නැගෙනහිර පළාතේ තිබූ හින්දු දේව ප්‍රතිමාවකට කිසියම් පිරිසක් හානි සිදු කරද්දී, යාපනයේ කෝවිලක ස්ථාපිත කර තිබු තවත් ප්‍රතිමාවක් අතුරුදහන්ව

තිබේ.

හින්දු බැතිමතුන් දෙසැම්බර් 20 වැනි සඳුදා කන්කසන්තුරේ පොලීසියට පැමිණිලි කර ඇත්තේ කන්කසන්තුරේ කුමාර කෝවිලේ තිබු ගණ දෙවි පිළිමය දෙසැම්බර් 9 වැනි දින රාත්‍රියේ සිට අස්ථානගත වී ඇති බවයි.

යුද සමයේදී අධි ආරක්ෂිත කලාපයකට මෙම කෝවිල් භුමිය යටත් කොට තිබු සමයේ ඒ ඉදිරිපිටම බෞද්ධ විහාරස්ථානයක්ද ඉදි කර තිබෙන බව පළාත් බද මාධ්‍යවේදීහු පවසති.

යුද්ධය නිමා විමෙන් පසුව කෝවිල් භුමිය බැතිමතුන්ට වන්දනා මාන කිරීම සදහා නිදහස් කර තිබේ.


නැගෙනහිර ගණදෙවි පිළිමයකට ප්‍රහාරයක්

ganesh

නැගෙනහිර පළාතේ ප්‍රධාන මාර්ගයක හිඳුවා තිබූ හින්දු දේව ප්‍රතිමාවකට නාදුනන පිරිසක් විසින් පසුගියදා හානි සිදු කර තිබුනි.

පොතුවිල් -කල්මුනේ ප්‍රධාන මාර්ගයේ සංගමන්කන්ඩි හි ඉකුත් 11 වැනිදා හොර රහසේ රැගෙන ආ බෞද්ධ ප්‍රතිමාවක්‌ පිහිටුවීමට එරෙහිව ප්‍රදේශවාසී දෙමළ -මුස්ලිම් ජනයාගේ විරෝධය හමුවේ ඉවත් කර ගැනීමට සිදු වීමෙන් අනතුරුව මෙම පිළිම විනාශය සිදුවී තිබේ.

මෙසේ අලාභානි කොට තිබුනේ  පොතුවිල් -තිරුක්කෝවිල් ප්‍රධාන මාර්ගයේ කන්ජිකුඩිච්චි ආරු මංසන්ධියේ පිහිටුවා තිබු ගණ දෙවි පිලිරුවකටය.

ඉකුත් 17 දා රාත්‍රියේදී මෙම ගණ දෙවි පිළිරුවට හානි කර ඇති පිරිස් සොයා ගැනීමට විමර්ශන කටයුතු අරඹා ඇතැයි තිරුක්කෝවිල් පොලිසිය පවසයි.


සබැඳි පුවත් :


නැගෙනහිර ගණදෙවි පිළිමයකට ප්‍රහාරයක්

Leader Whats app

 
 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 

 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
ස' වැටිච්ච අමාරුවක්! දිලිත් ද? පීබී ද?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්