ශ්‍රී ලංකාව පත්ව ඇති දැවැන්ත මූල්‍ය අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාර්ශවික සමුළුවක් කැඳවන බවට රජයේ පාර්ශවයෙන් කර ඇති යෝජනාව

සම්බන්ධයෙන් විපක්ෂයෙන් සැක සංකා සහිත මිශ්‍ර ප්‍රතිචාර පලවෙමින් තිබේ.

යහපත් අරමුණකින් එවැනි සමුළුවක් කැඳවන්නේ නම් ඊට සහභාගී වන බව 'නෙත් නිවුස්' කළ විමසීමකදී සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ පැවසුවේ රට පක්ව ඇති අර්බුදය සම්බන්ධයෙන් ජාතික වශයෙන් පුළුල් සංවාදයක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් සර්ව පාර්ශවික සමුළුවක් කැඳවනු ඇති බවයි.

image 7a78ce0c04



සර්ව පාර්ශවික සමුළුවක් කැඳවුවහොත් ඊට සහභාගී වනවාද ? මේ, 'නෙත් නිවුස්' කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක.

z p01 Tiss



ඒ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' ජාතික ජනබලවේගයෙන් ද විමසීමක් කර තිබිණ. ඊට ප්‍රතිචාර දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර ඇත්තේ, මේ දක්වා එවැනි නිළ ආරාධනයක් ලැබී නොමැති බවයි.

unnamed 4


ශ්‍රී ලංකාව පත්ව ඇති දැවැන්ත මූල්‍ය අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාර්ශවික සමුළුවක් කැඳවන බවට රජයේ පාර්ශවයෙන් යෝජනා වන්නේ විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ ජාත්‍යන්තර 'ෆිච් රේටින්ග්' ආයතනය අනතුරු ඇඟවීමක්ද කර ඇති පසුබිමකය.

එම ආයතනය ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම ඉකුත් දා පහත දැමීමටයි කටයුතු කළේය.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ සය මාසික පෙර දැක්මෙහි දක්වා ඇති පරිදි විදේශ විනිමය ගලා ඒම් පිළිබඳ දැනුවත් කර ඇතත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් දිගින් දිගටම ගන්නා නොසැලකිලිමත් ක්‍රියාමාර්ග සාධාරණ නොවන බවයි.

මේ අතර රටේ ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් විදෙස් සංචාරවල නිරතවීම සම්බන්ධයෙන් ද ඉකුත්දා විවිධ වාර්තා පළ විය.  ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු පමණ විදේශ ගතවූ බවට නිල නොවන වාර්තා අනාවරණ කරයි.

රට තුළ ඩොලර් හිඟයක් ඇතැයි දැඩිව ප්‍රකාශ කරන සමයක මෙලෙස මැති ඇමතිවරුන් රටේ ඩොලර් වියදම් කරමින් පෞද්ගලික සංචාරවල නිරතවීම කෙතරම් සදාචාරාත්මක දැයි බොහෝ පාර්ශව නගන ප්‍රශ්නයකි.



Leader Whats app

 
 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 

 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
ස' වැටිච්ච අමාරුවක්! දිලිත් ද? පීබී ද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්