.

තම කුඩා අවදියේදී සිටි ස්වාමින් වහන්සේලාට තමන්ගේ ගෞරවය හිමිවන බවයි ඔහු සඳහන් කළේ.


බුදුන් වහන්සේ යනු ශාසනය රැකගැනීමට උත්සහ කළ පුද්ගලයෙක් නොවන බවත් උන්වහන්සේගේ ධර්මය සොයන සහ දැනෙන පිරිස එය ඇසුරු කරමින් සිටින බවත්, බුදුන් වහන්සේගේ ශාසනයට මෙයින් කිසිඳු අනතුරක් නොවන බවත්, එය රටක් ලෙස බේද ඇතිකරගත යුතු තත්වයක් නොවන බවත් ඔහු පැවසුවා.


ගැහැනියක් සහ පිරිමියෙක් ලෝකය දකින ආකාරයත් දේශපාලනයේ නිරත වන ආකාරයත් එකිනෙකට වෙනස් කාරණයක් වන අතර එය ජිව විද්‍යාත්මකව සහ සංස්කෘතික කාරණා මත පදනම් වන බවයි ඔහු පවසා සිටියේ.

sdsdfr
එමෙන්ම සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් ලෝකය දකින ආකාරය වෙනම කලාවක් බව පැවසූ ඔහු කියා සිටින්නේ ලංකාවේ දේශපාලනය කරන පිරිමින් පිරිමි මානසිකත්වය මත පදනම්ව ක්‍රියා කරන බවයි. එහි කිසිඳු පදනමක් තමා නොදකින බවයි සිනමාවේදී චින්තන ධර්මදාස පැවසුවේ. ඒ අනුව රටකට වෙනස් ආකාරයේ  sexual ledership එකක් අලුත් කලාපයක් විවර කරන බව ඔහු පැහැදිලි කළා .


සමලිංගිකතත්වය යනු පිරිමිකමට සාපේක්ෂව පහත් සහ දුර්වල දෙයක් නොව එය උසස් පරිකල්පනයක් සහිත වෙනස් අදහස් සහිත ජීවයක් බවයි ඔහු එහිදී  පෙන්වා දුන්නේ.

අමාත්‍ය මංගල සමරවිර සමලිංගිකත්වය පිළිගත් ප්‍රථම දේශපාලනඥයා වන බවයි ඔහු පැවසුවේ. දේශපාලනයට ලිංගිකත්වය අදාල නොවන බවත් දේශපාලනයට අවශ්‍ය වෙනම දේශපාලන යෝජනාවලියක් බවත් ලංකාවේ දේශපාලනය තුල ලිංගික ආධිපත්‍ය පවතින බවත් ඔහු මෙම සාකච්ජාවේදී පැහැදිලි කළා. 

 

 

 

 

Leader Whats app

 
 

 

ඒ සීයට දුන්නට මේ සීයා ගේමක ! | මොණරවිලගේ ලියමන

 

 

 

ආර්ලාගේ ජාන විකෘතියෙන් ප‍්‍රමිති ගරටළුවක් !| මොණරවිලගේ ලියමන 
 
 
 
බැසිල් ගියේ ජනපතිටත් නොකියා!! | The Leader TV | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්